Saturday, April 20, 2024

ජීවිත 18,000ක් බේරා ගැනීමට නම්  වහාම මෙම පියවර ගන්න – WHO කැඳවූ විද්වත් කමිටුවක වාර්තාව

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින වසංගත තත්වය පාලනයකින් තොරව ඉදිරියට ගියහොත් එළඹෙන ජනවාරි මාසය වන විට කොරෝනා මරණ 18000 ක් පමණ සිදුවිය හැකි යැයි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, වසංගත රෝග හා සම්බන්ධ මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් කන්ඩායමෙහි පස්වැනි රැස්වීමෙන් පසු මෙම නිරීක්ෂනයන් සහ නිගමනයන් ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්තාව උපකල්පන දෙකක් සටහන් කරයි.

පළවැනි උපකල්පනය

වර්තමාන සංචරණ මට්ටම සහ සීමා කිරීම් එළෙසම පවතින්නේ යයි උපකල්පනය කළ හොත්

සැප්තැම්බර් මැද භාගය දක්වා දිනකට රෝගීන් සංඛ්‍යාව 6000 / දිනකට වැඩි වනු ඇත,

ඔක්තෝබර් මස මුල දක්වා මරණ වැඩි වන අතර දිනකට මරණ 220 ක් පමණ වාර්තා වේ,

දැඩි සත්කාර ඒකකයන්හි ඔක්තෝබර් මස මුල වන විට ඇතුළත් වීමේ සංඛ්‍යාව 275 පමණ වනු ඇත අතර

සමුච්චිත මරණ සමඟ ඉහළ මට්ටමකට පැමිණ 2022 ජනවාරි වන විට 30,000 තරම් විය හැක.

දෙවන උපකල්පනය

සති 4 ක් සඳහා සංචරණ සහ සමාජ පියවරයන්  (2021 ජූනි මෙන්) වැඩි කරන්නේ නම්

දිනකට 1000 ක් පමණ අඩු කළ හැකි අතර මරණ සංඛ්‍යාව ඔක්තෝම්බර් මාසය වන විට දිනකට 25  වඩා අඩු ප්‍රමාණයක් කරා පහත දැමිය හැකිය.

2022 ජනවාරි වන විට  ජීවිත 18,000 ක් බේරා ගැනීමට හැකි වනු ඇත.

එළඹිය හැකි කණගාටුදායක තත්වය වළක්වා ගැනීම සඳහා වාර්තාව පහත සඳහන් පියවර නිර්දේශ කරයි.

අත්‍යාවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික් ගමන් ඇතුළුව සංචලන සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම. මෙම පියවරයන් සාර්‍ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලයක් තුළ විශාල භූගෝලීය ප්‍රදේශවල හෝ ජාතික වශයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය හැකිය.

සම්පුර්ණ වාර්තාව ඉංග්‍රිසි බසින්:Independent Expert Group Recommendations 12th August 2021 (1)

සියලුම පොදු සිදුවීම් සති 3 කට සීමා කරන්න /අවලංගු කිරීම.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් මුහුණ දෙන බාධා අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම සහ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩි කිරීම.

මහජනයා සම්බන්ධ කර ගැනීම සහ පාලන පියවරයන් පිළිබඳව යාවත්කාලීන කිරීම සඳහා ඵලදායි සන්නිවේදන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන්න.

පවත්නා තත්වය  පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම  සිද්ධීන් හා මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීම.

දෙවන එන්නත් මාත්‍රාව ලබා දෙන තුරු ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රා සෙනේකා යන එන්නත් වල එක් මාත්‍රාවක් වුවද යම් තරමක ආරක්‍ෂාවක් ලබා දෙන හෙයින්, වයස අවුරුදු 60 ට වැඩි සහ  රෝගී තත්වයක් ඇති අය සඳහා  එම එන්නත් ලබා දීමට ප්‍රමුඛතාවය දීම.

Archive

Latest news

Related news