Friday, April 19, 2024

කොවිඩ් වැය බිලියන 171 බිලියන 700ක් කළ මහ බැංකු අධිපතිගේ මහ බොරුව පතුරු යයි!

මහ බැංකු අධිපති විසින් කරන ලදුව, ආණ්ඩුවේ ඩේලි නිවිස් පුවත් පතෙහි පළ වූ පහත සඳහන් ප්‍රකාශය ව්‍යාජයක් බව FactCheck.lk* ප්‍රකාශ කරයි:

“කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සහ ජනතාවට සහන සැලසීම සඳහා රජය රුපියල් බිලියන 700 කට වඩා වැය කර ඇත. මෙය රටේ පසුගිය වසරේ සමස්ත ආදායම වන රුපියල් බිලියන 1,380 න් හරියටම අඩකි. සමෘද්ධි සහනාධාර ලබාගන්නා අඩු-ආදායම් පවුල් සඳහා රුපියල් බිලියන 50 ක් ද, නොමිලේ ඖෂධ සැපයීම සඳහා රුපියල් බිලියන 90 ක් ද, ආබාධ සහිත රණවිරුවන් වෙනුවෙන් රුපියල් බිලියන 40 ක් ද, විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 250 ක් ද, පොහොර සහනාධාර සඳහා රුපියල් බිලියන 35 ක් ද, එසේම පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා විවිධ සහන සැලසීම වෙනුවෙන් රුපියල් බිලියන 70 ක් ද වැය කර තිබෙනවා.”

 

හිටපු රාජ්‍ය අමාත්‍ය කබ්රාල්, කොවිඩ්-19 වියදම් ගැන නිවැරදි නොවන චිත්‍රයක් මවයි  

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මඟින්, රජය සිදු කළ සමාජ සුභසාධන සහ වෙනත් අදාළ වියදම් වෙන් කොට දක්වා ඇත. එලෙසම, මෙම ප්‍රකාශය වාර්තා කර ඇති ආකාරයට අනුව, කොවිඩ්-19 නිසා ඇතිවූ තත්ත්වය පාලනය කිරීමටත් ඒ වෙනුවෙන් සහන සැලසීමටත් රුපියල් බිලියන 700 ක් වැය වී ඇත. [ඩේලි නිව්ස් සිරස්තලය: (Rs 700 bn spent on Covid controlකොවිඩ් පාලනය සඳහා රුපියල් බිලියන 700 ක් වියදම් කර ඇත.] 

මෙම ප්‍රකාශයේ ආකාරයට කොවිඩ්-19 වියදම් සඳහා වැය වූ ගණන් හිලව්වල වැරදි නිවැරදි බව සොයා බැලීම සඳහා, FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ (MoF) වාර්ෂික වාර්තාවන් හි දත්ත පරිශීලනයට ගෙන ඇත. 

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විසින් වෙන් කොට පෙන්වා දුන්, රජය සිදු කළ බවට කියැවෙන සමාජ සුභසාධන සහ වෙනත් අදාළ වියදම්, 2020 වසරේ ඒ ඒ අදාළ කාණ්ඩයන් සඳහා සිදු කළ වියදම් හා ගැලපේ (නිදර්ශන අංක 01 බලන්න). කෙසේ නමුත්, මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව, කොවිඩ්-19 වසංගතය හා සම්බන්ධ වියදම් සඳහා බැර කළ හැක්කේ රුපියල් බිලියන 171 ක ප්‍රමාණයක් පමණි (2020 දී රුපියල් බිලියන 118 ක් සහ 2021 ජනවාරි සිට ජූනි දක්වා රුපියල් බිලියන 53 ක් ලෙසින්). හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වා ඇති ඉතිරි රුපියල් බිලියන 529 රජයේ සාමාන්‍ය වියදම් වේ. ඇත්ත වශයෙන්ම, කොවිඩ්-19 වලට පෙරාතුව 2019 වසරේ රාජ්‍ය වියදම් සමගින්ද එම අගය ගැලපේ. 

රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කොට ඇති සංඛ්‍යාවන් ආසන්න වශයෙන් නිවැරදි වුවත්, ප්‍රකාශය වාර්තා කර ඇති ආකාරය ගත් විට, කොවිඩ්-19 නිසා ඇතිවූ තත්ත්වයන් සඳහා වන ක්‍රියාකාරකම් සඳහා වියදම් ලෙසින් රුපියල් බිලියන 700ක් බැර කිරීම අති විශාල ලෙසින් වැරදි වේ. මුදල් අමාත්‍යාංශයේ නිල ගිණුම් ඔස්සේ පෙන්වා දෙන්නේ, කොවිඩ්-19 නිසා ඇතිවූ තත්ත්වයන් සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා වියදම රුපියල් බිලියන 171 ක් පමණක් වූ බවයි.  

ඒ අනුව, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි පවසමු. 

නිදර්ශක අංක 1: 2019 සහ 2020 වර්ෂ සඳහා එක් එක් අංශයට අදාළව දක්වා ඇති රජයේ වියදම් 

 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.  

Archive

Latest news

Related news