Wednesday, October 13, 2021

ඊ නිවුස් මාධ්‍යවේදී  කීර්ති රත්නායක අත්අඩංගුවට ගැනීම: හේතු හෙළිදරව් කළ යුතුයි: ජීවිත ආරක්ෂාව සහතික කළ යුතුයි – කරු ජයසූරිය

ඡායාරූපය: පණිවිඩකරුවාට  වෙඩි තැබීම

ලංකා ඊ නිවුස් ආයතනයේ මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපගේ බලවත් අවධානය යොමු වී තිබේ. ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කරන අන්දමට කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට තුඩුදුන් කරුණක් පිළිබඳව පොලීසිය විසින් නිශ්චිතව කිසිවක් සඳහන් කර නැත.

එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පමණක් සඳහන් කර ඇත. එය ඉතාමත් භයානක ප්‍රවනතාවයකි. එබැවින් අප පොලීසිය ද ඇතුළු වගකිව යුත්තන්ගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු ප්‍රථමයෙන්ම රටට හෙළිදරව් කරන ලෙසටය.

එමෙන්ම ඔහුට එරෙහිව ඉදිරිපත් කළ හැකි චෝදනාවක් වෙත්නම් ඒ බව සඳහන් කරමින් අධිකරණයක් හමුවට යොමු කරවන ලෙසය. නොඑසේ නම් ඔහු නිදහස් කරන ලෙසය.

මේ පිළිබඳව ඔහුගේ නීතිඥයන් සහ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට පසුබිම වී ඇත්තේ විදේශ දූත මණ්ඩල කාර්යාලයක ආරක්ෂාවට අදාළ කරුණක් අදාළ ආයතනය වෙත දැනුම් දීමය. එය එසේ නම් එය පණිවුඩයක් ලබාදීමකි. එය එසේ වන්නේ නම් එය සැලකිය හැක්කේ පණිවිඩකරුවකු අත්අඩංගුවට ගැනීමක් ලෙසටය.

විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවැනි අත්අඩංගුවට ගැනීමක් විමතිය දනවන කරුණකි. එමෙන්ම අසාධාරණ ක්‍රියාවකි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. ඒකාධිපති ක්‍රියාදාමයකි.

මේ රටේ ජනමාධ්‍ය වේදින් බොහෝ දෙනෙකුට පසුගිය කාලය තුළ අත්ව ඇති ඛේදජනක ඉරණම සලකා බැලීමේදී මෙවැනි සිදුවීම් අප තුළ මහත් තැති ගැන්මක් ඇති කරවයි. එමෙන්ම එවැනි ක්‍රියා තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදුවීමේ පෙර නිමිති පහළ වන්නේ ද යන සැකය අප තුළ ඇති කරවයි. එබැවින් මේ පිළිබඳව සමස්ථ සමාජයේම දැඩි අවධානය යොමුවිය යුතුව තිබේ.

එබැවින් අප මේ මොහොතේ පොලීසිය ද ඇතුළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ කීර්ති රත්නායක මහතාගේ ජීවිත ආරක්ෂාව සහතික කරමින් කටයුතු කරන ලෙසය. එමෙන්ම ඔහුට එරෙහිව නැඟිය හැකි සාධාරණ චෝදනාවක් වෙත් නම් නොපමාවම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසය. නොඑසේ නම් වහාම ඔහු නිදහස් කිරීමට කටයුතු කරන ලෙසය.

දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Archive

Latest news

යෝජිත අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත හිමිකම් අපයෝජන කුණාටූවකට උපත දෙනු ඇත – බැසිල් ප්‍රනාන්දු

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා (ආණ්ඩුව විසින් ගැසට් කර ඇති) යෝජිත අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත්...

යෝෂිතට ආරක්ෂාව දෙන පොලිස්පතිගෙන්, ආරක්ෂාව ඉල්ලූ ශානි අබේසේකරට තෙමසක්  ගත වීත් පිළිතුරක්වත් නැහැ!

තමාට  සහ තම පවුලේ සාමාජිකාවනට ඉතා බරපතළ ජීවිත අවදානමක් ඇති  බැවින්   ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්...

පළාත් සභා මැතිවරණය වහා පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කරයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදුකිරීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන...

බටු පණුවෝ, කරවිල පණුවෝ, ගෝවා පිපියෝ, කළු පණුවෝ, බෝංචි මැස්සෝ රාජපක්ෂ ආණ්ඩුව යටතේ හරි සතුටෙන්

ඌව පළාතේ කෘෂිකර්මයෙන් ජීවත් වෙත බහුතරයක් ඉන්න ප්‍රදේශවල පන්සලට දන් මුරය දීගන්න බැරි තරමට ජනතාව අන්ත අසරණ වෙලා යැයි හිටපු දකුණු පලාත් ආණ්ඩුකාර රජිත්...

Related news