Tuesday, July 16, 2024

අධිකරණයට ඉදිරිපත් නොවූවායයි පොලීසිය ගුරු-විදුහල්පතිවරු බලහත්කාරයෙන් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා රැගෙන යයි.

අධිකරණයට ඉදිරිපත් නොවූවායයි පවසමින් පොලීසිය විසින් ගුරු-විදුහල්පතිවරු බලහත්කාරයෙන් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා රැගෙනයාම පිළිබඳව

මහනුවර ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණවලට සහභාගි වූ ගුරුවරු සහ විදුහල්පතිවරු පිරිසක් පොලීසිය විසින්
2021.08.11 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණ ි. තමන්ට නිවැරදිව
සිතාසි නොලැබීම හේතුවෙන් ගුරු-විදුහල්පතිවරු කිහිපදෙනෙක් ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත්
නොවීය.

එසේ තිබියදී අද (2021.08.12) දින අධිකරණයට ඉදිරිපත් නොවීම පිළිබඳව සඳහන් කරමින් ජාතික ග ුරු
සභාව සංවිධානයේ ලේකම් සනත් ජයතිලක මහතා බලගොල්ල පොලීසිය විසින් බලහත්කාරයෙන් කෝවිඩ්
19 පිළිබඳ ඇන්ටිජන ් පරීක්ෂණයක් සඳහා මැණ ික්හින ්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු
කර ඇන්ටිජන ් පරීක්ෂණයක් සිදු කර ඇත. එසේම තලාතුඔය පොලීසිය විසින ් ඉහත හේතුවම සඳහන්
කරමින් හේවාහැට මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කපිල ප්‍රියන්ත මහතාව තලාතුඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
කාර්යාලයට කැඳවා ඇන්ටිජන ් පරීක්ෂණයක් සිදු කර ඇත. එසේ කිරීමෙන් අනතුරුව කඩුගන්නාව
පොලීසිය විසින් ද කපිල ප්‍රියන්ත මහතාගේ ඇන්ටිජන් පරීක්ෂණයක් කළ යුතු බව දුරකතනයෙන් දැනුම් දී
ඇත.

ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් නොවූ පුද්ගලයන් සම්බන ්ධයෙන් වරෙන ්තු නිකුත් කිරීමක් හෝ මෙවැනි
නියෝගයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා නොදුන් අතර, පොලීසිය විසින් මේ ආකාරයෙන්
නීතිය අවභාවිතා කරමින් ගුරු-විදුහල්පතිවරු මර්දනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බලා
මෙවැනි බලහත්කාරී ක්‍රියාවන ් නරත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය

Archive

Latest news

Related news