Wednesday, October 13, 2021

අත්අඩංඟුවට ගත් ඊනිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහනුවරට ගෙන යන සැළැස්ම මරණ වරෙන්තුවක්ද?

ඊයේ එනම් අගොස්තු 14 දා පොලිසිය විසින් අත්අඩංඟුවට ගත් ලංකා ඊ නිව්හි වෙබ් අඩවියේ මාධ්‍යවේදී   හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරියකුද වන කීර්ති රත්යනායකට ජීවිත තර්ජනයක් ඇතිවිය හැකි බවට නීතිඥ උපුල් කුමාරප්පෙරුම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කරන්නේ කීර්ති රත්නායක සිය සේවදායකයකු බවයි.

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂාව පිළිබඳව ඔහු ලබා දුන් තොරතුරුවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පසුගිය 14වනදා පෙරවරුවේ කොල්ලුපිටිය පොලිසියට පැමිණෙන ලෙස රත්නායක දැනුම් දුන් බව සඳහන් කරන එම ලිපියේ ඔහු සමඟ මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු ද පැමිණිමට නියමිතව තිබූ බව සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඔහු පොලිසියට පැමිණිමට පෙර අවස්ථාවකදී සිය සේවාදායකයා කොළඹ අපරාධ කොට්ඨාශයට (සීසීඩී) අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඔහුව එහි ගෙන එන ලද බවත්  එම ලිපිය තවදුරටත් සදහන් කරයි. ඉන්පසුව නීතිඥ අමිල එගොඩමහවත්ත ‍ සිය උපදෙස් මත සීසීඩීයට පැමිණ ස්ථානාධිපතිවරයා සහ සීසීඩී හි තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ඉදිරියේ සිය සේවාදායකයා හමු වූ බව කුමාරප්පෙරුම විස්තර කරයි.

කීර්ති රත්නායක සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ සඳහා දින තුනකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගන්නා බව එකී ස්ථානාධිපතිවරයා විසින් නීතිඥ එගොඩමහවත්තට දැනුම්  දී තිබේ.

නීතිඥ කුමාරප්පෙරුම සඳහන් කරන්නේ සිය  සේවාදායකයා වන කීර්ති රත්නායකගේ සමීපතම මිතුරෙකු ඔහුට දැනුම් දුන් පරිදි සීසීඩී විසින් සිය සේවාදායකයා ලබන සඳුදා එනම් 16දා පෙරවරුවේ මහනුවරට රැගෙන යාමට සැලසුම් කර ඇති බවත් මහනුවර බලා යන ගමනේදී රතනනායකගේ ජීවිතයට විශාල අනතුරක් ඇති බවත්ය.

“ඉහත සඳහන් කළ තත්වයන් තුළ, මා නිහතමානීව ඉල්ලා සිටින්නේ මේ කාරණයට මැදිහත් වී ඔහුගේ ජීවිතය රැක ගන්නා ලෙස අදාළ බලධාරීන්ට දැනුම් දෙන ලෙස” යැයි කුමාරප්පෙරුම  ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි තිබේ.

පසුගිය කාලයෙහි වැඩිදුර පරීක්ෂණ සඳහා යැයි පොලීසිය විසින් බැහැර ගෙන යන ලද සැකකරුවන් ගණනාවක් ම ව්‍යාජ සිදුවීම් නිර්මාණය කර ඝාතනය කර ඇති බැවින් කීර්ති රත්නායකගේ ජීවිතයට ද එම ඉරණම අත් විය හැකි යැයි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ මාධ්‍යවේදිනියක ප්‍රකාශ කලාය.

සිය ජීවිතය රැක ගැනීම පිණිස කිර්ති රත්නායක කලක් ඉන්දියාවටද ගොස් සිටි අතර බුද්ධි අංශ නිලධාරියකු වශයෙන් සේවය කළ සමය පිළිබඳ තොරතුරු ඉතා වැදගත් විය හැකි බවද වාර්තා වේ.

(ද මොර්නිං පුවත් පතෙහි පුවතක් ද අසුරු කර ගැනුණි.)

Archive

Latest news

යෝජිත අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත හිමිකම් අපයෝජන කුණාටූවකට උපත දෙනු ඇත – බැසිල් ප්‍රනාන්දු

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා (ආණ්ඩුව විසින් ගැසට් කර ඇති) යෝජිත අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත්...

යෝෂිතට ආරක්ෂාව දෙන පොලිස්පතිගෙන්, ආරක්ෂාව ඉල්ලූ ශානි අබේසේකරට තෙමසක්  ගත වීත් පිළිතුරක්වත් නැහැ!

තමාට  සහ තම පවුලේ සාමාජිකාවනට ඉතා බරපතළ ජීවිත අවදානමක් ඇති  බැවින්   ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්...

පළාත් සභා මැතිවරණය වහා පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කරයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදුකිරීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන...

බටු පණුවෝ, කරවිල පණුවෝ, ගෝවා පිපියෝ, කළු පණුවෝ, බෝංචි මැස්සෝ රාජපක්ෂ ආණ්ඩුව යටතේ හරි සතුටෙන්

ඌව පළාතේ කෘෂිකර්මයෙන් ජීවත් වෙත බහුතරයක් ඉන්න ප්‍රදේශවල පන්සලට දන් මුරය දීගන්න බැරි තරමට ජනතාව අන්ත අසරණ වෙලා යැයි හිටපු දකුණු පලාත් ආණ්ඩුකාර රජිත්...

Related news