Friday, April 19, 2024

නි.පොලිස්පති කොඩිතුවක්කු, මහමඟදී පහර දූන් රියදුරු පොලීසියට ගෙන ගොස් වධහිංසා සහ ලිංගික අඩම්තේ්ට්ටම් කළ බවට ගැන චෝදනා!

ඡායාරූපය https://newsaboutturkey.com වෙතිනි. සිදුවීමට අදාළ නැත.

පසුගිය ඔක්තෝබර් 25 දින සිය වාහානය පදවා ගෙන යමින් සිටියද පහර දී අනීතිකව අත්අඩංඟුවට ගන්නා ලද  මිශාර රණසිංහ මහතාට වධහිංසා පමුණුවා ලිංගික අඩම්තේට්ටම් කොට මානසික වධහිංසා පැමිණ වී යැයි සබරගමුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.

ඔහු විසින් කරන ලදයි කියන වධහිංසා පැමිණ වීම අතිශය බියකරුය. පෙලිස් සේවයේ මෙතරම් ඉහළ තනතුරක් දරන නිලධාරියකු මෙසේ නම් පහළ නිලධාරීන් කෙසේ හංසා පමුණුවනු ඇත්දැයි සිතා ගැනීමටවත් බැරි බව නීති අංශ ප්‍රකාශ කරති.

මෙම පහර දීම පිළිබඳ වීඩියෝව එදිනම සමාජ ජාල ඔස්සේ පැතිර ගියේය. එම වීඩියෝව මහමඟ ගමන් කරමින් සිටි කවරකු හෝ විසින් ගෙන ප්‍රසිද්ධියට පමුණවන ලද්දකි.

රන්මල් කොඩිතුවක්කු රණසිහට පහර දෙන හැටි

මෙම සිදුවීම උඩ දැනටමත් රන්මල් කොඩිතුවක්කුට  ස්ථාන මාරුවීම්ක් ලබා දී තිබේ. ඔහු දැන් වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරයි.

මහමගදී සහ පොලිස් ස්ථානයේදී සිදුවූ මෙම සිදුවීමේ කම්පන සහගත තොරතුරු  ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබේ.

මිශාර රණසිංහ වෙනුවෙන් පෙනී සිටින  නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින්  ජනාධිපතිවරයාට යවන ලද සවිස්තරාත්මක ලිපියක  මෙම වධහිංසා මෙන්ම ලිංගික අතවර ගැන තොරතුරු අඩංගු වේ.

එම ලිපිය කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගන්නා තුරු රන්මල් කොඩිතුවක්කු පොලිස් සේවයෙන් ඉවත් කරන ලෙසයි.

එම ලිපිය අද මාධ්‍ය වෙත ද ලබා දී තිබේ.

රන්මල් කොඩිතුවක්කු රියදුරුට මහමග දී පහරදෙන වීඩියෝව.

එම ලිපියෙහි සදහන් කරන පරිදි  මාර්ගයේ සිද්ධියෙන් පසු කිරිඇල්ල පොලිස් ස්ථානයට ගෙන යන ලද රණසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගන්නවා වෙනුවට ස්ථානභාර නිලධාරියාගේ කාමරයට යාබද කාමරයට දමා එහි විදුලි ආලෝකය විසන්ධි කර පොලිස් නිලධාරීන් ගණනාවක් විසින් ඔහුට පහර දෙන්නට පටන් ගෙන තිබේ.

ඉංග්‍රිසි බසින් ඇති එම ලිපියෙහි මෙසේ ද සදහන් වෙයි.

ඉන්පසු නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සිය නිල කබාය ගලවා රණසිංහට පහර දෙන්නට පටන් ගත්තේය. සිය ඇදුම් ගලවන ලෙස රණසිංහ බල කළ කොඩිතුවක්කු ඔහුට නිරුවතින් දණ ගැසීමට බල කර තිබේ‍.

මේ අවස්ථාවෙහි  රණසිංහගේ ගෙලට, නිකටට  සහ බඩට පහර දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුගේ ගෙල මත සිය බූට්ස් සපත්තු තබා තද කර තිබේ. මේ අවස්ථාවෙහි රණසිංහට කිසිවක් නොපෙනී ගොස් ඇත.

රණසිංහගේ වෘෂණ කෝෂ මිරිකා ඇද ගනිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට පහර දී ඇත්තේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපිටදීය.

