Friday, May 17, 2024

“කැපී පෙනීමේ වරදක් නැහැ; මගේ උස විවිධත්වය උත්කර්ෂවයට නැංවීමට යොදා ගන්නවා” – ලොව උස්ම කාන්තාව වන රුමෙයිසා

ලොව උසම කාන්තාව වන රුමෙයිසා ගෙල්ගි 2021 ඔක්තෝබර් 14 වෙනි තුර්කියේ කරබොක් පළාතේ සෆ්‍රන්බොලු හි සිය නිවසේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇගේ මව සෆීයි ගෙල්ගි සමඟ පෙනී සිටි. (රොයිටර් ඡායාරූප)

මීටර් 2 යි සෙන්ටිමීටර 15 (අඩි 7 අඟල් 0.7) ක් උස රුමෙයිසා ගෙල්ගි සැමවිටම සෑම තැනකදීම කැපී පෙනේ.  ඒ ඇයගේ අසාමන්‍ය උස නිසාය.

ලොව උසම කාන්තාව ලෙස පසුගිය සතියෙහි ගිනස් වාර්තා විසින් 24 හැවිරිදි ඇය පිළිගන්නා ලදී. ඇය තුර්කි ජාතිකය

ඇය කියන්නේ තමන්ගේ අසාමන්‍ය උස, ලොව පවත්නා විවිධත්වයන් උත්කර්ෂයට නැංවීම සඳහා භාවිතා කිරීමට අවශ්‍ය බවයි.

ඇය උපතේ සිටම  වෙනත් රෝගී අසාමාන්‍යතා අතර වේගයෙන් වර්ධනය වීමට හේතු වන දුර්ලභ ජානමය රෝගයක් වන වීවර් සින්ඩ්‍රෝමයට ලක්ව සිටී.

2014 වසරෙහි දී ඇය වසය 18දීත් ලොව උසම තරුණිය ලෙස ඇය විරුදාවලී ලබා සිටියාය.

” අනෙක් අයගෙන් වෙනස් වීම ඔබ සිතන තරම් නරක නැත. එයින් ඔබට නොසිතූ සාර්ථකත්වයක් ලබා ගත හැකිය,” ගෙල්ගි වාර්තාකරුවන්ට පැවසුවේ ඇගේ ඇවිදීමේ ආධාරකයේ ආධාරයෙන් සිට ගනිමිනි.

ඇය සාමාන්‍යයෙන් ගමන් කිරීමට  රෝද පුටුවක් හෝ අවිදීමේ ආධාරකයක් රාමුවක් යොදා ගනී.

අසාමාන්‍ය උස නිසා තමාට ඇති බලපෑම වීවර් සින්ඩ්‍රෝමය වැනි දුර්ලභ ජානමය ආබාධ ගැන සමාජය දැනුවත් කිරීම සඳහා භාවිත කිරීමට කල්පනා කරයි.

“මම පෞද්ගලිකව සිතන්නේ අඩුපාඩුවක් සේ පෙනෙන වෙනස්කම් සහ අනෙකුත් ලක්‍ෂණ ඔබට අවශ්‍ය නම් වාසියක් බවට හරවා ගත හැකි බවයි. මම කරන්නේ එයයි.”

මීටර් 2 යි 51 සෙන්ටිමීටර උස ලොව උසම මිනිසා වන සුල්තාන් කෝසන්  ද තුර්කි ජාතිකයෙකි.

කෙල්ගි පවසන්නේ තමා දිනෙක ඔහු හමුවීමට බලාපොරොත්තු වන බවයි.

Archive

Latest news

Related news