Friday, April 19, 2024

කූඨ ව්‍යවස්ථාව පරාජය කිරීම – වික්ටර් අයිවන්

ඡායාරූපය: යහපාලන ආණ්ඩුු සමයේ  නව ව්‍යවස්ථාවක් නිර්මානය කිරීම  බොහෝ දුරටම අවසන් කර තිබුණි.

ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාව යනු ජීවිතය, නිදහස හා දේපළ පිළිබදව පුරවැසියන්ගේ අයිතිවාසිකම් නිර්නය කරන උත්තරීතර නීතිය වනවා සේම රාජ්‍යය තන්ත්‍රයේ ආකෘතිය හා කාර්‍යන්ද ඒවා පාලනය වන සිද්ධාන්ත ද  ප්‍රකාශ කරන නෛතික වශයෙන් පාරිශුද්ධ ලියවිල්ල ලෙසද සැලකිය හැකිය.

පරණ මධ්‍ය කාලින ලෝකය නූතන ලෝකයක් බවට පරිවරතනය වීමත් සමග රාජ්‍යය බුක්ති විදින පරමාධිපත්‍යය බලයේ ප්‍රභවය ලෙස සැළකුනේ රජු නොව ජනතාවය. රාජ්‍යය බලය හැම විටම මහජන කැමැත්තට යටත් ය යන සිද්ධාන්තය ඇති වී තිබෙන්නේද ඒ අනුවය. ලංකා ආණ්ඩු ක්‍රම විවස්තාව අනුව වුවද ජනරජයේ පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහ ජනතාවටය.එය අත් හළ නොහැකි බලයකි.රාජ්‍යය බලය පමණක් නොව ආණ්ඩු ක්‍රම විවස්තාව සැලකෙන්නේද ජනතාවට හිමි දෙයක් ලෙසය.සම්භාව්‍ය ලිබරල් අර්ත කතනය අනුව ” ව්‍යවස්තා ලෙස සැලකෙනුයේ තමන් පාලනය විය යුතු ආකාරය පිළිබදව සමජය පාළකයන් සමග ඇති කරගන්නා ගිවිසුමටය”

ව්‍යවස්තා සම්පාදනයේ පරිචයන්ද සියවස් දෙකකටත් වැඩි කාලයක් තිස්සේ වෙනස් වෙමින් පවතී .දැන උගත් තෝරාගත් ප්‍රභූ සුලු පිරිසකට හෝ ව්‍යවස්තාදායකයේ නියෝජිතයින්ට සීමාවූ ව්‍යවස්තා සම්පාදන ක්‍රමය මේ වන විට යල් පැනගිය ක්‍රමයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. මහජන සහභාගි ව්‍යවස්තා සම්පාදනය 21 වන සියවසේ පිළිගත් ව්‍යවස්තා සම්පාදන මාදිලිය බවට පත්ව තිබේ. සහභාගි විවස්තා සම්පාදන ආකෘතින් පිලිබදව විවිද රටවල කර තිබෙන අත් හදා බැලීම් සංඛ්‍යාව විශාලය.

ව්‍යවස්තා සම්පාදනයකට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වීමට මහජනයාට තිබෙන අයිතිය එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර සම්මුතීන් මගින්ද පිළිගෙන තිබෙන අයිතියකි.එක්සත් ජාතින්ගේ සිවිල් හා දේසපාලන අයිතිවාසිකම් ප්‍රක්ඤප්තියේ 25 වැනි විවස්තාවේ එන ” පොදු කටයුතුවලට සහභාගිවීම ” යන යෙදුමට මානව හිමිකම් කමිටුවේ පාඨමය බල අධිකාරිය 1996 ජූලි 12 වනදා ලබා දී තිබෙන අර්ත කථනය අනුවද ව්‍යවස්තා සම්පාදනයකට සහබාගි වීමේ අයිතිය මහජනයාට හිමිය.එම අයිතිය ජාත්‍යන්තර නීතියෙන්ද පිලි ගනී.