සිය ජංගම දුරකථනයෙන් රණසිංගේ නිරුවත් පින්තූර ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා එවා සමාජ ජාල හරහා වයිරල් කර ඔහු නින්දාවට පත් කරන බවට තර්ජනය කර තිබේ.

අනතුරුව නිරුවතින් සිටි රණසිංහගේ පස්සා පැත්ත තමා ළඟට ඇද තද කර ගත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවර රන්මල් කොඩිතුවක්කු “ මම තොගේ පුකේ අරිනවා” යැයි  බිය ගන්වා තිබේ. ඒ අවස්ථාවෙහිදී ද ඔහුගෙන් මත්පැන් ගඳ වහනය වී ඇත.

මේ වන විට පවුලේ අය පොලිස් ස්ථානයට පැමිණ පිටත සිටි අතර රණසිංහ සමඟ කතා කිරීමට අවසර ඉල්ලා සිටි ඔහුගේ සහෝදරයාට ඉඩක් දී නැත.

කිරිඇල්ල පෙලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයා නියෝජ්‍ය පොලිස්පතිගෙන් සමාව ගන්නා ලෙස රණසිංහට බල කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථානයෙන් ගිය පසු රණසිංහ සිර මැදිරියකට දමා එහි සිටි අන් සියලු සැකකරුවන්ට ඇප දී නිදහස් කර යවා ඇත්තේ ඔහු තනි කිරීම පිනිසය.

මේ අතර දරුණු ලෙස පහර දී සිටි රණසිංහට ඇදුම් අන්දවා පොලිස් ජීප් රථයකට නංවා කොහේ හෝ ගෙන යාමට මේ අවස්ථාවේදී  සිවිල් ඇදුමින් සැරසුණූ පොලිස් නිලධාරීන් පිරිසක් උත්සාහ කොට තිබේ. නීතිඥ සමාගමේ ලිපියට අනුව එම උත්සාහය වැළකී ගොස් ඇත්තේ පවුලේ අය ජීප් රථය පසු පසින් යෑමට සූදානම් වූ නිසාය.

ඔහුගේ නීතිඥවරයාගේ මැදිහත් වීම මත රාත්‍රී 11.30ට පමණ කෙටි ප්‍රකාශයක් ලබා ගෙන රණසිංහ කිරිඇල්ල ග්‍රාමීය රෝහලේ වෛදවරයකු වෙත ඉදිරිපත් කර තිබේ.

ඔහුට කර තිබූ පහර දීම් පිළිබඳව රෝහලේ වෛද්‍යවරයා වෛද්‍ය නීති වාර්තාවක්ද පුරවා තිබුණි.

පසුදා දවල් 12.30ට ඔහු නිදහස් කරන ලද්දේ පොලීසිය විසින් ලියන ලද ප්‍රකාශයකට අත්සන් ගෙන, කිසිදු රෝහලකට නොයන බවට සහ කිසිදු නීතිමය පියවරක් නොගන්නා බවට පොරොන්දු කරවා ගෙනය.

මෙයට පෙරද මහමඟදී රන්මල් කොඩිතුවක්කු රියදුරන් දෙදෙනෙකුට පහර දී ඇති බවටද වාර්තා වේ.

නිදහස් වි පැමිණි මිශාර රණසිංහට නියෝජ්‍ය පොලිස්පති රනමල් කොඩිතුවක්කු සහ ඔහුගේ හිතවතුන් දිගින් දිගටම දුර කථන ඇමතුම් දෙමින් සාමදානයට බල කරන බැවින් ඔහු සහ පවුලේ උදවිය ජීවත්වන්නේ බියෙන් බවද එම ලිපියෙහි සදහන් කරයි.

හිටපු පොලිස්පතිවරයකුගේ  ප්‍රතකු වන රන්මල් කොඩිතුවක්කු ඉන්දියාවෙන් ලබා ගත් බව කියන උපාධි සහතිකයක් මගින් ‌කෙලින්ම සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලීසියට බැදුණු අයෙකි.

මෙයට මාස කිහිපයකට පෙර වධහිංසා පනතට ගෙන එන ලද සංසෝධනයක් නිසා තවදුරටත් පොලිස් ස්ථානයන්හි වධහිංසා පැමිණළුිමට ඉඩක් නැති බව බවට වූ මතය මෙමගින් නැත්තටම නැතිවෙයි.

ඉංග්‍රිසි ලිපය මෙහි කියවන්න. Sri Lanka Brief English

 

 

Archive

Latest news

Related news