Friday, April 19, 2024

පවුලේ පස් දෙනාට අයවැයෙන් සියයට 27ක්!

ලබන 2022 වසර වෙනුවෙන් නිකුත් කර තිබෙන අයවැය විසර්ජන ගැසට් පත්‍රයට අනුව රාජපක්ෂ පවුලේ ජනාධිපති අගමැති ඇතුළු ඇමතිවරු විසින් වියදම් කරනු ලබන මුළු මුදලේ ප්‍රමාණය 27.89%ක් වී තිබෙන බව අනාවරණය වේ.

එම විසර්ජන පනත්ට අනුව මුළු වියදම රුපියල් කෝටි 250,534කට වැඩි අගයක් ගනියි. එයින් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දරණ අමාත්‍ය ධුර සඳහා වෙන් කර තිබෙන මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් කෝටි 69,885ක් වී තිබේ.

එම මුදල් බෙදීගොස් තිබෙන්නේ පහති දැක්වෙන ආකාරයන්ගෙන්ය.

ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරය, ආරක්ෂක ඇමති ධුරය, තාක්ෂණ ඇමති ධුරය සහ මුදල් සහ ප්‍රාග්දන රාජ්‍ය අමාත්‍ය ධුරය දරණ අතර එම අමාත්‍යාංශ වෙනුවෙන් රුපියල් කෝටි 42,537ක් වෙන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ අගමැති, බුද්ධ ශාසන ඇමති, නාගරික සංවර්ධන ඇමති සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ඇමති වශයෙන් රුපියල් කෝටි 2,803ක් වූ ප්‍රතිපාදන වෙන් කෙරී තිබේ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 17,591ක් වෙන් කර ඇත.

චමල් රාජපක්ෂ අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය සහ වාරිමාර්ග අමාත්‍ය ධුරය දරන අතර එම අමාත්‍යාංශ දෙක වෙනුවෙන් රුපියල් කෝටි 5,836ක් වෙන් කර තිබේ. නාමල් රාජපක්ෂ තරුණ හා ක්‍රීඩා ඇමති, සංවර්ධන අධීක්ෂණ සම්බන්ධීකරණ ඇමති සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමති වශයෙන් රුපියල් කෝටි 1,118ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

( ලංකා ට්රුක්)

Archive

Latest news

Related news