Saturday, April 20, 2024

පර්චසය රුපියල් 500යි; මුතුරාජවෙළ පර්චස් 65102ක් ගජ මිතුරෙකුට

මුතුරාජවෙල වගුරු බිමෙන් පර්චස් හැටපන් දහස් එකසිය දෙකක්( 65102ක් )  බැගින් මිලදී ගැනීමට පෞද්ගලික සමාගම අලෙවි කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව මුතුරාජවෙළ පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව ) වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට දැනුම්දී  තිබේ.

මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ එම කාරණය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට තමා කටයුතු කරන බවයි.

මේ අතර ඇතැම් පිරිස් මුතුරාජවෙල තෙත්බිම් කලාපයට අනවසරෙන් ඇතුළුවී එම පරිසර පද්ධතියට බලපෑම් වන ආකාරයේ කටයුතුවල යෙදෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පවසන කමිටුව එම ක්‍රියාකාරකම් නැවැත්වීමට වහාම පියවර ගන්නැයි අදාළ අංශවලට උපදෙස්  දී තිබෙන බව ද වාර්තා වේ.

එසේම පරිසරයට බලපෑම්වන ව්‍යාපෘතිවල බලපත්‍ර අත්හිටුවන ලෙසටද නියෝග කර ඇත.

මෙම අලෙවි කිරිමට  ගොවිජන සේවා නිලධාරීන් සම්බන්ධ බවත් ඒ පිළිබඳව  කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවස ඇත.

මෙසේ මලදි ගන්නා ලද සමාගම ගැන කිසිදු තොරතුරක් තවම වාර්තා වි නැත.

කඩා ඉවත් කෙරෙන ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය මුතුරාජවෙල පරිසර කලාපයට බැහැර කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස කමිටුව නාගරික සංවර්ධන අධිකාරියට සහ අදාළ පළාත් පාලන ආයතනවලට නියෝග කර තිබේ

හෙක්ටයාර් 6232ක්වන මුතුරාජවෙල රක්ෂිතයේ හෙක්ටයාර් 3068 ක් පාරිසරික වශයෙන් වැදගත් තෙත් බිම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව කෝපා කමිටු වාර්තාවක සඳහන් වේ.

මේ අතර මුතුරාජ වෙල අවට වගම්නද ඇතුලත් වන පරිදි ජනාධිපති රජපක්ෂ විසින් නිතුක් කර ඇති ගැසට් පත්‍රය අහොසි කරන ලෙස සමගි ජන බලවේගය අධිකරණය හමුවට ද ගොස් තිබේ. පාර්ලිමේන්තු මංත්‍රී හරීන්  ප්‍රනාන්දු පවසන්නේ මෙළෙස පවරා ගන්නා ඉඩම් විදේශීය සමාගමකට විකිනීමට යව බවයි.

(ලංකාදීප පුවතක කරුණු ද ඇසුරු කර ගන්නා ලදී.)

Archive

Latest news

Related news