Thursday, May 2, 2024

චීන සමාගම රුපියල් ඩොලර් කර වරාය නගරයේ මස් රාත්තලම ඉල්ලයි.

කොළඹ වරාය නගරයේ ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් ලැබෙන ශ‍්‍රී ලංකා රුපියල් ඩොලර්වලට මාරුකර ලබාදෙන ලෙස කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගම විසින් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමෙන් කියා ඇත්තේ කොළඹ වරාය නගරයේ ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් ලැබෙන ශ‍්‍රී ලංකා රුපියල් ඩොලර්වලට මාරුකර ලබාදෙන ලෙසය.
එම ඉල්ලීම කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ප‍්‍රතික්ෂේප කර ඇත.
මාරපන සඳහන ්කරන්නේ   වරාය නගරය ඉදිකරන චීන සමාගමට ඒ සඳහා වැයවන මුදලට අදාළව ඉඩම් ලබාදී ඇති බවත්   ඔවුනට සෙසු ඉඩම් සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි බවත්ය.
චීන සමාගම එය පිළිගන්නේ නැත.
මෙම තත්වය යටතේ  වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධව සාකච්ඡා කිරීමට සතියකට වරක් රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති ලේකම්වරයා කොමිසමෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ගාමිණී  මහතා දැනුම්දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාට කොමිසමේ කටයුතුවලට මැදිහත්විය නොහැකි බවයි.
ශ‍්‍රී ලංකාව තුළ ඩොලර් අර්බුදයක් පවතින මොහොතේ චීන සමාගමේ ඉල්ලීම ඉටුකළ නොහැකි බවත් සමාගම උත්සාහ ගන්නේ ඇමෙරිකානු ඩොලර් චීනයට යැවීමට බවත් ගාමිනී මාරපන සඳහන් කර තිබේ.

කොළඹ වරාය නගරය පිළිබඳ ජනාධිපති කොමිසමේ කටයුතුවලට ජනාධිපති ලේකම්වරයාට මැදිහත් වීමට බලයක් නැතැයි එම කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන  විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට දැනුම්දී ඇත.

කොමිසම පත්කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  බැවින් තමා වගකියනුයේ ජනාධිපතිවරයාට බව ගාමිණී මාරපන සඳහන් කර තිබේ.

මෙලෙස ජනාධිපති ලේකම්වරයා කොමිසමේ කටයුතුවලට මැදිහත් වුවහොත් එහි විශ්වාසය බිඳෙන බවත් මාරපන සදහන් කර තිබේ.

මේ අතර කොළඹ වරාය නගරයේ ලේඛකාධිකාරී කටයුතු කරන සමාගම සහ කොමිසමේ නීති උපදේශක නිහාල් ජයවර්ධන මහතා ද මේ වන විට සිය වගකීම්වලින් ඉවත්වී ඇතැයි ද වාර්තා වේ.

දිවයින වාර්තාවක කරුණූ ඇසුරිනි.

Archive

Latest news

Related news