Friday, May 17, 2024

නීතිපති තවත් ඇමැතිවරයෙක් නීතියෙන් බේරයි!

හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන මහින්දාන්නද අලුත්ගමගේට විරුද්ධව පැහැදිලි සාක්ෂි තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි නැතැයි ඔහුට විරුද්ධව පවරා ඇති නඩුවක් ඉවත් කර ගෙන තිබේ.

නීතිපති සංජය රාජරත්නම් යටතේ වත්මන් රජයේ බලධාරීන්ට විරුද්ධ නඩු විභාග ගණනාවක්ම දැන් මෙළෙස ඉවත් කර ගෙන තිබේ.

ඒ් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවා දුන්නේ යැයි ඔහු විසින් කරන ලද ප්‍රකාශයට සම්බන්ධ නඩුවෙනි. එම ප්‍රකාශය ඔහු විසින් කරන ලද්දේ වසරකට පෙරය. ඔහු කියා සිටියේ ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ඉන්දියාවට විකුණන ලද බවයි.

එම ප්‍රකාශය කරන ලද්දේ තරඟය පවත්වා වසර දහයකට තරම් පසු 2020 ජූනි 18වනදාය. අනතුරුව එම අවස්ථාවෙහි ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වූ අරවින්ද ද සිල්වා, ක්‍රමාර් සංගක්කාර සහ උපුල් තරංග යන අයගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්ණ කරන ලදී.

කන්ඩායමෙහි වෙනස්කම් කරන ලද්දේ තමාගේ අනුදැනුමක් නොමැතිව බවට මහින්දානන්ද කළ ප්‍රකාශය ලිඛිත සාක්ෂී මගින් බොරු බවට ඔප්පු විය.

එම තරඟයෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද්දේ මෙරට බිහිවූ කීර්තිමත් ක්‍රීඩකයින් දෙදෙනෙකු වූ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසිනි. එම දෙදෙනාම එම චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කළහ.

ඇමැති මහින්දානන්දගේ ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොවූ බැවින් ඒම චෝදනාව කුණූ කූඩයට දමන ලදී.

මහින්දානන්ද කියා සිටියේ අවසාන මොහොතෙහි කන්ඩායමෙහි කරන ලද වෙනස්කම් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා වූ තමාගෙන් අවසර නොගත් බවයි.

ජූනි 28වන දින සන්ඩේ ටයිම්ස් පුවත්පත ඇමැති මහින්දානන්ද 2011 මාර්තු 30දා කණ්ඩායමේ වෙනස්කම් සඳහා අවසර දී ඇති බව ලිඛිත සාක්ෂි ඇතිව වාර්තා කරන ලදී.

ඇමැතිවරයා පචයකු බව සනාථ විය.

චෝදනාවට ලක් වූ ක්‍රීඩකයෝ එම ලියැවිලි ඉදිරිපත් කරන ලද නමුත් නීතිපති දෙපාර්ථමෙන්තුව තවමත් ඒවායේ ඇත්ත නැත්ත සොයමින් සිටිති.

මේ අතර ඇමැති මහින්දානන්ද කල තවත් ප්‍රකාශයක් ව්‍යාජ බවට සනාථ විය. එනම් මෙම ඊනියා තරඟ පාවාදීම ගැන තමා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් කළ බවට කළ ප්‍රකාශයයි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුව තමන්ට එලෙස පැමිණිල්ලක් ලැබී නැතැයි ක්‍රියා සිටියේය.

යළිත් මහින්දානන්ද පචයකු බව ඔප්පු විය.

බොරු චෝදනා කළ බවට ඇමැති මහින්දානන්දට විරුද්ධව ක්‍රීඩා පනතට අදාළ 13වන කොටසට අනුව ව්‍යාජ චෝදනා කිරීම යටතේ නඩු පැවරිය යුතුව තිබුණි. චෝදනාවන්ට ලක් වූ ක්‍රීඩකයෝ පදම් විරහිත චෝදනා එල්ල කිරීම ගැන පියවර ගන්නා සේ ඉල්ලා තිබුණි

නමුත් දැන් සංජය රාජරත්නම්ගේ නීතිපති දෙපාර්තමේන්තුව එම නඩුව ද අතහැර දමා තිබෙන බව දෙසතියකට පෙර සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ලැයිස්තුව එන්න එන්නම දික්වෙයි.

Archive

Latest news

Related news