කලාකරු සහ යූ ටියුබ් සමාජ මාධ්‍යකරු සුදත්ත තිලකසිරිත් සීඅයිඩියට කැඳවයි!

967

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා කරදුන් එනමුත් ඔහුගේ අසමත් දේශපාලනය ගැන විවේචනාත්මක යූ ටියුබ් චැනලයක් පවත්වා ගෙන යන  සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාාරිකයෙකු සහ ජනප්‍රිය කලා කරුවෙකු වන සුදන්ත තිලකසිරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අලුත්ම ගොදුර බවට පත්ව තිබේ. එහි සමාජ මාධ්‍ය ජාලා ඒකකය විසින් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද කැඳවා තිබේ.

එම කැදවීම කර ඇත්තේ ඉහත දක්වා ඇති පරිදි කිසිදු නිල ලිපි ශිර්ෂයක් නැති ලිපියක් මගිනි.

තමා අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි පවසන සුදත්ත එනමුත් 2024 දී ගෝඨාභය පලවා හැරීමට තමා දිගටම ත්‍රියා කරන බව පවසයි.

ඊයේ එම කැඳවීම කර ඇති අතර අද දින (13) උදේ 9.00ට පෙනී සිටින ලෙස නියෝග කර තිබේ. නමුත් තමා රඟපෑමේ කටයුතුවල නිරතව සිටින බැවින්  ඔහු ලබන 15 වෙනි දින දක්වා ඉල්වලා තිබේ.  මේ සම්බන්ධයෙන්  සුදන්ත තිලකසිරි  නිකුත් කර ඇති වීඩියෝ පටය පහත දැක්වේ.