Thursday, May 2, 2024

කොවිඩ් වසංගතය: ලක්ෂ 5ක් ‌රෝගාතුර වී 13,500ක් මිය යත්දීත් ඉටුකමේ ලක්ෂ 1,600,000ක් රාජපක්ෂ කොට්ට යට!

ඡායාරූපය: වසංගතයෙන් මිය ගිය ජනයාගේ මළ සිරුරු තැන තැන දමා තිබියදී රාජපක්ෂවරු ඉටුකම අරමුදලේ කෝටි ගණන් සඟවා ගෙන සිටි බව දැන් හෙළිදරව් වී තිබේ.

කොවිඩ්-19 අසාදනය වී මෙරට ලක්ෂ පහකට වැඩි ජනතාවක් රෝගා තුර වී  14,000කට ආසන්න පිරිසක් මිය යත්දීත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් කාර්යාලය මඟින් පාලනය වන ‘ඉටුකම’ කෝවිඩ් -19 අරමුදලෙහි  රුපියල් ලක්ෂ 1,600,000ක් නොහොත් බිලියන 1.6ක් භාවිතයට නොගෙන ඉතිරි කර ගෙන තිබෙන බව වාර්තා වේ.

මේ තාක් වැය කර ඇති මුදල ලක්ෂ 2000කට අඩුය! විශ්වාස නොහැකි නමුත් ඇත්ත එයයි.

මෙ බව අනාවරණය වී ඇත්තේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් ගොනු කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කරන ලද ඉල්ලීමක් මගිනි.

සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන් මූලික පහසුකම් නැතිව වසංගතය සමග සටන් කරන අතරතුර රාජපක්ෂවරු මෙම මුදල සිය කොට්ට යට සඟවා ගෙන සිටියේ මන්දැයි යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.

වසංගතයට බිලිව මිය ගිය ජනයාගේ සිරුරු පවා නිසි ගෞරවයෙන් යුතුව ආදාහනය කිරීමට පහසුකම් නොතිබුනද ගෝඨාභය රාජපක්සගේ කාර්යාලය ‌දැවැන්ත මුදල් කන්දරාවන් උඩ වාඩි වී සිටියේය.

ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ආරම්භ කරන ලද්දේ පසුගිය වසරේ මාර්තු 23 වන දිනය. ජනාධිපති ලේකම් කාර්යාලයේ  තොරතුරු ඉල්ලීමට පිළිතුරු ලෙස රු. 2021 සැප්තැම්බර් 21 වන විට අරමුදලට ලක්ෂ1,800,000 නොහොත් බිලයන 1.8 ක් ලැබී ඇති බව දන්වා තිබේ.

එනමුත් මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා වන විටත් ඒම අරමුදලින් වැය කර ඇත්තේ  රුපියල් ලක්ෂ 1,890ක් පමණකි.

වැය කරන ලද මුදල බෙදී ගොස් ඇත්තේ මෙසේය:  පීසීආර් පරීක්ෂාව සඳහා රුපියල් ලක්ෂ 426ක් ද රු. ලක්ෂ 675ක් “උපදේශන වැඩසටහනක්” සඳහා වැය කර තිබේ.. පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට සපයා ඇති ප්‍රවාහන පහසුකම් සඳහා රුපියල් මිලියන 380 ක් වැය කර තිබේ.

වැය කරන ලද විශාලතම ශීර්ෂය වන උපදේශන වැඩසටහන සඳහා වූ  රු. ලක්ෂ 675 “සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද” බැවින් එහි තොරතුරු නොමැති බව ජනාධිපති කාර්යාලය පවසා තිබේ.

මෙයට පෙර පාර්ලිමේන්තුවෙහි දී ද මේ පිළිබඳ ප්‍රශ්න කරන ලද අතර ඊට නිසි පිළිතුරක් නොලැබුණි.

ඉතාම වැදගත් කාර්ය වූ  ජාතික එන්නත් වැඩසටහන සඳහා වැය කර ඇත්තේ ලක්ෂ 415 ක් පමණකි.

මෙයට කලින් ප්‍රසිද්ධ කරන ලද ඉටුකම අයවැය වාර්තාවෙහි ගිලන් රථ 10ක් සඳහා ලක්ෂ 1940ක් වැය වනු ඇති බව දක්වා තිබුණි. නමුත් දැන් ජනාධිපති කාර්යාලය කියන්නේ එවැනි මුදලක් වැය කර නැති බවයි.

මෙම අරමුදල පිළිබඳ රාජපක්ෂ ආණ්ඩුව කියා සිට ඇත්තේ ඊට ලැබෙන මුදල් පහත සඳහන් කටයුතු සඳහා වැය කරනු ඇති බවයි.

Archive

Latest news

Related news