Saturday, April 27, 2024

පුවත් කෙටියෙන්: පල්ලියේ බෝම්බය සැකයි; ඇමැතියකුට පොලීසියෙන් 81ක්; එතනෝල් ව්‍යාපාරිකයාට ප්‍රභූ පර්යන්තය; ලිත්රෝ රාජපක්ෂ ගැටුම; විනෝද වූ තරුණියන් ලිංගික රෝග පරීක්ෂාවකට!

බොරුල්ල දේවස්ථානයේ බෝම්බ ගැන පොලීසියේ කතාව පිළිගන්න බැහැ – කාදිනල්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ ජීව අත්බෝම්බයක් අටවා තිබීම සම්බන්ධයෙන් පොලිසිය සත්‍යය සොයනවාට වඩා කතන්දර ගෙතීමක යෙදී සිටින බවට ගරු අගරදගුරු මැල්කම් රංජිත් කාඩිනල් හිමිපානන් චෝදනා කරති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී උදෑසන කාලය මගහැර සවස 3න් පසු දර්ශන පමණක් විමර්ශන සඳහා යොදා ගැනීම තුළින් පරීක්ෂණ නොමග යැවීමට උත්සාහ කරන්නේ දැයි බරපතල සැකයක් මතුවන බව ඊයේ (13) පැවත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ. උන් වහන්සේ එහිදී අවධාරණය කළ කරුණු කීපයක් මෙසේය.

“කළු පැහැයට හුරු කලිසමක් ඇඳගෙන නොණ්ඩි ගහගෙන වගේ ඇවිත් ඒ පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වෙනවා. වටපිට බලමින් අන්තිම බංකු පේළිය ආසන්නයෙන් පිළිම වහන්සේ අසලින් අසුන් ගන්නවා. කතෝලිකයකු දේවස්ථානයකට ඇතුළු වුණාම සලකුණු කරන කුරුස ලකුණ සලකුණු කළත් එය කරන්නේ වැරැදියට කියලා අපි දැක්කා. යාඥා කරන්නේ නැතිව මුල්ලට වෙලා සාක්කුවෙන් යම් දෙයක් එළියට ගන්නවා. බිමට නැමිලා මොනවද කරනවා වගේ පේනවා. ඒ වෙලේ එතැනින් පල්ලියේ සේවය කරන අයකු ගමන් ගන්නවා. ඒක දැකල මේ පුද්ගලයා කලබලා වෙලා ඇවිදගෙන යනවා ඉක්මනට. නොණ්ඩි ගහගෙන වගේ ආවට ඔහු කලබලයෙන් දේවස්ථානයෙන් පිටවෙන්නේ හොඳට ඇවිදගෙන”

(ලංකා ට්රුත්)

අදාළ වීඩියෝව

ඇමැතිවරයෙකුට පොලිස් නිලධාරීන් 81ක ආරක්ෂාව

රජයේ එක්තරා ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයකු සිය විශේෂ වරප‍්‍රසාද භාවිත කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 74 දෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු ආරක්ෂාව සඳහා යොදවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කැබිනට් අමාත්‍යවරයකුගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 7 දෙනකු පමණක් අනුයුක්ත කර ඇති නමුත් මෙම අමාත්‍යවරයා එම නීති උල්ලංඝනය කරමින් සිය ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු යොදාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන නමුත් කිසිදු කැබිනට් ඇමැතිවරයකුට ආරක්ෂාව ලබාදීම සඳහා අනුයුක්ත කර නොමැත.

එසේ තිබියදී මෙම කැබිනට් ඇමැතිවරයා සිය විශේෂ වරප‍්‍රසාද පාවිච්චි කරමින් මේ ආකාරයට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තම ආරක්ෂාවට යොදවා ගැනීම බරපතළ ගැටලූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදාගෙන සිටින නිලධාරීන් පසුගිය කාලයේ සිය රාජකාරියට පරිබාහිරව නීති විරෝධී කි‍්‍රයාවල නිරතවීම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබිණි.

