Saturday, April 27, 2024

උද්ඝෝෂණයේ නියුතු වූ පියකුට පාසළට පැන පහර දුන් පොහාට්ටු දේශපාලඥයා ගැන වහා පියවර ගනු – ගුරු විදුහල්පති එකතුව

ඡාායරූපය: අද පැවැති උද්ඝෝෂනයේ අවස්ථාවක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට බලකරමින් මාස 3 කට වැඩි කාලයක් තිස්සේ ගුරුවරු සහ
විදුහල්පතිවරු ගෙන යන අරගලයට සහාය දක්වමින් අද දින (2021.11.03) දිවයින පුරා පාසල්වල දරුවන්ගේ
දෙමියන් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ අවස්ථාවෙහි උද්ඝෝෂනයේ නියුතු වූ පියකුට කරන ලද පහරදීම ගැන වහාම නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් එසේ නොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවටත් ගුරු-විදුහල්පති එකතුව පොලිස්පතිවරයාට ලිපියක් යවමින් කියා සිටී.

එම ලිපිය පහත පළ වේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා පාසල් භූමිය තුළ දී දෙමව්පියෙකුට පහරදීම පිළිබඳව

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා පාසල් භූමිය තුළ දී දෙමව්පියෙකුට පහරදීම පිළිබඳව
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට බලකරමින් මාස 3 කට වැඩි කාලයක් තිස්සේ ගුරුවරු සහ
විදුහල්පතිවරු ගෙන යන අරගලයට සහාය දක්වමින් අද දින (2021.11.03) දිවයින පුරා පාසල්වල දරුවන්ගේ
දෙමව්ප ියන් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත විය.

මාවනැල්ල මෙඩේරිගම විදුහලේ දෙමව්පියන් ද  එලෙස උ්දඝෝෂණයේ යෙදී සිටියදී එම ස්ථානයට පැමිණි
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මන්ත්‍රීවරයා හා තවත්  ප්‍රාදේශී්‍ය සභා මන්ත්‍රීවරු
දෙදෙනක් දෙමව්පියන් එළවා දමමින් පාසල් භූමිය තුළ දී දරුවෙකුගේ පියෙකුට පහරදී ඇත.

තවද බලහත්කාරයෙන් පාසල් පරිශ්‍රයට හා කාර්යාලයට ඇතුළත්වෙමින් ගුරුවරුනට පරිභව කරමින් තර්ජනය කර
ඇත.

මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කර පහරදීම සිදු කළ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා
සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු. එසේ නොවන්නේ නම් මාවනැල්ල ප්‍රාදේශීය
සභා උප සභාපතිවරයා සිදු කළමෙම පහරදීමට හා දෙමාපියන් පාසලෙන් එළවා දැමීමටත්, පාසලට
බලහත්කාරයෙන් ඇතුළත්වෙමින් ගුරුවරුන්ට තර්ජනය කිරීමට එරෙහිවත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත
වීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කටයුතු යොදන බව ද වැඩිදුරටත් දන්වා සිටිමු.

Archive

Latest news

Related news