Wednesday, April 24, 2024

මා විශ්‍රාම යන තුරු මහමොළකරු සොයා ගන්න බැරි වුණා; සොයා නොගත්තොත් තව අනතුරු වෙන්න පුලුවන්! – ඩීඅයිජී රවි සෙනවිරත්න

පාස්කු ඉරිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් වටයකින් තොරතුරු සෙවීම පිනිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පෙරේදා (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කැඳවන ලදී. පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූයේ මන්දැයි ඔහුගෙන් ප්‍රශ්ණ කර තිබේ.

ඔහුගෙන්   පැය 05ක  ප්‍රකාශක් ලබාගත් බව වාර්තා වේ.

මීළඟට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ වූ හිටපු  ජ්‍යෙෂ්ඨ පොලිස්පති ශානි අබේසේකර ද ඊට පසුදා එනම් 22දා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට (SIU – Special Investigation Unit)  වෙත කැඳවා තිබේ. ඔහුගෙන්ද පැය ගණනාවක් පුරා ප්‍රශ්න කර ඇත්තේ පාස්කු ප්‍රහාරය වැළැක්වීමට බැරි වූයේ ඇයිද යන්නයි.

රවි සෙනෙවිරත්න  මෙයට පෙරද ප්‍රකාශ කර තිබූ පරිදි තමා විශ්‍රාම යන තුරුම පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරු සොයා ගැනීමට බැරි වූ බවත් දැන් කළ යුත්තේ තමා නතර කළ තැන සිට පරීක්ෂණ ඉදිරියට ගෙන යාම බවත් පවසා තිබේ.

වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුවූයේ ද යන්න සම්බන්ධයෙන් රවි සෙනවිරත්න කියා ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ වාර්තාවන්ට ඉහළින් යෑමට තමන්ට හැකියාවක් නොතිබුණ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් වාර්තා ගණනාවක්ම සපයමින් එම ප්‍රහාරය එල්ටීටීඊයට සම්බන්ධ පිරිස් විසින් කරන ලද බව කියා සිටි බවත්ය.

රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර යන දෙදෙනාම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් අසත්‍ය වාර්තා නොසැපූයේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වව්නතිව් හි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය පිළිබඳ සත්‍ය සොයා  තවදුරටත් පරීක්ෂන පැවැත්වීමට ඉඩ තිබුණූ බවයි.

තමා  යටතේ තිබූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහරාන් කණ්ඩායම සහ බුද්ධී අංශ සාමාජිකයින් අතර තිබූ සම්බන්ධතා ගැන  ආරම්භ කළ පරීක්ෂණ ඉදිරිියට ගෙන යා යුතු බව ඔහු කියා සිටියේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පරික්ෂණයන්හි දී අනාවරණය වූ සොනික් සොනික් නම් අන්වර්ථ නාමයෙන් පෙනී සිටි උප පොලිස් පරීක්ෂකවරයකු පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් සඳහන් කර තිබේ. ඔහුට අනුව එම උප පොලිස් පරීක්ෂක වරයා බණ්ඩාර නම් අයෙකි. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ කාරණා හෙළි නොකිරීමට ඇති අයිතිය පාවිච්චි කරමින් සොනික් සොනික්ගෙන් දෙවන වරට  ප්‍රශ්ණ කිරීමට ඉඩ නොදුන් බව ශානි අබේසේකර විසින් පවසා තිබේ. සොනික් සොනික් විසින් ප්‍රකාශ කර ඇත්තේ පොලිස්පතිවරයාගේ අනුමැතියකින් තොරව තමා යෙදී සිටි කාර්‍යයන් ගැන තොරතුරු හෙළි කළ නොහැකි බවයි.

තවද තමා විසින් මෙහයවන ලද පොලිස් කණ්ඩායම වනාතවිල්ලුවෙහි සහරාන් කණ්ඩායමේ කඳවුර සොයා නොගත්තේ නම් සිදු කළ විනාශය මීට වඩා බොහෝ විශාල විය හැකි බව ශානි අබේසේකර ප්‍රකාශ කල බව වාර්තා වේ. ඔහු සඳහන් කර  ඇත්තේ එහිදී අල්ලා ගන්නා ලද භයානක පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය සහරාන් සතු වී නම් සිතිය නොහැකි තරමේ විනාශයක් සිදුවීමට පවා ඉඩ තිබූ බවයි.

එමෙන්ම බෝම්බ පිපිරීමෙන් පසු සොයා ගත් සිමිකාඩ් පතක් විදේශ ඔත්තු සේවා මගින්  විමර්ෂණය කොට ලබා දුන් අංකයක් අනුව අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික සොල්දාදුවකු පිළිබඳ පරීක්ෂණය යුද හමුදා බුද්ධි අංශ විසින් වැළැක් වූ බවද සමාජ මාධ්‍ය අනාවරණය කර තිබේ.

දෙහිවල නවාතැනකදී සිය බොම්බ මල්ල පුපුරුවා ගෙන මිය ගිය ජමිල් සහ බුද්ධි අංශ අතර සම්බන්ධයක් තිබුණේ ද යන්න සැක හැර දැන ගත යුතු බවත් පොඩි සහරාන්ට දුර කතන ඇමතුමක් දී පාස්කු ඉරිදා ප්‍රහාරය අයි සිස් කණ්ඩායම පිළිගෙන නැත්තේ ඇයි දැයි විමසූ පුද්ගලයා ගැන තවදුරටත් පරික්ෂණ මෙහෙය විය යුතු බවත් රවි සෙනවිරත්න කියා සිට තිබේ.

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් දැනට අධිකරණය හමුවේහි විභාග වන හිටපු ආරක්ෂක ලේකස් හේමසිරි ප්‍රනාන්දුට විරුද්ධ නඩුවෙහි විත්තියේ සාක්ෂිකරුවකු ලෙස රවි සෙනවිරත්න නම් කර ඇතැයි ද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් ශානි අබේසේකර පිළිබඳවද රවි සෙනවිරත්නගෙන්  ප්‍රශ්න කරන ලදැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Archive

Latest news

Related news