Thursday, April 25, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය යට ගැසීමට විරුද්ධව කාදිනල් මැල්කම් රංජිත් කලු කොඩි දිනයක් ප්‍රකාශයට පත් කරයි!

2019 අප්‍රෙල් 21වන සිදුවු  පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්යයෙන් නිසි පරික්ෂණයක් නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පැම පිණිස  එළඹෙන 21 සෙනදුරාදා කලු කොඩි දිනයක් කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් එහිමිපානන් විසින් නිකුත් කර තිබේ.

එකී  ප්‍රහාරයන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂනයක් ඉල්ලා තමන් විසින්  ජනාධිපති රාජපක්ෂට යවන ලද ලිපියට පිළිතුරක් ලැබුණේ දින 24කට පසු පමණක් බවත් එය හුදෙක් ලාමක පිළිතුරක් බවත්  එය ප්‍රකාශ කරයි.

එම ලිපිය යවන ලද්දේ පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවී තිබියදීත් එය පිටුපස තිබූ කුමන්ත්‍රණය රටට හෙළිි දරව් කිරීමට රජය අසමත් වී තිබීම ජාතික ආරක්ෂාවට මහත් අනතුරක් බැවින් ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍යය රටට හෙළිදරව් කරන සේ ඉල්ලමිනි.

කාදිනල් හිමිපානන්ට එම පිළිතුර එවා ඇත්තේ ජනාධිපති ලේකම්වරයකු විසින්වත් නොව හුදෙක් ජනාධිපති කාර්යාලයට සම්බන්ධ නීතිඥයකු විසිනි.

අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් විසින් නිකුත් කරන ලද දීර්ඝ ප්‍රකාශයෙහි දැක්වෙන අදහස කෙටියෙන් මෙසේය: ( එම ලිපිය පහත අමුනා ඇත)

මෙම රජය බලයට පැමිණියේ මාසයක් ඇතුළත එම ප්‍රහාරයන් පිළිබඳ ඇතත් රටට හෙළි දරව් කරන බවට පොරොන්දු වෙමිනි.

නිදහසින් පසු මෙරට සිදුව ඇති මිනීමරුම්, අතුරුදහන් කිරීම්, දේශපාලන පළිගැනීම්, පැහැගෙන යාම් දෙස බැලූ විට ඒ පිටුපස බොහා් විට තිබෙන්නේ දේශපාලන බල හස්තය බවයි. එම කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් වත් සත්‍ය තවම හෙළි දරව් වී නැත.

පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් ද එසේ සත්‍ය යටපත් කිරීමට මෙරට පාලකයින් සිතා සිටින බව පැහැදිලිය.
මෙම තත්වය ඉවසා සිටිය යුතු නැත.

ඊට විරුද්ධ වීම සියලු දෙනාගේ යුතුකමයි.

වසංගතතය පාලනය කිරීමට දැරෙන ප්‍රයත්නයන්ට බාධාවක් නොවන ලෙස අපි 21 දා කලු කොඩි ඔසවන්නෙමු.

එමෙන්ම අප සමඟ එක්ව කලු කොඩියක් ඔසවන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

වසංගත තත්වය දඩමිමා කරගෙන ජනතා ඉල්ලීම් යටපත් කිරීමට දැරෙන තැතට අප ඉඩ නොදිය යුතුයි.

ලපිය සම්පුර්ණටයන් කාදිනල්තුමාගේ ලිපිය 20210813

Archive

Latest news

Related news