Saturday, May 11, 2024

සීඅයිඩීයේ අපරාධ චෝදනා පරීක්ෂණ දෙකක් පවතින දේශබන්දු තෙන්නකෝන් එහිම ප්‍රධානියා බවට පත් කෙරේ – පෝද්දල ජයන්ත

දේශබන්දු තෙන්නකෝන් යනු මේ ලියුම්කරු පැහැර ගැනීමේ , අමානුෂික වධ හිංසා පැමිණවීමේ සාක්ෂි වසන් කිරීමේ වරදට චෝදනා ලැබූවෙකි.
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස පත්කර තිබේ. මේ පත්කිරීම කරන්නේ, එතෙක් නිම නොවූ අපරාධ චෝදනා දෙකක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔහුට එරෙහිව වීමර්ශන දෙකක් තිබිය දීය.

පළමු චෝදනාව : මා පැහැර ගැනීම සම්බන්ධව

වර්ෂ 2009 ජුනි 01 දා මේ ලියුම්කරුකරු නාදුනන පිරිසක් විසින් සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගොස් අමානුෂික වධ හිංසා පැමිණ වීමේ සිද්ධියට අදාළව පැවති සාක්ෂි අධිකරණයට ඉදිරිපත් නොකොට වසන් කිරීමේ චෝදනාවයි.
නුගේගොඩ ඇඹුල්දෙණිය මංසන්ධියට ආසන්නයේ දී මා පැහැර ගැනීම සිදුවන විට එය එය ඇසින් දුටුවකුගෙන් ලත් තොරතුරු මත අදාළ පැහැර ගැනීම මාගේ නිවසටත් , පොලිස්පතිවරයා ඇතුළු මාධ්ය සංගම් , ආයතන සියල්ලටම වහා දැනුම් දුන් ලංකා ඊ නිව්ස් කර්තෘ සදරැවන් සේනාධීර , ප්රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ යන දෙදෙනා ව්යාජ සැකයට භාජනය කරමින් අත්අඩංගුවට ගනු ලැබී ය. එහෙත් ගංගොඩවිල මහේස්ත්රාත්වරයා ඊට පසුදිනම ඔවුන් දෙදෙනා මුදාහරිනු ලෙස නියෝග කර ඇත්තේ මිරිහාන පොලිසිය කරන ලද බොරුව වටහා ගෙන ය. අපරාධයක් වසන් කිරීමේ අරමුණින් අධිකරණය නොමග හැරීමට කළ මේ වරදද දණ්ඩ නීති සංග්රහයට අනුව බරපතල අපරාධ වරදකි.

මාගේ සාක්ෂිය නිවැරදිව ලබා නොගැනීම

පැහැර ගැනීමට සහ එක් පාදයක් වළළුකරින් කඩාදමා අමානුෂික වධ හිංසාවලට ලක්වීම හේතු කොටගෙන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්රතිකාර ලබන විට දෙවන දිනයේදී සිදුවීම පිළිබඳ කටඋත්තර ලබා ගැනීමට මිරිහාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පැමිණෙන විට ඔහු සමග දේශබන්දු තෙන්නකෝන් ද පැමිණ සිටියේ ය. එවකට ඔහු නුගේගොඩ පොලිස් බල ප්රදේශයේ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයතු කළේ ය. ඒ වනවිටත් අර්ධ සිහි බුද්ධියෙන් සිටි මාගෙන් කට උත්තර ලබා ගැනීම කල් තබන ලෙස මා අසළ සිටි මිතුරන් කිහිප දෙනකු විරුද්ධ වූ අතර , දේශබන්දු තෙන්නකෝන් ඔවුන්ට ගෝරනාඩු කළේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා බව කියමිනි.

මේ පැහැර ගැනීම ගැන ගෝඨාභය රාජපක්ෂ සැක කරන බවට මා කළ ප්රකාශයට විරුද්ධ වීම

මිරිහාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මාගෙන් කොළඹ ජාතික රෝහලේ දී කට උත්තර ලබා ගැනීමේදී පැහැර ගැනීම ගැන කිසිවකු සැක කරන්නේ ද ? යන්න විමසූ විට ඊට එවකට ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සැක කරන බවට මා කළ ප්රකාශය ( සිය කාර්යාලයට ගෙන්වා කළ ජීවිත තර්ජනය නිසා) ලියා නොගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ ය. කට උත්තර ලබා ගැනීමේදී මාගේ ප්රකාශය සටහන් කර නොගත් බවට ඊට පසුදින මානව හිමිකම් කොමිසමට ලිඛිතව දුනුම් දුන්නද, ඔවුන් එම පැමිණිල්ල පිළිබද කිසිවක් නොකළේ ය. එදා මානව හිමිකම් කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී මැතිවරණ කොමිසමේ සභාපති ලෙස පත් කළේ ය.

