Thursday, April 25, 2024

දඹුල්ලේ බලු බද්ද ගැන ලීවයි මාධ්‍යවේදීන් තිදෙනෙක් පොලීසියට කැඳවයි.

දකුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ගැන ජනමාධ්‍ය කටයුතු භාර අමාත්‍යවරයා විරෝධය පල කර මාසයක් ගතවන්නටත් මත්තෙන්, යටත් විජිත සමයේ ක්‍රියාත්මක වු සුනඛ බද්ද යළි පැනවීමේ උත්සාහයක් ගැන රටට හෙළි කළ මාධ්‍යවේදීන් තිදෙනකු රහස් පොලිසියට කැඳවා තිබේ.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ දඹුල්ල මහ නගර සභාව විසින් 2022 ජනවාරි සිට නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන සුරතල් සුනඛයන් සදහා බලු බද්දක් යෝජනා කරමින් ඉදිරිපත් කළ පත්‍රිකාවක් සම්බන්ධයෙන් වාර්තා කළ ජනමාධ්‍යවේදීන් තිදෙනෙකි.

ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් වාර්තා කරුවන් තිදෙනකු වන මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීම අනුව නොවැම්බර් 12 වැනි සිකුරාදා කොළඹට පැමිණ සිටි සරත් එරමිණිගම්මන මාධ්‍යවේදියා අගනගරයේ මාධ්‍යවේදීන් සමග කියා සිටියේ සැප්තැම්බර් 10 වැනි දින දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව එම කැඳවීම සිදු කර තිබු බවයි.

තමන් අතට පත්වන මුලාශ්‍ර පදනම් කරගනිමින් මාධ්‍යකරණයේ යෙදීමට ජනමාධ්‍යවේදීන්ට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව අවධාරණය කරන සරත් එරමිණිගම්මන එහිදී ප්‍රශ්න කර සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙයද යන්නයි

( LF)

Archive

Latest news

Related news