මෙරට සිරකරු අයිතීන් උදෙසා ක්‍රියාත්මක වන ප්‍රධානතම සංවිධානය වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පසුගිය 08දා මහනුවර පැවැති උත්සවයකදී මානව හිමිකම් ත්යගයකින් පිදුම් ලැබීය.
මෙම පිදුම සිදු කරන ලද්දේ මහනුවර මානව හිමිකම් කාර්යාලය (HROK) විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සඳහා පවැත් වූ ඔවුන්ගේ වාර්ෂික උත්සවයේ දීය
එම ඇගයීමේ සංකේතය පිළිගැනීම සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති නීතිඥ සේනක පෙරේරා සහ ලේකම් සුදේශ් නන්දිමාල් ඇතුලු පිරිසක් පැමිණ සිටියහ.
මෙවර උත්සවයේ තේමාව වූයේ “සිරකරුවන්ගේ ගෞරවය සහ මානුෂීය තත්වයන් සඳහා ඇති අයිතිවාසිකම් සහතික කිරීම” යන්නයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අගැයීමට ලක්වූයේ ඒ උදෙසා කරන ලද කාර්ය භාරය වෙනුවෙනි.
2021 දෙසැම්බර් 10වන දින පැවැත්වීමට නියමිතව තිබූ එම උත්සවය පොලිසියේ ඉල්ලීමක් උඩ අධිකරණය විසින් තහනම් කරන ලදී.
තහනම් කරන ලද උත්සවය පසුගිය 08වන දින පවත්වන ලද අවස්ථාවෙහි දී මහනුවර මානව හිමිකම් කාර්යාලය “ත්රස්තවාදීන්ට අනුකම්පා කරන”බව කියමින් සුලු පිරිසක් එම උත්සවය පැවැති ශාලාව ඉදිරිපිට විරෝධතාවයක යෙදුණි.
පොලිසිය විසින් අධිකරණ නියෝගයක් මගින් දෙසැම්බර් 10දා උත්සවය තහනම් කරන ලද්දේ ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය යන චෝදනාව ඉදිරිපත් කරමිනි.
පොලිසියේ චෝදනාවම රැගත් මෙම විරෝධතාකරුවන් සුලු පිරිස පොලිසියේම කාර්යක් විය හැකි යැයි සැකයක් මතුව තිබේ.
“සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන පුද්ගලයින් ගැන විමර්ශනය කරන” අවස්ථාවක, මහනුවර මානව හිමිකම් කාර්යාලය (HROK)විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ වැදගත්කම නීතිඥ සේන පෙරේරා අවධාරණය කළේය.
“අපි මෙම ව්‍යාපාරය ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි. වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයේ ඇති සුප්‍රසිද්ධ කියමනක් වන ‘සිරකරුවෝ මනුෂ්‍යයෝය’ – යථාර්ථයක් බවට පත් කිරීමට දිනපතා වැඩ කරන පිරිස් දැකීම සතුටට කරුණක්” යැයි ක්ෂමා ජාත්‍යන්තරයේ දකුණූ ආසියානු නියෝජ්‍ය අධ්යෂකවරිය වන දිනුෂිකා දිසානායක සිය අදහස් දැක්වීමේදී පැවසීය.
මහනුවර මානව හිමිකම් කාර්යාලය නිර්මාතෘ සහ අධ්යක්ෂ නන්දන මනතුංග පියතුමා විසින් උත්සවය මෙහෙයවන ලදී.