Friday, May 17, 2024

පැන්ඩෝරා සල්ලි දූෂනයක්ද නැත්ද සෙවීමට යතුර නිරූපමා රාජපක්ෂගේ වත්කම් ප්‍රකාශයන්ය – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල්

පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් ට්‍ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ප්‍රකාහ කරන්නේ පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිකරන ලද නිරූපමා රාජපක්ෂ නියෝජ්‍ය ඇමතිවරියගේ, ඇයගේ සැමියාගේ සහ දරුවන්ගේ විදෙස්ගත වත්කම්,පෙර අනාවරණය කර ඇතිදැයි සොයාගැනීමට උපකාරී වන ප්‍රධානම මෙවළම වන්නේ ඇයගේ වත්කම් ප්‍රකාශන බවයි. “1975 අංක 1 දරන වත්කම් සහ බැරකම් නීතිය යටතේ, පාර්ලිමේන්තු නියෝජිතයින්ට සහජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට, ඔවුන්ගේ සහකරුවන් හෝ සහකාරියන්ගේත්, යැපෙන්නාවූ දරුවන්ගේත්, වත්කම් බැරකම් ද ඇතුලත්ව වාර්ෂිකව වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම අනිවාර්ය ක්‍රියාවලියකි. පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති විදේශගත වත්කම් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු නියෝජිතවරිය අනාවරණය කර නොමැති නම්, ඇය වත්කම් සහ බැරකම් ප්‍රකාශන නීතිය උල්ලංඝණය කිරීමේ  වරදකාරියකු වනු ඇත.” යැයිද ඒය තවදුරටත් කියා සිටී.

එම නිවේදනය පහත පළවේ:

පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්වට අදාළව, සිය පළමු නිවේදනය නිකුත් කිරීමේ සිට මේ දක්වා TISL ආයතනය  ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත.

  • TISL ආයතනය විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනුකරන ලදී.
  • නිරූපමා රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත්කර ඇති ඇයගේ වත්කම් ප්‍රකාශ පිළිබඳ විමසමින් තොරතුරු ඉල්ලුම්පත් තුනක්ද TISL ආයතනය විසින් ගොනුකරන ලදී.
  • TISL ආයතනය මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලිඛිතව දන්වමින් මුදල් විශුද්ධිකරණයන් සිදු වීමට ඇති ඉඩ කඩ පිළිබඳ කඩිනමින් විමර්ශනය කරන ලෙස ඉල්ලන ලදී.
  • අක්වෙරළ මූල්‍ය ප්‍රවාහ සක්‍රීයකරන්නන් පාලනය කිරීමට සහ පැහැදිලි නොකළ වත්කම් රඳවා ඇති රටවල්වල වගවීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයන් ඔස්සේ ජාත්‍යන්තර සහයෝගය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ.

දූෂණයේ හානිකර බලපෑම පිළිබඳ දැනුවත්කිරීම් සිදු කරන සංවිධානයක් ලෙස, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL), පැන්ඩෝරා පත්‍රිකා මගින් මෙම මස මුලදී හෙළිදරව් කළ බරපතල කාරණාවන් වෙත නැවත ජනතාවගේ අවධානය යොමු කරයි.

මෙම පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව හරහා අක්වෙරළ සමාගම් දූෂණය ප්‍රවර්ධනය කරනආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි සපයන අතරම, ආයතනවල සැබෑ අයිතිකරුවන් පිළිබඳ විනිවිදභාවය තහවුරු කිරීමේ වැදගත්කම මනාව  ඔප්පු කරයි.

ශ්‍රී ලංකාවේ හිටපු ජලසම්පාදන සහ ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා විසින් අක්වෙරළ සමාගම් හරහා  පවත්වාගෙන යනු ලැබූ විශාල වටිනාකමක් ඇති වත්කම් පිළිබඳව ද මෙම ලේඛන වල සඳහන් වේ. මෙම හෙළිදරව්වෙන් පසු TISL ආයතනය නිකුත්කළ පළමු නිවේදනය හරහා රජයෙන් ඉල්ලා සිටියේ, පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිකර ඇති කරුණු පිළිබඳව ස්වාධීන විමර්ශනයන් කඩිනමින් පවත්වන බවට සහතික වන ලෙසයි. පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කළ කරුණු සම්බන්ධයෙන්විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති තුමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන  කොමිෂන් සභාව (CIABOC) වෙත දන්වා ඇත.

ප්‍රථමයෙන්,2021 ඔක්තෝම්බර් මස 07 වන දින, දේශපාලනික වශයෙන් අනාවෘත පුද්ගලයින් (PEP) ලෙස හඳුනාගෙන ඇති හිටපු ජලසම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍යවරියගේ සහ ඇයගේ සැමියාගේ පැහැදිලි නොකළ බවට චෝදනා ලැබ ඇති වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් TISL ආයතනය අල්ලස් කොමිසම (CIABOC) වෙත පැමිණිල්ලක් ගොනු කරන ලදී.

TISL ආයතනය විසින් මෙහිදී අවධාරණය කර සිටියේ, මෙම හෙළිදරව්වෙන් අනාවරණය කර ඇති ගනුදෙනු, අල්ලස් පනතේ 23(අ) වගන්තිය යටතේ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතෙහි 4(1) වගන්තිය යටතේ සහ වත්කම් හා බැරකම් නීතියේ අදාළ ප්‍රතිපාදන යටතේද දඬුවම් ලැබිය හැකි වැරදි විය හැකි බැවින්, නිිරූපමා රාජපක්ෂ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරනු ලැබූ කාලසීමාව තුළ  ඇයගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන පිළිබඳව සොයා බලන මෙන් කොමිසමෙන්   ඉල්ලා සිටි බවයි.