පැහැර ගැනීම සම්බන්ධයෙන් නිසි ලෙස සාක්ෂි ගොනු නොකිරීම නිසා අධිකරණය නඩුව ‘බහා’ තැබීම.

මා පැහැර ගැනීම සම්බන්ධයෙන් නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයේ පැවති නඩු විභාගයට අදාළ සාක්ෂි පොලීසිය විසින් ඉදිරිපත් නොකිරීම නිසා නඩුව ‘බහා’ තැබීමට මහේස්ත්රාත් අධිකරණය තීරණය කළේ ය. දින 28 ක් රෝහල් ගතව සිට තවත් මාස හයක පමණ කාලයක් ඇවිද ගත නොහැකිව සිටිද්දීත් නැවත නැවත ජීවිත තර්ජන එල්ල කිරීම නිසා ඒ වනවිටත් මම රටින් පිටව ගොස් තිබුණි.

වර්ෂ 2017 නැවත සී. අයි. ඩී යට පැමිණිලි කිරීම: දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව චෝදනා ගොනු වීම. දේශබන්දු සී. අයි. ඩී. ය මග හැරීම!

වර්ෂ 2017 ‘යහපාලන’ රජය සමයේ ලංකාවට පැමිණ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවතත් සී. අයි ඩී යට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර , එකී පැමිණිල්ලට අනුව එවකට එහි අධ්යක්ෂ ශානී අබේසේකරගේ මූලිකත්වෙයෙන් විමර්ශන ආරම්භ විය. එම විමර්ශනවලින් හෙළිදරව් වූ තොරතුරු අනුව එවකටත් ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්ට සී. අයි. ඩී. ය ඉදිරියේ පෙනී සිටින ලෙස වතාවන් තුනක් දැනුම් දුන්නද , ඔහු අඩුම තරමින් ප්රකාශයක් ලබා දීමට හෝ නොපැමිණ සී. අයි. ඩී. ය මග හරිමින් සිට ඇත.
දේශබන්දු තෙන්නකෝන් සී. අයි . ඩී . මගහැරීම පිළීබද අධිකරණයට වාර්තා කර තිබූ අතර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වී වහාම ක්රියාත්මකවන පරිදි ශානි අබේසේකරලා සී. අයි. ඩී. යෙන් ඉවත් කරන්නට යෙදුණි. ඉන් පසු මේ කියන විමර්ශනය සම්පූර්ණයෙන්ම නතර කර දැමී ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විසින් දේශබන්දු තෙන්නකෝන් කොළඹ දිසාව භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ධූරයට උසස් කරන ලදී. දණ්ඩ නීති සංග්රහයේ බරපතල අපරාධ වරදක සාක්ෂි වසන් කිරීමේ චෝදනා ලැබ සිටින සහ ඒ පිළිබද විමර්ශන අවසන් නොකළ ආයතනයේ ප්රධානියා ලෙස දේශබන්දු තෙන්නකෝන්ම පත් කිරීමෙන් පසු එකී විමර්ශනවලට සිදු වන්නේ කුමක්ද ?

චෝදනා 02 : පාස්කු දින ප්‍රහාරය දැන දැනම නොපැවත්වීම

තුන්සිය දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් පන්සිය දෙනකු පමණ සදාකාලික ආබාධිතයන් බවට පත්කරමින් දියත් වූ පාස්කුදින ප්රහාරය පිළිබදව එවකට මීගමුව ප්රාදේශය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් දැනුවත්ව සිට ඇත. පාස්කුදින ප්රහාරය ගැන කල් තියා දැන සිට , එහෙත් එය වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නැත. එවැනි ප්රහාරයක් ගැන කල්තියා දැන දැනත් හරියටම ප්රහාරය සිදුවන දිනයේම නැගෙනහිර පළාතේ ‘මාළු මාළු’ නමකි සුඛෝපභෝගී හෝටලයේ නිවාඩුවක් ගතකර තිබේ. ඊට මූල්ය අනුග්රහය දක්වා ඇත්තේ ‘ඇවන්ගාඩි’ අධිපති නිශ්ශංක සේනාධිපති විසිනි.

