Friday, July 19, 2024

පාස්කු ප්‍රහාරය: හිටපු බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන, පූජිතට සහ හේමසිරිට විරුද්ධව රජයේ සාක්ෂි කාරයෙක් වෙයි!

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබදව ප්‍රථම ඔත්තුව ලද  රාජ්‍ය බුද්ධී සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂි කාරයෙක් බවට පත්වීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ නීති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වන නීතිඥ හරිගුප්ත රෝහණධීර විසිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නිලධාරියකු ලෙස පාස්කු ප්‍රහාර පිළිබද විමර්ශනය කළ ජනාධිපති පාස්කු කොමිසමෙන් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නිලන්ත ජයවර්ධන නම් කර තිබේ.

පාස්කු ප්‍රහාර පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිලන්ත ජයවර්ධනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට නිර්දේශ කර තිබුණි.

සාමාන්‍යයෙන් අපරාධ සහායකයකු රජයේ සාක්ෂිකරුවකු වන්නේ එම අපරාධය සම්බන්ධයෙන් සමාව ලබා දෙන බවට නීතිපතිවරයා විසින් දෙනු ලබන පොරොන්දුවකින් පසු පමණය.

දැනට නඩු පවරා ඇති හිටපු පොලිස්පති පූජිත ජයවර්ධනට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට විරුද්ධව ඔහු රජයේ සාක්ෂිකරුවකු වනු ඇතැයි හරිගුප්ත සේනාධීර සඳහන් කරයි.

නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාර වැළැක්වීමට අසමත්වීම සම්බන්ධයෙන් අත්අඩංඟුවට නොගන්නේ මන්ද යනුවෙන් බොහෝ පාර්ශව විසින් මතු කරනු ලද ප්‍රශ්ණයට මෙමගින් පිළිතුරක් ලැබේ.

පනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂක රොහණධිර තවදුරටත් කියා ඇත්තේ පාස්කු ප්‍රහරයන් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් නැති බවයි. එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස මෙරට කතෝ්ලික ප්‍රජාව විසින් කරනු ලබන ඉල්ලීමද එමගින් රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

නිලන්ත ජයවර්ධන රවිරාජ් ඝාතනය පිළිබඳ නඩු විභාගයේදී නීතිපතිවරයාගේ හෝ පොලිස්පතිවරයාගේ අවසරයක් නැතිව විත්කි පාර්ශවයට එනම් චූදිතයිනට පක්ෂව සාක්ෂි දුන් අතර එම නඩුවෙන් සියලු චූදිතයින් නිදහස්වීමට එම සාක්ෂිය ප්‍රධාන සාධකයක් විය.

ඔහු එළෙස සාක්ෂි දුන්නේ එය වත්මන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ සම්බන්ධ කරුණක් නිසා බව, නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිවේදිනිය පාස්කු ප්‍රහාර විමර්ශනය කළ ජනාධිපති කොමිසමට කියා සිටියාය.

Archive

Latest news

Related news