හෙන්රියෙට්ටා ලැක්ස් (Henrietta Lacks) 1951 දී ඇමෙරිකාවෙහි ජොන් හොප්කින්ස් රෝහලෙහි දී ගැබ් ගෙල පිළිකාවකින් Cervical cancer මිය ගියේය.
ගැබ්ගෙල පිළිකාව යනු ගැබ් ගෙලෙහි, එනම් ගර්භාෂයේ යෝනි මාර්ගයට සම්බන්ධ වන පහළ කොටසෙහි සෛල තුළ හට ගන්නා පිළිකාවකි.
මිය යන විට ඇය 31 හැවිරිදි වියේ පසු විය. ඇයට ප්‍රතිකාර කළ සෛල ජීව විද්‍යාඥ ජෝර්ජ් ඔටෝ ගෙයි 1951 පෙබරවාරි 08 දා බයොප්සි පරීක්ෂණය වෙනුවෙන් ඇයගේ ගැබ් ගෙල පිළිකා සෛල ප්‍රමාණයක් ලබා ගත්තේය. ඒ සඳහා ඇයගේ කැමැත්ත විමසුවේ නැත. එවැනි අවසරයක් ගත යුතු යැයි එකල ඇමෙරිකාවෙහි නීතියක් තිබුණේ නැත.
1951 ඔක්තෝබර් 4 දින පිළිකාව හේතුවෙන්, දුප්පත් දුම්කොළ වෙළෙන්දියක වූ ඇය මිය ගියේ ය. එ වන විට ඇය දරුවන් පස් දෙනෙකුගේ මවක් විය.
හෙන්රියෙට්ටා ලැක්ස්ගෙන් ලබා ගත් ගෙල පිළිකා ශෛල සජීවීව පවත්වා ගත හැකි බව සෛල ජීව විද්‍යාඥ ජෝර්ජ් ඔටෝ ගෙයි සොයා ගත්තේ ය. Henrietta Lacks ගේ නමේ මුලකුරු හතරකින් සාදා ගත් Hela සෛල යනුවෙන් ඒවා හැදින් වේ.
එයට පෙර සජීව පවත්වා ගත හැකි මිනිස් සෛල මිනිස් සිරුරෙන් පිටත තිබුණේ නැත. අනෙකුත් මිනිස් සෛල වලින් වගා කරන ලද සෛල සජීවීව පැවැතියේ දින කිහිපයක් පමණි.
මෙම සෛල රේඛාව කැපී පෙනෙන ලෙස කල් පවතින හා බහුල බව සොයා ගැනීමෙන් පසු එය විද්‍යාත්මක අධ්‍යයනයේදී බහුලව භාවිතා කිරීමට යොදා ගැනීම ආරම්භ විය.
එසේ නමුත් කලු ජාතිකයින්ට පහත් කොට සැලකීම රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් තිබූ ඒදා ඇමෙරිකාවේ වෛද්‍ය ප්‍රජාව පවා මෙම හෙලා සෛල ලැබුණේ කලු ජාතික ගැහැණියකගෙන් බව සඟවා තබා ගත්තේය.
2010 වසරෙහිදී පළ කරන ලද “හෙන්රියෙට්ටා ලැක්ස් ගේ අමරනීය ජීවිතය” The Immortal Life of Henrietta Lacks නම් පොත එළි දකින තුරු හෙලා සෛල කලු ජාතික ගැහැණියකගෙන් බව බොහෝ දෙනෙකු දැන සිටියේ නැත.
ඒ කොතෙක් ද යත් මෙම සෛල ටොන් මිලියන ගණනකින් නිශ්පාදනය කර විවිධ පර්යේෂන සඳහා යොදා ගන්නා ලදී.
Hela line නමින් එදා මෙදා තුර හැදින්වෙන්නේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා භාවිතා කරන මිය නොයන සෛල රේඛාවයි. එය පැරණිතම සහ බහුලව භාවිතා වන මිනිස් සෛල රේඛාව ද වේ.
ඇයගේ සිය වැනි උපන් දිනය පසුගිය සතියේ යෙදී තිබුණි. ඒ වෙනුවෙන් උත්සවයක් පැවැත් වූ ලෝක සෞඛය සංවිධානය ඇයගේ 81 හැවිරිදි පුතුට ඇයගේ ලෝකය වෙනස් කරන උරුමය වෙනුවෙන් අනුස්මරණ ත්‍යාගයක් පිරි නැමුවාය.
එච්අයිවී ප්‍රතිකාර හැදුවෙත් හෙලා සෛල භාවිතයෙන්
ගෙවී ගිය දශක හත තුළදී, හෙන්රියෙට්ටාගෙන් ලබා ගත් හෙලා සෛල ගණන් කළ නොහැකි තරම් ජීවිත බේරාගෙන තිබේ. පෝලියෝ එන්නත මෙන්ම එච්අයිවී ප්‍රතිකාර සඳහා ඖෂධ නිපදවීම වැනි විද්‍යාත්මක ජයග්‍රහණ බොහෝමයක් ලබා ගැනුනේ හෙලා සෛල භාවිතයෙනි.
ඊට අමතරව හිමොෆිලියා, ලියුකේමියා සහ පාකින්සන් වැනි රෝග සඳහා ඖෂධ නිපදවීමට හෙලා සෛල භාවිත විය. වර්ණදේහ තත්වයන්, පිළිකා ජාන සිතියම්කරණය සඳහා ද ගේරියෙට්ටා ගේ හෙලා සෛල යොදා ගැනුනි. විට්‍රෝ ක්‍රමයට ගැබ් ගැන්වීම සොයා ගන්නා ලද්දේ ද හෙලා සෛල භාවිතයෙනි.
අද එය කොවිඩ් 19 එන්නත් නිපදවීමේ පර්යේෂණ සඳහා ද යොදා ගැනේ.
ඇගේ පවුලට කිසිදු ලාභාංශයක් නොදුන් නමුත් ලාභය උපයන ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ සමාගම් සඳහා එම හෙලා සෛල විශාල වශයෙන් නිපදවන ලදී. අධ්‍යයන 75,000 කට අධික සංඛ්‍යාවකට දායක වූ හෙලා සෛල මෙට්‍රික් ටොන් 50,000,000 කට වඩා මේ වන විට ලොව පුරා බෙදා හැර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීය විද්‍යාත්මක ප්‍රජාව විසින් ඇගේ ජාතිය සහ ඇගේ සත්‍ය කතාව වසන් කිරීම ඓතිහාසික වරදක් බවයි.
හෙන්රියෙට්ටා ලැක්ස් නමින් පිහිටුවා ඇති සුව සේවා සහ ප්‍රජා සේවා පදනමට ඖෂධ සමාගම් ඇතුලු විවිධ පුද්ගලයින් විසින් දැන් විශාල මුදල් ප්‍රමාණයන් ප්‍රදානය කර තිබේ.
ගැබ් ගෙල පිළිකා ගෝලීය තුරන් කිරීමේ ව්‍යාපාරය දියත් කිරීමේ පළමු සංවත්සරය සනිටුහන් කරමින් එම ත්‍යාගය පිරිනමන ලද 13වනදා සිට සිට නොවැම්බර් 17 දක්වා කාලය තුළ ආලෝකමත් කරන ලෝක ස්මාරක කිහිපයෙන් පළමුවැන්න වන්නේ ජිනීවා විල මැද පිහිටා තිබෙන් මීටර සියයකට වඩා උස ජල ධාරාවයි.