Thursday, April 25, 2024

කතිරයට බියෙන් පළාත් පාලන ඡන්දය වසරකින් කල් දායි!

මෙම වසරෙහි මාර්තු මාසයෙහි පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණ වසරකින් කල් දැමීමට රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මාසය දක්වා කල් දමමින් විශය බාර ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ.

පළාක් පාලන මැතිවරණය වසරකට පෙර හෝ වසරකට පසු පැවැත්වීමට තීරණය කිරීමට පළාත් පාලන මැතිවරණ පනත ඇමැතිවරයාට බලය පවරා තිබේ.

අප්‍රසාදයට පක් වෙමින් සිටි යහපාලන ආණ්ඩුවද මෙම නීතිය උපයෝගී කර ගනිමින් පළාත් පාලන මැතිවරණ කල් දමන ලදී.

දැන් රාජපක්ෂවරුන් විසින් කරමින් සිටින්නේ ද එයමය.

ගැසට් නිවේදනයේ මෙසේ සදහන් වේ.

255 වන අධිකාරය වූ) නගර සභා ආඥාපනතේ 10 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ජනක බණ්ඩාර තෙන්නකෝන් වන මම, මෙම නියමයෙන් පහත උපලේඛනයේ දැක්වෙන එක් එක් නගර සභාවේ සභිකයින්ගේ ධූර කාලය අවසන් වන දිනය 2023 මාර්තු මස 19 වැනි දින දක්වා දීර්ඝ කරමි.
ජනක බණ්ඩාර තෙන්නකෝන්,
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

ගැසට් නිවේදනය මෙහි කියවිය හැක:Extention- LG-2022

Archive

Latest news

Related news