ජනාධිපති විමර්ශන කොමිසමෙන් ‘අපරාධ” චෝදනා එල්ල කිරීම:

පාස්කුදින ප්රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසසන් සභාව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට සහ ජ්යේෂ්ඨ පොලිස් අධිකාරීවරවකු එම මිලේච්ඡ ප්රහාරය ගැන දැන දැනත් එය වැළැක්වීමට ක්රියා නොකිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමට ක්රියා කරන ලෙස නිර්දේශ කර තිබේ.

අපරාධ නඩුවලින් බේරා ගන්නා ලෙස මහනායක හිමිවරුන් ගෙන් අයැදීම

ඉහත ජනාධිපති කොමිසම කර ඇති නිර්දේශ අනුව එවකට නීතිපති දප්පුල ලිව්වේරා විසින් නඩු පැවරනු ඇතැයි බියට පත්වූ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු චෝදනා ලත් උසස් පොලිස් නිලධාරීන් මල්වතු , අස්ගිරි මහනායක හිමිවරුන් මුණ ගැසුණි. එහිදී තමන්ලා හොද ‘සිංහල බෞද්ධ’ නිලධාරීන් යැයිද එහෙයින් කෙසේ හෝ මෙලෙස නඩු පැවරීම ඉවත්කර දෙන ලෙස ද උන්වහන්සේලා ගෙන් අයැද සිටියෝ ය.

පොලිස් ආඥා පනත , විනය නීති අමු අමුවේ උල්ලංඝනය කිරීම:

රාජකාරී නිල ඇඳුමින් සැරසී , රජයේ නිල වාහන ද අව භාවිත කරමින් පුද්ගලික ඇයැදීම් කිරීමට තමන් දරමින් සිටින ‘නිල’ නාමයන් ඒ සදහා අවභාවිත කිරීම පොලිස් ආඥා පනත සහ විනය නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ඊට අමතරව තමන්ට එරෙහිව ඇති චෝදනාවලට නඩු පැවරීම සිදු වුවහොත් , අධිකරණයට ගොස් සිය නිර්දෝශී භාවය ඔප්පු කරනු විනා , නඩු පැවරීම වළක්වා ගැනීමට යත්න දැරීම , අධිකරණය විසින් අනාගතයේදී තමන්ට එරෙහිව ලබා දෙනු ඇති දඩුවම් පිළිබද පූර්ව උපකල්පන ප්රසිද්ධ මාධ්යයට ඉදිරිපත් කිරිම අධිකරණයට ‘අපහාස’ කිරීමකි.
නීතිය ක්රියාවේ යොදවන වැඩි දෙනෙක් පොලිස්පතිවරයාට පමණක් දෙවෙනි නිලධාරීන් ලෙස එසේ ක්රියා කිරීම පොලිස් ආඥා පනත සහ විනය නීති සංග්රහය අමු අමුවේම උල්ලංඝනය කිරීමකි. අනිත් කාරණය නම් , විවිධ ජාතීන් සහ ආගමිකයන් වෙසෙන රටක් ඔවුන්ට එක හා සමානව සිය රාජකාරි ඉටුකළ යුතු , එකී සියලුම ජාතීන්ගේ , ආගමිකයන්ගේ බදු මුදලින් වැටුප් වරප්රසාද ලබන ‘රාජ්ය නිවේදිත’ නිලධාරීන් තමන්ලා ‘සිංහල , බෞද්ධ’ නිසා නීතිය ක්රියාවේ නොයදන ලෙස ඉල්ලා සිටීම , ඔවුන්ගේ ‘නීතිය’ ක්රියාවේ යොදවීම පිළිබද බරපතල ගැටලු ඇති කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුව දේශබන්දු තෙන්නකෝන්ට භාර දෙන්නේ පෙර කී සියලු අපරාධ විමර්ශන පමණක් නොව , තමන්ට ද සෘජුවම ඇගිල්ල දිගුකර ඇති ලසන්ත වික්රමතුංග ඝාතනය , ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම , වසීම් තාජුඩීන් ඝාතනය , වැලිකඩ රැඳවියන් 27 දෙනකු ඝාතනය ඇතළු සහාසික අපරාධ රැසක විමර්ශනවල සාක්ෂි ගොනු ‘ඇලීයාවට’ යවපිය යන උපදේශයත් සහිතව දැයි විමසා සිටිමි.

Archive

Latest news

Related news