හේමන්ත රන්දුණු/ දිවයින

මත් දුව්‍ය ජාවාරම් සැකකරුට ඇමැති ආරක්ෂාවෙන් කටුනායක ප්‍රභූ පර්යන්තය

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කර සිටි ප්‍රධාන පෙළේ එතනෝල් ව්‍යාපාරිකයකු රාජ්‍ය ඇමැතිවරයකුගේ මැදිහත් වීමෙන් කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර පසුව ඇප ලැබීමේ පුවතක් අනාවරණය වේ.

මෙම එතනෝල් ව්‍යාපාරිකයා ඩුබායි සිට මෙරටට පැමිණ ඇත්තේ ඩුබායි සංචාරයකට සහභාගි වූ තවත් දේශපාලනඥයකු සමග බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

ඊ.කේ. 652 දරන එමිරේටස් ගුවන් යානයෙන් ඉකුත් 10 වැනිදා අලුයම 12.45ට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත. එහි දී ඔහු ප්‍රභූ පර්යන්තය ඔස්සේ රැගෙන යාමට රාජ්‍ය ඇමැතිවරයකු පැමිණ සිට ඇත.

ජයලත් ක්‍රිෂාන් පීරිස් නමැති මෙම එතනෝල් ව්‍යාපාරිකයාට එරෙහිව විවෘත වරෙන්තුවක් අධිකරණයෙන් නිකුත් කර තිබූ නිසා ගුවන් තොටුපොළේ දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

විස්කි බෝතල්වලට වර්ණ ගැන්වූ වතුර කලවම් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුට නිකුත් කළ විවෘත වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව කළ විමසුමක දී පැවසීය.

ග්ලෝබල් ට්‍රාන්ස්පෝටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම පවත්වාගෙන යන ග්ලෝබල් පාක් ගුදමක තිබූ විසික් බෝතල් ඉවත් කර ඊට වර්ණ ගැන් වූ වතුර බෝතල් ආදේශ කළ චෝදනාවකට 2020 සැප්තැම්බරයේ දී එම ගබඩාවටද මුද්‍රා තැබීය.

දූෂිත රේගු නිලධාරීන්ගේද සහාය ඇතිව කළ බව කියන මෙම වංචාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් 2020 අගෝස්තු 14 වැනිදා ග්ලෝබල් පාර්ක් ගුදමෙන් විස්කි පිටමං කළ බවට අනාවරණය වී ඇත.

මෙම විස්කි ජාවාරම සිදු වූ ගුදම පසුගිය යහපාලන රජය සමයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ප්‍රබල ඇමැතිවරයකුට අයත් එකකි.

මෙම විස්කි තොග ප්‍රති අපනයනය සඳහා මෙරටට රැගෙන ඒමේ ව්‍යාපාරයට සම්බන්ධ වූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු විදෙස්ගතවීම නිසා ඔහුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව වසරකට වැඩි කාලයක් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ව්‍යාපාරිකයා දේශපාලනඥයන්ගේ සහාය මැද ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙසේ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා පැය දහයක් තිස්සේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (09 වැනිදා) දිනයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා ඇත. එහි දී ඔහුට ඇප ලැබී තිබේ.

කෙසේ වෙතත් සැකකරුට ඇප ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

– අරුණ

ලිත්‍රෝ සමගමේ රාජපක්ෂ ගැටුම

ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම අහෝසි කර නැවතත් එම ධුරයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පළ කරයි.

සභාපතිවරයා පසුගිය කාලය පුරාම ලිත්‍රො ගෑස් සමාගම ලංකාව අසමත් කළ බවත් එහි දේශපාලන බර කාඅන් ටවත් නොව පොදු ජන පෙරමුණට බවත් හෙතෙම සඳහන් කරයි.

