Thursday, May 2, 2024

ඖෂධ සංස්ථාවේ ලොක්කෙක් ඖෂධ සමාගම් වලින් සන්තෝසම් අරං! – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධානීන් අල්ලස් කොමිසම ඉදිරිපිට.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (22.10.2021) දිනයේ දී පැමිණිල්ලක් භාර දුන් අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ තනතුරක් දරන පුද්ගලයකු විසින් සිදු කරනු ලබන අල්ලස් හා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අප ආයතනයට අකටයුතු නාදකයෙක් විසින් නිර්නාමිකව ලබාදුන් තොරතුරු වලට අනුව මෙම පැමිණිල්ල සිදුකරනු ලැබුනි.

මෙම පැමිණිල්ල තුළදී වඩාත් අවධාරණාත්මක සඳහන් වූයේ, එම සිදුවීමට අදාළ පුද්ගලයා තමන්ගේ තනතුර අවභාවිත කරමින් ඖෂධ සමාගම් වලින් මාසිකව විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත්, විදෙස් සංචාර, තම ඥාතීන්ගේ සහ තම පෞද්ගලික වියදම් සහ පරිහරණය සඳහා මුදල් අයථා ලෙස ඖෂධ සමාගම්වලින් ලබාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාව දැඩි සෞඛ්‍ය අර්බුදයකට ලක්ව ඇති පසුබිමක මෙවැනි වගකීම් සහගත ආයතන වල සහ නිලධාරීන්ට ජනතාවට අවංකව සේවය කිරීමේ විශාල වගකීමක් පැවරී ඇත. රාජ්‍ය සේවය යනු බදු ගෙවන ජනතාවගේ මුදලින් යැපෙන සහ ඒ වෙනුවෙන් සේවයකරන්නා වූ අංශයක් වන අතර එම නිලධාරීන්ගේ සැබෑ පරමාර්ථය විය යුත්තේ ජනතාවට අවංකව සේවය කිරීම මිස තමන්ට ලාභ ප්‍රයෝජන ලබාගැනීම සඳහා පටු අරමුණු ඔස්සේ ගමන් කිරීම නොවේ. එබැවින් අනාගතය තුළදීවත් මෙවැනි අනිසි ක්‍රියාවන් සිදු නොවීම පිණිස එම අදාළ ආයතන තුළින්ම අල්ලස් සහ දූෂණ අවම කිරීමට අදාල පියවරයන් ගනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නේමු.

අද වන විට රජයේ බොහෝ ආයතන වල අල්ලස් හා දූෂණ මුල්බැසගෙන තිබෙන නමුදු, එම අදාළ ආයතන තුළම සිය සේවාව අවංකව ලබා දෙන්නාවූ රාජ්‍ය නිලධාරීන් සහ ජනතාවක්ද සිටි. එම අවංක පුද්ගලයින් හට මෙවැනි අල්ලස් හා දූෂණයට එරෙහිව සිය හඬ හඬ නැගීමේ සහ විරුද්ධව කටයුතු කිරීමේ හැකියාවක් පවතින අතර දූෂණයට එරෙහිව සිදු කරන්නා වූ ප්‍රයත්නයේදී අකටයුතු නාදකයින් හෙවත් දූෂණ පිළිබඳව තොරතුරු හෙලිදරව් කරන්නන් හා කරන්නන් අතිශයෙන්ම අතිශයින්ම වැදගත්වේ. ආයතනයක් ලෙස අප පුරවැසියන් ගෙන් ආයාචනා කර සිටින්නේ මෙයාකාරයෙන් රට වෙනුවෙන් දූෂිත ක්‍රියා අනාවරණය කරන ලෙසයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉදිරියේදී එලි දැක්වීමට බලාපොරොත්තු වන “අපේ සල්ලි” වෙබ් අඩවිය ඔස්සේ වගකිම් සහගත පුරවැසියන් ලෙස ඔබට අල්ලස් සහ දූෂණ සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීමට හැකියාවක් තවදුරටත් ලැබෙනු ඇත .

(TISL press release)

Archive

Latest news

Related news