Thursday, March 28, 2024

ඇමැති රත්වත්තේගේ සිරකරු මරණ තර්ජනය: පියවර නොගැනීම ගැන පොලිස්පතිට නඩු!

මෙයට මාස තුනකට පෙර එනම් 2019 සැප්තැම්බර් 12වන දින බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට වැදී දෙමළ සිරකරුවන් පේලි ගස්වා ඉන් එක් අයකුගේ හිසට පිස්තෝලය තබා මරණ බවට තර්ජනය කළ බන්ධනාගාර පුනරුත්ථාපන ඇමති ලොහාන් රත්වත්තේට විරුද්ධව පියවර නොගැනීම ගැන පොලිස්පතිට නඩු පවරන බව දක්වමින් නීතිඥ ප්‍රබෝධ රත්නායක විසින් එන්තරවාසියක් යවා තිබේ.

එම එන්තර වාසියෙහි සඳහන් වන්නේ සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවෙහි සභාපති නීතිඥ සේනක පෙරේරා සහ ලේකම් සුදේශ් නන්දිමාල් යන අයගේ උපදෙස් මත එම එන්තරවාසියක එවන බවයි. ඔවුන් විසින් මෙයට තෙමසකට පෙර ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලට පියවරක් නොගැනීම මෙම නඩු නිමිත්ත ලෙස එහි දක්වයි.

බන්ධනාගාරය තුලට ගොස් කරන ලද මෙම මරණ තර්ජනය දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන වල අවධානයට යොමු වූ අතර ඉන් පසු අධිකරණ ඇමැතිවරයා විසින්රා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට  විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියක වන කුසලා සරෝජිනී වීරවර්ධන පත් කළේය. ඇය විසින් දෙන ලද වාර්තාවට සිදු වු දෙයක් දැන ගන්නට නැත.

ඊට අමතරව බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු විසින කරන ලද පරික්ෂන වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුෂාර උපුල් දෙණිය වෙත බාර දී තිබේ්.

මෙම කිසිදු වාර්තාවක් ප්‍රසිද්ධ කර නැත. ලොහාන් රත්වත්තේ තවම ඇමතිවරයකු ලෙස සේවය කරයි.

නීතිඥ ප්‍රබෝධ රත්නායක විසින් යවන ලද ලිපිය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news