Saturday, April 27, 2024

ඒක් රටක නීති දෙකක්: චීවරධාරී ඥණසාර නීතිය සහ මාධ්‍යවේදී කිර්ති රත්නායක නීතිය

“කිතුනු දේවස්ථාන කීපයකට මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තියෙන බව මම මැල්කම් රංජිත් කාදිනල්වරයාට පැවසු‍වේ 2017 දී. ඒ වගේම රට තුල යලිත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් තියෙනවා. මේ ප්‍රහාරය එල්ලකරන පුද්ගලයන් කවුද කියලා මම දන්නවා. ඔවුන් රැඳී සිටින ස්ථාන පමණක් නොවෙයි  ප්‍රහ‍ාරයට ‍යොදාගන්නා ආයුධ ගබඩාකර ඇති තැන් පවා මම දන්නවා. ජනාධිපතිටත් මේ පිළිබඳව දැනුම් දුන්නා. නමුත් තවම කිසිම පියවරක් ‍ගෙන නෑ…”

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර මෙම අනාවරණය කළේ මෙයින් මාසයකට පමණ පෙරදී දෙරණ රූපවාහිනිය සමඟ කළ සාකච්ඡාවක දී ය.

මෙම ප්‍රකාශය ගැන  පරීක්ෂනයක් කර සත්‍ය රටට හෙළි කරන ලෙස කතෝලික සහ මුස්ලිම් ආගමික සංවිධාන ප්‍රකාශ නිකුත් කළහ. ඒ සඳහා ඥණසාරගෙන් ප්‍රශ්ණ කළ යුතු විය.

ඥාණසාර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ක‍තෝලික සභාව පොලිස්පතිවරයා‍ගෙන් පසුගිය මස 16 දා ලිඛිත ඉල්ලීමක්  ද කළේය.

නමුත් ඥණසාරගේ ඇගේ පොලිස් මැස්සෙක්වත් වැහුවේ නැත.

ඒ වෙනුවට රක් රටක එක නීතියක් හැදීමට ඥනසාරට රාජපක්ෂවරු බලකායක් හදා දුන්නෝය. දැන් ඤනසාර කියන්නේ සිය සේනාවේ පිළිවෙත් ක්‍රියාවට දැමීමට රජ අවස්ථාවක් එළඹ ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ඉන්දියානු ජාතික දිනය දා ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතැයි එම කාර්යාලයට වට්ස්ඇල් පණිවිඩයක් යැවීම චෝදනාක් ‌ කොට  ලංකා ඊ නිව්ස්  ආරක්ෂථ තොරතුරු ලේඛක  කීර්ති රත්නායක අත්අඩංගුවට ගත්තේ කිසිවකුගේ පැමිණිල්ලක් වත් නැතිවය.

දැන් කීර්ති රත්නායක ත්‍රස්ත පනත යටතේ මාස තුනක්ම රහිස් පොලීසියේ රඳවා ගෙන ප්‍රශ්ණ කරයි. ඔහු තවම නිසි අධිකරණයක් හමුවටවත් පමුණුවා නැත. දැන් ප්‍රශණ කරන්නේ ඒම වට්ස්ඇප් පණිවිඩය ගැන නොව  ඔහු ලියූ ලිපි ගැනය.

ඔහු කළ බවට චෝදනා ඒල්ල වන ත්‍රස්ත ක්‍රියාවක් නැත. එනමුත් ඔහු රඳවා සිටින්නේ ත්‍රස්තවාදය මැඩලීමේ පනත යටතේය.

ඥණසාරගේ එක රටක එක නීතිය බලු පුකේ දැමිය යුතු එකක් වන්නේ මේ නිසාය.

කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා යැයි කියන්නේ මේන්න මෙවැනි අසමජ්ජාති වැඩ වලටය.

(ශ්‍රී ලංකා බ්‍රීෆ්)

 

Archive

Latest news

Related news