Tuesday, April 23, 2024

හෙළිදරව්ව: උසාවි ආ ශානි අබේසේකරට බුරා පැන්න සුමල් ලක්මනආරච්චි, රාජපක්ෂ- ඥණසාර  හෙංචයියෙක්

රාජපක්ෂ ආණ්ඩුව විසින් තනතුරින් පහ කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  පසුගිය 18වනදා තමාට පවරා ඇති නඩුවකට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවෙහි රාජපක්ෂවාදී ඥණසාර ගෝලයකු ඔහුට කඩා පනිමින් බුරනු හිරු නාලිකාව උජාරුවෙන් යුතුව ප්‍රචාරය කළේය.

මෙම පුද්ගලයා කවරෙක්ද  දැන් හෙළි දරව් වී තිබේ. ඔහු නමින් සුමල් ලක්මන නොහොත් එස්.කේ.ලක්මනආරච්චිය.

මේ පුද්ගලයා කැ ගසමින් බැණ වැදුණේ අධිකරණය අසළ නිශ්ශබ්ද පෙදෙසකදී වුවත් පොලීසිය නිදා ගෙන සිටියේය.

එම පුද්ගලයා ශානි අබේසේකර පසුපස හඹා යමින් අසැබි වචනයෙන් පවා බැණ වැදුණ අතර ඒ සියල්ල රෑප ගත කිරීමට හිරු නාලිකාව පැමිණ සිටියේය. හිරු නාලිකාව යනු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මිනීමරුවකු ලෙස තීරණය කරන ලද දුමින්ද සිල්වා පවුලේ නාලිකාවය.

වෙනත් කිසිදු නාලිකාවක් මෙම සිදුවීම වාර්තා කළේ නැත.

දුමින්ද සිල්වාට මරණ දඬුවම දීම බොරු සාක්ෂි මත සිදු කරන ලද පැමිණිල්ලක් නිසා සිදු වූ බවට  ගෝඨාභය රාජපක්ෂ පත් කල දැන් අපකීර්තියට පත් ඇති පළි ගැනීම් කොමිසම තීරණය කළේය.

දුමින්ද සිල්වාට මරණ දඬුවම ලද නඩු පරීක්ෂණය කරන ලද්දේ ශානි අබේසේකර විසිනි.

දුමින්ද සිල්වා නිදහස් කර පරීක්ෂණය පැවැත් වූ ශානි අබේසේකරට නඩු පවරන ලෙස එම පිස්සු කොමිසම නිර්දේශ කළේය.

හිරු නාලිකාවට එබැවින් ශානි අබේසේකර සමග මාරාන්තික වෛරයක් තිබේ.

තමා රාජපක්ෂලාට කඩේ යන්නේදැයි ශානි අබේසේකර විමසූ බව එමපුද්ගලයා හිරු නාලිකාවට කියා සිටියේය.

මෙම බුරා පැනීම පිටුපස ඇති දේශපාලනය තේරුම්ගත හැකි වාර්තාවක් චෝදනා වර්ණනාවට ලක් කල වෙබ් අඩවියක පළ විය. ඉන් කොටසක් මෙසේය.

“අදාළ පුද්ගලයා පැවසුවේ පසුගිය යහපාලන රජය සමයේ තමන් මැලේසියාවේ සිටියදී ෆේස්බුක් වීඩියෝවක් මගින් එම රජයට එරෙහිව සිදු කළ ප්‍රකාශයක් තුළින් එවකට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මරණීය තර්ජන එල්ල කළ බව කියමින් ශානි අබේසේකර මහතා ඇතුළු සීඅයිඩී කණ්ඩායමක් මැලේසියාවට පැමිණ තමන් අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් රඳවා තබා ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත් එදා තමන්ව අධිකරණය විසින් නිදහස් කළ බව පැවසූ එම පුද්ගලයා දැන් ශානි අබේසේකර මහතාට අධිකරණ හමුවේ පෙනී සිටීමට සිදුව ඇති බවයි සඳහන් කළේ.

ෆේස්බුක් සටහන් හෝ වීඩියෝ සම්බන්ධයෙන් පුද්ගලයින්ව සීඅයිඩීයට කුදලාගෙන යෑම දැනටත් නිතර දක්නට ලැබේ. නමුත් එය ආරම්භ කළේ රාජපක්ෂ ආණ්ඩුව නොවේ. රාජපක්ෂ ආණ්ඩු සමයේ මාධ්‍ය මර්දනය සම්බන්ධ කතාව වෙනම තිබියදී වුවත් ෆේස්බුක් පෝස්ට්ටු සම්බන්ධයෙන් පුද්ගලයින්ව සීඅයිඩීයට දැක්කීම ආරම්භ කළේ යහපාලන ආණ්ඩු සමයේ ශානි අබේසේකරලා විසිනි. අදටත් අපට ගෙවන්නට වී ඇත්තේ ඒ කරුමයේම දිගුවකි. 