ජනාධිපති ගෝථාභය රාජප්කෂ විශේෂ කමිටුවක් යොදා ගනිමින් නව ව්‍යවස්තාක් කෙටුම්පත් කරමින් තිබෙන්නේ ව්‍යවස්තා සම්පාදනයට අදාල මහජන සහභාගිත්වයට අදාල පිළිගත් නීති හා සම්ප්‍රදායන් උල්ළංඝනය කෙරෙන අකාරයටය. ව්‍යවස්තා සම්පාදනය මහජනයාගේ දෙයක් ලෙස සලකනවා වෙනුවට එය ආණ්ඩුවේ දෙයක් ලෙස සලකා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව පෙනේ. ආණ්ඩුවේ එම ප්‍රජාතන්ත්‍ර විරෝධි උත්සහාය සැගවුනු හා අයහපත් අරමුනු සහිත කූඨ ව්‍යවස්තා සම්පාදනයක් ලෙස සැලකිය හැකිය.

ලංකාවට නව ව්‍යවස්තාවක් අවශ්‍ය බව අපිදු පිළිගනිමු. තිබෙන ව්‍යවස්තාව ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් හොද ව්‍යවස්තාවක් නොවනවා සේම එය දැන් තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙලසීම් නිසා හොදටම විකෘර්ති, බෙලහීනවූ හා සුජාතභාවය අහිමි කරගත් අබල දුබල තත්වයකය.

විශේෂයෙන්ම දැන් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන ව්‍යවස්තාමය ප්‍රතිපත්ති හා ව්‍යුහයන්  ඇති කිරීමේ හැකියාව එයට නැත. ඒ නිසා අපට නව ව්‍යවස්තාවක් අවශ්‍යය. එහෙත් එය සිදුවිය යුත්තේ මහජනයා ක්‍රියාකාරි ලෙස සම්බ්න්ධ කර ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්තා සම්පාදනයකින් මිස හිතුවක්කාරි ආකාරයකට හදන දෙයක් නොවිය යුතුය. එසේම ව්‍යවස්තා සම්පාදනය හා භාවිතය පිළිබදව ලංකාවේ අපට ඇත්තේ සතුටු විය හැකි යහපත් ඉතිහාසයක් නොවන බවද කිව යුතුය.

අපට ඇත්තේ පසු තැවිලි විය යුතු අයහපත් ඉතිහාසයකි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ භාවිත අත්දැකිම් අනුව ද පෙනෙන්නේ අලුත් විවස්තාවක් හැදීමේ අභිලාෂය යහපත් ප්‍රජාතන්ත්‍රවාදි අරමුණකින් කරන දෙයක් නොවන බවය. රටට අලුත් ව්‍යවස්තාවක් අවශ්‍ය වී තිබෙන්නේ පාළකයාගේ ඒකාධිපති බලතල තර කිරීමට නොවේ; ලංකාව මුණ දී තිබෙන අර්බුදය ජය ගැනීම සදහා ය.

එම අර්බුදයේ ස්වභාවය මෙසේ පිඩු කළ හැකිය.

සමස්ත සමාජ ක්‍රමය ම තිබෙන්නේ පරිපූරන බිද වැටීමකය.සමාජ ක්‍රමයේ තිබිය යුතු සමගිය හා ඒකාග්‍රතාව තිබෙන්නේ මුලු මනින් කඩා බිද වැටුන තත්වයකය.වර්ග කුල ආගම් අතර ගැටුම් ප්‍රචණ්ඩ අරගල බවට පත්වී සමාජ ක්‍රමය ඒකාග්‍රතාවේ වියමන මුලු මනින් කඩා බිද දැමීමට හේතුවී තිබේ.රටේ වැඩ කරන ජනයා (වැටුප් කම්කරුවන්, ගොවීන් හා ධීවරයන් ) ද, වෘත්තීයවේදින්ද,  ව්්‍යවාසකයින්ද  සිටින්නේ ඔවුන්ගේ එදිනෙදා ජීවිත , ජීවන මාර්ග හා ව්‍යාපාර පවත්වාගෙන යාම ඉතා දුෂකර හා අවුල් සහගත තත්වයකය. රාජ්‍යය හා එහි ආයතන ක්‍රමයද ( විවස්තාදායකය, විදායකය හා අධිකරණය) තිබෙන්නේ දූෂණයෙන් කුණුවූ උපරිම මට්ටමකට ජරාජීර්නවූ හා බංකොලොත් භාවයට යමින් තිබෙන තත්වයකය. රාජ්‍යයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය තරම් ආදාඅයම් නැති කමේ ප්‍රශ්ණය කෙරෙහි 1978 සිට ක්‍රියාත්මක වන පාලක පක්ෂය විසින් පොදු වස්තුව අයතා ලෙස හිමිකරගැනීමේ ක්‍රමවේදයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන්නේ යයි කිව හැකිය. ලංකාවට නව ව්‍යවස්තාවක් අවශ්‍ය වී තිබෙන හේතුන් අතර වැදගත්ම හේතුව වනුයේ ලංකාව දැන් මුහුණ දී තිබෙන අරබුදය ජය ගැනීම සදහා අවශ්‍ය ව්‍යවස්තාමය ප්‍රතිපත්ති හා වියුහයන් ඇතිකර ගැනීමය.එම ඓතිහාසික කාර්‍ය භාරය මහජනයාට මිස සම්ප්‍රදායි දේශපාලකයින්ට කළ නොහැකිය.

