පා.ම. මුජිබර් රහමාන්ගෙන් ඉවත් කර ගත් නඩු ගැන අල්ලස් කොමිසමට පොල්ලක්!

843

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විමෙන් පසුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොපමණ නඩු ඉල්ලා අස්කර ගෙන ඇත්තේ දැයි සහ ඒම නඩු කවරකුට විරද්ධ ඒ්වාදැයි විස්තර ලබා දෙන සේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී මුජිබර් රහුමාන් තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඊනියා තාක්ෂණික හේතු මත එවැනි නඩු 45 ක් පමණ ඉල්ලා අස්කර ගන්නා ලද  බව වාර්තා වේ.

මෙළෙස ඉවත් කර ගත් නඩු ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු තමන් සතු බව එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බීබීසි සිංහල සේවයට කියා සිට තිබුණි. ඇය කියන ආකාරයට මෙම තාක්ෂණික හේතුව කෘතිමව නිර්මාණය කරන ලද එකකි.

ජනාධිපති රාජපක්ෂ විසින් අල්ලස් කොමිසමට පත් කරන ලද තිදෙනාම රාජපක්ෂවරුනට හිතවත් අය බවට චෝදනා එල්ල වී ද තිබේ.

අල්ලස් කොමිසමෙහි  සභාපතිනිය වන විනිසුරු ඊවා වනසුන්දර  ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධීකරණයට පත් කරන ලදදේ ගෙදර යමින් සිටි ඇයට පණිවිඩයක් දී ගෙන්වා ගැනීමෙන් බව ඇයම ප්‍රකාශ කර තිබේ. ඇය ඔහුගේ මිතුරියකි.

විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) එක් වරක් ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිස්ට එහි අනෙක් සාමාජික සාමාජිකාවන්ය.

එම තොරතුරු අයැදුම් පත පසුගිය 08දා අල්ලස් කොමිසමට බාර දෙන ලදී.

සමගි ජන බලවේගය පසුගිය සතියේ දී තොරතුරු නීතිය අනුව නීතිපතිවරයාගෙන් ද ඒහා සමාන තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. නීතිපතිවරයා ද නඩු ගණනාවක් එළෙස ඉල්ලා අස්කර ගෙන තිබේ.

අල්ලස් කොමිසම වෙතින් ඉල්ලා සිට ඇති තොරතුරු මෙසේය:

1. 2019 නොවැම්බර් 19 දිනෙන් පසු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති හෝ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන්/සහ ඒ වෙනුවෙන් ගොනු කර ඇති අධිචෝදනා සහ/හෝ අධිකරණ ක්‍රියාමාර්ග කීයක් ඉල්ලා අස්කර ගෙන තිබේද?

2. අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2019 නොවැම්බර් 19 සිට2019 නොවැම්බර් 19 ඉල්ලා අස්කර ගන්නා ලද හෝ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන්/සහ පසුව ඉල්ලා අස්කර ගත් අධිචෝදනා පත්‍රවල සහ/හෝ අධිකරණ ක්‍රියාදාමවල චූදිත පාර්ශ්වයන්ගේ නම් මොනවාද?

3. 2019 නොවැම්බර් 19 දිනෙන් පසු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගත් හෝ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් ඉල්ලා අස්කර ගෙන ඇති නඩු අංක මොනවාද?

4. 2019 නොවැම්බර් 19 දිනට පසුව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද හෝ/සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් ගොනු කරන ලද අධි චෝදනා සහ/හෝ අධිකරණ ක්‍රියාදාමයන් ඉල්ලා අස්කර ගෙන ඇත්තේ කුමන දිනවලද?

ඉවත් කර ගන්නා ලද නඩු වල චූදිතයින් වුයේ  වත්මන් ආණ්ඩුවේ, පරිපාලනයේ සාමාජිකයන් හෝ බලයට සමීප අය වීම පුදුමයට කරුණක් නොවන්නේදැයි මුජිබර් රහුමාන් විමසයි.