Friday, April 19, 2024

ගේට්ටු බිඳගෙන පැරිස් විලාසිතා දැක්මට කඩා වැදුණු 26 හැවිරිදි පරිසරකාමිනිය

පැරිස් විලාසිතා සතියේ “අධික පරිභෝජනය = වඳවී යාම” යන වචන සහිත බැනරයක් අතැතිව Louis Vuitton catwalk වෙත පිවිසි තරුණ ක්‍රියාකාරිනියක වන Marie Cohuet, 2021 ඔක්තෝම්බර් 15 වන දින ප්‍රංශයේ පැරිස් නුවර රොයිටර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී. REUTERS/Sarah Meysonnier

විසිහය හැවිරිදි පරිසරවාදී වන යෞවනියක වන මෙයට මාසයකට තරම් පෙර අන්තර් ජාතික පුවත් මවන්නියක බවට පත් විය.

ඇය ප්‍රංශ ජාතික මාරි කොහුට් ලුවර්ය.

ඇය නව යොවුන් වියෙහි සිටම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගෝලීය නායකයින් ක්‍රියා කිරීමට අපොහොසත් වීම පිළිබඳව දැක්වෙන විරෝධතා ව්‍යාපාරයන්ට සම්බන්ධ වූවාය.

ඇය විරෝධතාවලට සම්බන්ධ වෙමින් පෙත්සම් සංවිධානය කරමින් නීති සම්පාදකයින්ට බලපෑම් කිරීමට පසුගිය වසසර ගණනාවෙහි ඇය සහභාගි වූවාය.

ඇය ගුවනින් යාම සහ අනවශ්‍ය ඇදුම් පැළදුම් මිලදී ගැනීම නතර කළේ කාලගුණික විපර්යාස නතර කිරීමට සිය පුද්ගලික කැප කීරීම ලෙසය.

නමුත් ඉන් පමණක් වැඩක් නොව න බව ඇය කල්පනා කළේය. ලෝක අවධානය දිනා ග හැකි වන පරදි ලුවිස් වීතුන් විලාසිතා උළෙලේ “ගේට්ටු කඩා ගෙන පැන” කාළගුණික විපර්යාස ගැන අවධානයක් ලබා ගැනීමට ඇය තිරණය ඒ නිසාය‍.

පසුගිය ඔක්තොබර් 15 දා විලාසිතා ලෝකයෙහි වැදගත් දිනයක් විය. ඒ එදින ලොව ධනවතුන් අතර පරසිදු ලුවී වීතූන් නම් සන්නාමය සහිත විලාසිතා දැක්ම පැවැති නිසාය. ඒ පැරිස් විලාසිතා සතියයි.

මාරි කොහුට් එම විලාසිතා දැක්ම පැවැති ලුවර් කලා කෞතුකාගාරයට කල් තබා ඇතුලු වී වැසිකිළියක පැය දෙකකට වැඩි කාලයක් සැඟවී සිටියේ , ලුවී වීටූන් පැරිස් විලාසිතා සතියේ ප්‍රදර්ශනයේ ගේට්ටු කඩා පැනීම සිතින් සැලසුම් කරමිනි.

ඒ අතර වාරයේ ඇය සාමාජිකාවක් වන අමිස් ද ලා තෙරේ (පෘථිවියේ මිතුරන්) නම් ප්‍රංශ පාරිසරික එකතුවේ මිතුරු මිතුරියන් සමග අය දුර කථනයෙන් සම්බන්ධ වෙමින් ද සිටියා ය.

මෙම විලාසිතා දැක්මට විලාසිතා ලෝකයේ මෙන්ම සිනමා ක්ෂේත්‍රයේද ප්‍රකට තාරකො-තාරකාවෝ සහභාගි වී සිටියහ.

උත්සවය ළං වන විට ප්‍රදර්ශනයේ දොරටුවට සමීපව, නිළි කැතරින් ඩෙනියුව්ගේ දීප්තිමත් පැමිණීමෙන් කාර්ය මණ්ඩලය අවධානය වෙනතකට යොමු වූ අවස්ථාව බලා කොහුට් ඇගේ සිය සැළැස්ම ක්‍රියාවට දුමුවාය.

ඇගේ දුරකථනයට කතා කරමින්, කොහූට් සංවිධායක කණ්ඩායමේ අයකු ලෙස පෙනී සිටිමින් ඇතුළට ආවාය.

විලාසිත දැක්ම පරිසර සංරක්ෂනයට යොදා ගැනීම

විලාසිතා දැක්ම ගිගුරුම් සහිත සංගීතය සමඟ ආරම්භ වන තෙක් ඇය  කල්යල් බලා සිය බැනරය දිග හැර, පහන් කූඩුවක් දැල්වූ විලාසිතා ගමන් තීරුවෙහි නිරූපිකාවන්ගේ පෙරහැරට එක් වූවාය.

ඇයගේ බැනරය “අධික පරිභෝජනය = වඳවීම” යන තගු අතුරු සහිත සටන් පාඨයෙන් කැපී පෙනුණි.

අන්ද මන්ද වූ ආරක්ෂක නිලධාරීන් පැමිණ බැනරය උදුරා ගෙන ඇය වෙනතක ගෙය තුරු ඇයට ලෝකයම බලා සිටි තප්පර ගණනාවක් තිබුණි.

ඇය විලාසිතාකාරියන් අතර බැනරය දිග හැර ගෙන එම ලතාවටම අභිමානයෙන් ගමන් කළාය.

ඇය දරා සිටි බැනරය ලොව පුරා ජායාරූපයක් බවට පත් විය.

පසුව ඇය කීවේ “එය හරියට කාලය ඔවුන්ගෙන් උදුරා ගත්තා හා සමාන බලය යළි අත්පත් කරගැනීමක් හා සමාන වූ” බවයි.

” පෘථිවිය විනාශ කරන අයට, මානව හිමිකම් සහ සමාජ අයිතීන් පාගා දමමින් සිටින අයට අභියෝග කිරීමට සමහර විට සිවිල් අවස්ථා මැදට කඩා පැනීම අවශ්‍ය වන” බව ඇය කියයි.

කාලගුණික විපරි්‍යස නතර කිරීමට පෙරමුණ ගෙන සිටින ‍ෙටයෟවනියන් දෙදෙනෙකු වන ස්වීඩනයේ ග්‍රේතා සහ උගන්ඩාවේ වෙනෙසා

අද ලොව පුරාම කාලගුණික විපර්යාස පිළිබඳ මහජන අවබෝධය ඉහළ නැංවීමෙත් එමගින් රාජ්‍ය පාලකයින්ට බලපෑම් කිරීමේත් පෙරමුණ හොබවන්නේ යෞවනියන්ය.

ලෝක සිවිල් සමාජ වේදිකාවෙහි ඉදිරියෙන්ම සිටින ව්‍යපාරයක් වන පාරිසරය රැක ගැනීමේ ව්‍යාපාරයේ මුල් තැනක්ද ඔවුනට හිමිය.

(ශ්‍රී ලංකා බ්‍රීෆ්)

Archive

Latest news

Related news