ලංකාව මෙවැනි මහා විනාශයකට පත් කිරීමේ ප්‍රධාන වගකීම යන්නේ එම සම්ප්‍රදායි දේශපාලකයින්ටය. ලංකාවේ ඇතිවී තිබෙන ජරාජීරන භාවය හා අසමත් කම ඔවුන් ගේ අසමත් කමේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය හැකිය. ලංකාව අසමත් කිරීම්ට හේතුවූ පිරිසකගෙන් ලංකාව සමත් කිරීමට හේතුවන හොද ව්‍යවස්තා සම්පාදනයක් අපේක්ෂා කළ හැක්කේ කෙසේද? නීති සම්පාදනයේදී වි්‍යවස්ථා දායකය පෙන්වා තිබෙන අසමත් භාවයේ තරම අති විශාලය.ප්‍රාදේශිය සභා මැතිවරණ නීතිය සංසෝදනය කරන්නට ගොස් නීති සම්පාදනය අවසන් වූයේ මන්ත්‍රීවරුන්ගේක් සංඛයාව දෙගුණ කිරීමට හේතුවන අකාරයටය. එය රටට ඇතිකළ අනවශ්‍ය වැය බරේ ප්‍රමානය අති විශාලය.නීති සම්පාදන විෂයේදී ව්‍යවස්තාදායකයේ ඇතිවී තිබෙන පරිහානියේ තරම ඉන් හොදින් පෙන්නුම් කළේය.

ඉහත දක්වන ලද කරුනු අනුව දැන් ලංකාව තිබෙනුයේ හැම අතකින්ම අතීශයින්ම බැරෑරුම් හා තීරනාත්මක තත්වයකය. ව්‍යවස්තාවක් නිර්මානය කරගැනීමට අත ගැසීම රටේ වර්තමානය හා අනාගතය නිර්නය කිරීම සදහා ඉතාමත් වැදගත් පියවර ගන්නා අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එ වැනි බරපතල වග කීමක් රහසිගතව ලියාගත් ලේඛනයක් ඉදිරිපත් කිරීම මගින් හෝ පාර්ලිමේන්තුවේ අත එස්වීම මගින් හෝ ඉටු කරගත හැකි කාර්‍යක් ලෙස සැලකිය නොහැකිය.එය සැලකිය හැක්කේ විකාර රූපි ලෙස ක්‍රියා ක්‍රීරීමක් ලෙසය.එවැනි දේවලින් විය හැක්කේ සිදු වී තිබෙන විනාශය තව තව වර්ධනය කර ගැනීමය.ඒ නිසා රටේ පොදු යහපත පිනිස ආණ්ඩුවේ කූඨ ව්‍යවස්තා සම්පාදන වැඩ පිළිවෙල පරාජය කළ යුතුය. ඒ සමග ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීමට පුලුවන් කම ලබාදෙන මහජන සහභාගී ව්‍යවස්තා සම්පාදනයක් ද දිනාගත යුතුය.

රාජ්‍යයට සම්බන්ද කාරනා වලදී මහජනයා ඍජු ලෙස මැදිහත් වන්නේ මෙවනි විශේෂ අවස්ථාවලදී පමණය.වෙනත් අවස්ථාවලදී ඔවුන් කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුගත වී ක්‍රියා කිරීමය. එහෙත් ව්‍යවස්තාව හදාගැනීම පිලිබද ප්‍රශ්ණයේදී සියලු ජන කොටස් ඍජු ප්‍රාජාතන්ත්‍රවාදි ක්‍රමයට මැදිහත් වන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.එම කාර්‍යභාරය සම්පූණ කිරීමෙන් පසු ජනතාව අලුතෙන් ගොඩනගන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඉඩදි වේදිකාවෙන් ඉවත්ව යනු ඇත.