මහජන මුදල් වංචාකර ඒවා මෙම විදේශගත සුරක්‍ෂිතයන් තුළ විශුද්ධිකරණයට ලක් කර ඇත්ද යන්නත්  විමර්ශනය කිරීමට පියවර ගන්නැයි TISLආයතනය අල්ලස් කොමිසමෙන්  වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී.

ඔක්තෝම්බර් 13 වන දින,TISL ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ලිඛිතව දන්වමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සහ ඇයගේ සැමියා විසින් සිදු කර ඇති බවට ඉඩකඩ ඇතැයි සැක කළ හැකිමුදල් විශුද්ධිකරණ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ නීති බලාත්මක කරන අදාළ ආයතන සමඟින් සම්බන්ධීකරණය සිදු කරන මෙන් ඉල්ලා සිටින ලදී.

2006 අංක 06 දරන මූල්‍යගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ පිහිටුවනු ලැබූ ස්වාධීන මධ්‍යම ආයතනය ලෙස, මූල්‍ය බුද්ධි ඒකකයට (FIU),මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළ වැරදි වළක්වාලීමට, හඳුනා ගැනීමට, විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට බලය ඇත.

TISL ආයතනය මෙම ලිපිය මගින් මූල්‍ය බුද්ධි ඒකකයෙන් ඉල්ලා සිටියේ, දේශීය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා සම්බන්ධ වෙමින් ,ශ්‍රී ලංකාවෙන් පිටතට සහ ශ්‍රී ලංකාව තුළට ගලා ගොස් ඇති මෙම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධ වන මූල්‍ය ගනුදෙනු පරීක්ෂා කරමින්, අදාළ අධිකාරී ආයතනවලට සාක්ෂි සැපයීම සඳහා වැඩි දුර පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම,TISL ආයතනය විසින්, නිරූපමා රාජපක්‍ෂ මහත්මිය, මැතිවරණ අපේක්ෂිකාවක් ලෙස, පාර්ලිමේන්තු නියෝජිතවරියක් ලෙස සහ නියෝජ්‍ය ඇමතිවරියක් ලෙස ලබා දී ඇතිඇයගේ වත්කම් ප්‍රකාශන ඉල්ලා සිටිමින්, මැතිවරණ කොමිෂන් සභාවට, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත් තුනක් යොමු කරනලදී.

1975 අංක 1 දරන වත්කම් සහ බැරකම් නීතිය යටතේ, පාර්ලිමේන්තු නියෝජිතයින්ට සහජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට, ඔවුන්ගේ සහකරුවන් හෝ සහකාරියන්ගේත්, යැපෙන්නාවූ දරුවන්ගේත්, වත්කම් බැරකම් ද ඇතුලත්ව වාර්ෂිකව වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම අනිවාර්ය ක්‍රියාවලියකි. පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති විදේශගත වත්කම් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු නියෝජිතවරිය අනාවරණය කර නොමැති නම්, ඇය වත්කම් සහ බැරකම් ප්‍රකාශන නීතිය උල්ලංඝණය කිරීමේ  වරදකාරියකු වනු ඇත. එබැවින්, පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිකරන ලද නියෝජ්‍ය ඇමතිවරියගේ, ඇයගේ සැමියාගේ සහ දරුවන්ගේ විදෙස්ගත වත්කම්,පෙර අනාවරණය කර ඇතිදැයි සොයාගැනීමට උපකාරී වන ප්‍රධානම මෙවළම වන්නේ ඇයගේ වත්කම් ප්‍රකාශනයි.

TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක නදීශානි පෙරේරා මහත්මිය මෙම කාරණය පිළිබඳවඅදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.”පැන්ඩෝරා පත්‍රිකාමගින් සිදු කළ හෙළිදරව්වසම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස, අප රටේ අදාළ අධිකාරී ආයතනයන්ගෙන් ඉල්ලා සිටිනවා. කිසිදු බාහිර මැදිහත්වීමකින්, බාධාවකින් හෝ ප්‍රමාදවීමකින් තොරව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම ඉතා වැදගත් වෙනවා.දේශපාලනිකව අනාවෘත පුද්ගලයින් (PEP) වීම සම්බන්ධ කාරණයේදී,

ඔවුන් අදාළ වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කරමින් ජනතා ඉල්ලීමට අනුව කටයුතු කරන්නේ නම්,තමාගේ නම් චෝදනාවන්ගෙන් නිදහස් කරගැනීමටඅවස්ථාවක් ඔවුන්ට ඉතිරිව තිබෙනවා. ඉතා දැඩි සහ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකිරීම මගින්, රටේ නීති ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජන විශ්වාසය රැක ගත  හැකි වන අතර, එය සුදු කරපටි අපරාධවල නිරතවන්නන්ට  එරෙහිව නැගෙන දැඩි අනතුරු ඇඟවීමක් වනු ඇත.”

TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය: “නීති විරෝධී ලෙස මුදල් මෙරට සිට රහස්‍ය බලප්‍රදේශයන් කරා ගලායාම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම ඉතා වැදගත් වන අතරම, ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට ගෙන ඒම හරහා සිංගප්පුරුව වැනි රටවල මූල්‍ය ආයතන ද වගවීමට බැඳී සිටින බවට සහතික වීම මෙන්ම, අප රටට අහිමි වූ අපරාධයන්ගෙන් උපයාගත් දේපළ, ඒවා සඟවා ඇති ස්ථානවල සිට නැවත රටට ලබා ගැනීමට පියවර ගැනීමත් අත්‍යවශ්‍ය වේ.”

Archive

Latest news

Related news