එහෙයින් මේ විවේචනය එල්ල කළ පුද්ගලයා කවුරුන් වුවත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වය කුමක් වුවත් ශානි මේ කතාව අහගත යුතුය. ශානිට මේවා ඇහෙන්නට සිදුවිය යුතුය. එසේම එදා ශානිලා කළ මෙවැනි ක්‍රියාවන්ම අදත් කරන සෙසු පොලිස් නිලධාරීනුත් මේවා අසාගත යුතුය.”

එදිනම ගම්පහ පොලීසියට ගොස් මෙම බුරා පැනීම පිළිබඳ පැමිනිල්ලක් කළ ශානි අබේසේකර කියා සිටියේ එම පුද්ගලයා අත්අඩංඟුවට ගැනීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවය. තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා බව එම පැමිණිල්ලෙහි සඳහන් කළ ශානි අබේසේකර කියා සිටියේ එම පුද්ගලයාගේ හැසීරීම තර්ජනාත්මක බවත් ඔහු අසැබි වචනයෙන් පවා තමාට තර්ජනය කළ බවත්ය. එම පුද්ගලයා අත්අඩංඟුවට ගන්නා ලද්දේ පරිඝනක අපරාධ විමර්ශන අංශය විසින් බවත් එම පැමිණිල්ලේහි ඔහු සඳහන් කළේය.

ඉහත කී වෙබ් අඩවිය ඉන්  පසුව  පිළිතුරු දීමේ අයිතිය යටතේ එම වාර්තාවෙහි ශානි අබේසේකර සම්බන්ධ කරුණු වැරදි බව පිළිගත්තේය.

නමුත් වැදගත් වන්නේ ඒම වෙබ් අඩවිය ඒම සිදුවීමට දුන් අථ කථනයයි.

දැන් ප්‍රශ්ණය වි ඇත්තේ මෙවැනි ව්‍යාජ කරුණු මත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ප්‍රසිද්ධියේ තර්ජනය කිරිමට මෙම පුද්ගලයාට බලයක් ලැබුනේ කෙසේද යන්නයි.

මේ වනාහී සංවිධානය කළ රංගනයක් බවට සැකකළ හැකි යැයි දේශපාලන අංශ පවසති.

සමුල් ලක්මනආරචචි නම් මොහු පසුගිය මහා මැතිවරණයේදී ඥණසාරවාදී අපේ ජන බල පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකි. ඔහු ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය දුන්නේය. මෙම පුද්ගලයා රාජපක්ෂලාට කොතරම් සමීපද යත් මහින්ද රාජපක්ෂ සමඟ ජායාරූපයන්ට පවා පෙනී සිට තිබේ.

එම ජායාරූපමය සාක්ෂි පහත පළවේ.

 

සිරකරුවන්ගේ හිසට පිස්තෝලය තබා මරණ බවට තර්ජනය කළ ඇමැතිවරයකු ගෙන් කිසිදු ප්‍රශණ කිරීමක්වත් නොකළ වත්මන් පොලිසය මෙම සමුල් ලක්මනට විරුද්ධව කිසිදු පියවරක් ගනු ඇතැයි සිතීම දුෂ්කර බව නීතිඥවරයකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසීය.

මේ අතර තෙමසක් ගතවීත් ශානි අබේසේකර තමාට ආරක්ෂාව සපයන ලෙස කරන ලද ඉල්ලීමට පිළිතුරක් වත නොයවන ලද පොලිස්පති එලියන්ත වයිට් නම් ව්‍යාජ වෛද්‍යවරයාගේ පුතාට සහ දුවට පොලිස් නිලධාරීන් 21 දෙනෙතුගේ ආරක්ෂාව සපයා ඇතැයි පාර්ලිමේන්තුවෙහිදී හෙළිදරව් විය.

තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සුමල් ලක්මන ගේ වාග් ප්‍රහාරය, ශානි අබේසේකරට හානියක් කිරීමට ඇති ඉඩකඩ පිරික්සා බැලීමේ පරීක්ෂණයක් විය හැකි බවයි. පහත දැක්වෙන වීඩියෝවෙහි දැක්වෙන පරිදි එම පුද්ගලයා මහ හඬින් බැණ වදිද්දී ශානි අබේසේකර ගමන් කරන්නේ තනිවය. ඔහු අසළ කිසිදු පොලිස් නිලධාරියකු නැත. එවැනි අවස්ථාවක අනතුරක් කිරීම  දුෂ්කර නැතැයි එම ආදළ  අංශ කියා සිටිති.

වීඩියෝව පහත දැක්වේ.

Archive

Latest news

Related news