ව්‍යවස්තාව නිර්මානය කරන අවස්ථාව ජනතාව තමන්ට හිමි පරමාධිපත්‍ය බලය උපරිම ලෙස අභ්‍යාස කරන අවස්ථාව ලෙස සැලකිය හැකිය.ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවක් යනු තවදුරටත් හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කරණයක් සංස්යථාපනය කරන්නාවූ දෙයක් නොව මහජනයා ක්‍රියාකාරිලෙස සහභාගි කරගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළ සකස් කර ගත යුතු දෙයකි.

රටේ පොදු යහපත පිනිස ආණ්ඩුවේ කූඨ ව්‍යවස්තා සම්පාදන වැඩ පිළිවෙල පරාජය කිරීම අවශ්‍ය වනවා සේම ලංකාවේ අර්බුදය ජයගැනීමට අවශ්‍ය ව්‍යවස්තාමය ප්‍රතිපත්ති හා වියුහයන් ඇතිකර ගැනීමට පුලුවන් කම ලබා දෙන මහජන සහභාගී ව්‍යවස්තා සම්පාදන වැඩ පිලිවෙලක් දිනාගැනීමද අත්‍යාවශ්‍ය.මෙහි පහත අත්සන් කරන අපි සියලු දෙනා මෙම ලියවිල්ල සකස් කරනු ලැබුවේ එම අවශ්‍යතා දෙක මහජනයාටද, මහජන සන්විදානවලටද , දේසපාලන පක්ෂවලට හා දේසපාලන කණ්ඩායම් වලටද දැනුම් දීම සදහාය.

ආණ්ඩුවේ කූඨ විවස්තා සම්පාදන වැඩ සටහන පරාජය කිරීම සදහා හා මහජන සහභාගි ව්‍යවස්තා සම්පාදන වැඩ පිළිවෙලක් දිනා ගැනීම සදහා මහජන උද්ඝෝෂන වැඩ සටහනක් රටට අවශ්‍යය. ඒ සමග එම අරමුනු දෙකක් ඉලක්ක කරගත් විශාල මහජන සහභාගිත්වයක් ඇති මහජන නඩු කරයක්ද කරලියට ගත යුතුය.

එම නඩු කරය ආණ්ඩුවේ කූඨ ව්‍යවස්තා සම්පාදන වැඩසටහනට එරෙහිව නියෝග ලබා ගැනීමේ අරමුනින් හා සහභාගි ව්‍යවස්තා සම්පාදනයකට නියෝග හා මග පෙන්වීම් ලබාගැනීමේ අරමුනින් ආරම්භ කරන මහජන නඩු කරයක් විය යුතුය. එසේම එය සියලු වර්ග, ආගම්, ලිංගික,සංස්කෘතික හා පීඩිත ජන කණ්ඩායම් වලද කම්කරු , ගොවි, ධීවර, වෘත්තීය සමිති, වෘත්තීයවේදී හා ව්‍යාපාරික අභිලාෂ වෙන් වෙන්ව හා පොදුවේ පෙන්නුම් කරන මහජන සභාභාගි නඩු කරයක් විය යුතුය.

අප විසින් අවධාරනය කරන මෙම මුලික ප්‍රශ්ණය කෙරෙහි බැරෑරුම් අවධානය යොමු කරන ලෙස සියලුම වාර්ගීක , ආගමීක, ලිංගිකක හා සංස්කෘතික ජන කන්ඩායම් වලින්ද, වෘත්තීය සමිති වලින්ද, ගොවි, ධීවර හා වෙනත් මහජන සංවිධාන වලින්ද වෘත්තීය සංවිධානවලින් හා වානිජ හා ව්‍යාපාරික සංවිධානවලින්ද, දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලින්ද අපි ඉල්ලා සිටිමු.

( අත්සන් සඳහා බෙදාහරින ලද ලිපියකි

 

Archive

Latest news

Related news