ජනාධිපතිවරයා පවා එම ධුරයට පත් කරන ලද්දේ පොදුජන පෙරමුණ බවද ඔහු සිහිපත් කර ඇත.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

කෙෂාර ජයසිංහ මහතා ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර එම ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කරන ලෙස දන්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ඊයේ පෙරවරුවේ ලිපියක් යවා තිබිනි.

මුත් ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම අවලංගු කර තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් නැවත පිහිටුවන ලෙස නියෝග කර තිබින.

(සී නිව්ස්)

නර්තනයක යෙදුණූ ස්ත්‍රීන්ගේ ලිංගික රෝග පරීක්ෂා කරන ලෙස උසාවිය නියෝග කරයි

“කඩවත සමාජ ශාලාවකින් කතුන් 33 ක් අත්අඩංගුවට, වටලද්දී සිටියේ සූර්පිට නටමින්” යන සිරස්තලය යටතේ මව්බිම පුවත්පතේ ජනවාරි 12, 2022 පුවත් වාර්තාවක් පළවී තිබිණි.

එම කාන්තාවන් ඇනට්ජන් පරීක්ෂාවකට මෙන්ම සමාජ රෝග පරීක්ෂාවකට ලක් කරන ලෙස අධිකරණය නියෝග නර ඇතියි මව්බිම වාර්තා කරයි. අධිකරණයක් කවරකුගේ හෝ ලිංගික රෝග පරීක්ෂා කරන්නේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිළි නැත.

මෙ එතික්ස් අයි නම් අඩවිය විසින් පළ කරන ලද වාර්තාවක් පහත පළවේ.

“කඩවත සමාජ ශාලාවකින් කතුන් 33 ක් අත්අඩංගුවට, වටලද්දී සිටියේ සූර්පිට නටමින්” යන සිරස්තලය යටතේ මව්බිම පුවත්පතේ ජනවාරි 12, 2022 පුවත් වාර්තාවක් පළවී තිබිණි.

ලද තොරතුරකට අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම කළ බවත්, සෞඛ්ය නිරෝධායන නීති කඩ කරමින් සමාජ ශාලාවේ සිටි මෙම කාන්තාවන් තිස්තුන් දෙනා අත්අඩංගුවට ගත් බවත් පුවත් අන්තර්ගතයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි. මීට අමතරව, “[මෙම කාන්තාවන්ගෙන්] බහුතරයක් විවාහයෙන් වෙන්ව සිටින” බවද පුවත් අන්තර්ගතයේ සඳහන්ව තිබිණි.
ඔබ සිතනා ආකාරයට,
1) මෙම පුද්ගලයින් 33 අත්අඩංගුවට ගැනීමට හේතුව වන්නේ සෞඛ්ය නිරෝධායන නීති කඩ කිරීම යැයි, පුවතේ සඳහන් කරුණු ඔස්සේ අනුමාන කළ හැක. එසේ නම්, ඔවුන් “බහුතරයක් විවාහයෙන් වෙන්ව සිටින” බවත්, “වටලද්දී සූර්පිට නටමින්” සිටි බවත් මෙම පුවතට අදාළ වන්නේ කෙසේද?
2) ඔබ සිතන ආකාරයට, ඉහත කරුණු පුවතට අදාළ නොවන්නේ නම්, මෙම පිරිස මත්පැන් පානය කිරීම, සමාජ ශාලාවක නර්තනයෙහි යෙදීම සහ ඔවුන් විවාහයෙන් වෙන්ව සිටින බව පුවතෙහි සඳහන් කර ඇත්තේ, එම කරුණු “කාන්තාවන්” විෂයෙහි වැරැදි යයි පෙන්වීමටද?
3) එයද එසේ නම්, ඔබ සිතනා ලෙසට, මෙම පුවත් වාර්තාව ස්ත්රී පුරුෂ භාවය පදනම් කරගනිමින් කාන්තාවන්ව කොන් කිරීමක් සහ ඒ නයින් මාධ්ය ආචාර ධර්ම උල්ලංඝනයක් සිදු කරන්නේ නොවේද?
මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

Archive

Latest news

Related news