Thursday, April 25, 2024

ඒ නීතිපතිට විරුද්ධව මේ නීතිපති නොහොත් සේනාධිපතිගේ කල්ල මරේ යෑම

ඡායාරූපය: නීතිපති සංජිය රාජරත්නම්ගේ තර්තය අනුව නිවික හමුදාව පවත්වාගෙන යන හැමන් හිල් හෝටලය අද හෙටම සේනාධිපතිටම දීමට ඉඩ තිබේ.

සමුද්‍රාරක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපෘතිය යළි  රක්නා ආරක්ෂක ලංකා සමාගමට සහ නිස්සංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් සමාගමට යළි ලබා දීමේ  අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීම පිනිස වත්මන් නීතිපතිවරයා අපූරු නිර්දේශයක් ලබා දී තිබේ.

හිටපු නීතිපති දප්පුල ලිවේරා විසින් නිස්සංක සේනාධිපති ඇතුලු හත් දෙනෙකුට විරුද්ධව නඩු පවරන ලද්දේ  නීති විරෝධි අවි ගබඩාවක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙනි.

එම නඩුවෙන් ඔවුන් නිදහස්වීමට බොහෝ දුරට හේතු වුයේ ජනාධිපති සිරිසේන විසින් මුලින්ම පත් කර ගත් ආරක්ෂක ලේකම්වරයා වූ  කරුණාසේන හෙට්ටිආරච්චි විසින් දෙන ලද සාක්ෂියක් මතය.  ඔහු කියා සිටියේ පාවෙන අවි ගබඩාව නීත්‍යනුකූල බවයි.

නමුත් නඩුවට අදාළ තවත් බොහෝ කරුණු ජනමාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

සිරිසේන ආණ්ඩුව ගත් තිරණය වැරදි යැයි ඔහු අධිකරණයට කී නමුත් ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ යහපාලන ආණ්ඩුව යටතේ පරීක්ෂන ආරම්භ වූ අවස්ථාවෙහි ආරක්ෂක ලේකම්වරයා වූයේද ඔහුය.

පුදුම නමුත් ඇත්තය!

2017 මැයි මාසයේදී සිරිසේන ඔහු තනතුරින් පහ කළේය.

නිස්සංක සේනාධිපති ඇතුළු පිරිස නිදහස් කිරීමේ තීන්දුව පසුගිය පූලි මාසයේදී අභියචනා අධිකරණය විසින් ප්‍රකාශ කරන ලදී.

ඉන් පසු පසුගිය 09දා පැවති  අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉහත කී  යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ නීතිපතිවරයාගේ එකී නිර්දේශ මූලික කර ගනිමිනි.

මෙම ව්‍යාාපාරය බිලියන ගණනින් මුදල් උපයා ගත් හැකි  ජාවාරමකි. තමන්ට එය කළ හැකි බව නාවික හමුදාව කියා සිට තිබේ.

වත්මන් නීතිපති සංජය රාජරත්නම් ද අමාත්‍ය මණ්ඩළයට දැනුම් දී ඇත්තේ වාණිජ නෞකා සඳහා ආරක්ෂක සේවා සැපයීමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගම අතර ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති කර ගත් ගිවිසුම නීතියට අනුකුල බවයි.‍‍

එය හිටපු නීතිපති දප්පුල ලිවේරාගේ නිර්දේශයන්ට වෙනස්ය. සංජය රාජරත්නම් එකළ දප්පුල ලීවේරා එම නඩුව පැවරූ අවස්ථාවෙහි ඔහුගේ දෙවැනියා විය.

පුදුම නමුත් ඇත්තය.

වැදගත්ම නිර්දේශය ඇත්තේ ඊළගටය.

එනම් 1950 අංක 34 දරණ ( සංශෝධිත) ශ්‍රී ලංකා නාවික හමුදා පනතේ ප්‍රතිපාදන අනුව නාවික හමුදාවට වාණිජමය කටයුතුවල නිරත වීමට අවසර ලබාදී නොමැති බවය.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව යන ආයතන දෙකම ගෝඨාභය රාජපක්ෂ යටතේ රට පුරා වානිජ ව්‍යාපාර අරඹන ලදී. ගෝඨාභය විසින්ම එම ව්‍යාපාර වර්ණණනාවට ද ලක් කරන ලදී.

හැමන් හිල් සුපිරි හෝටලය

අද පවා හැමන් හිල් බන්ධනාගාරය සුපිරි හෝටලයක් ලෙස පවත්වා ගෙන යන්නේ නාවික හමුදාව විසිනි. දනකට එහි තනි කාමරයක ගාස්තුව රුලියල් 20,000කට වැඩිය.

මාලිමා යනුවෙන් හැදින්වෙන ජාලයකට අයත් සංචාරක හෝටල් ගණනාවක්ම නාවික හමුදාව විසින් පාලනය කරයි. පලලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය පාලනය කරන්නේද නාවික හමුදාවය.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන වයාපාරික ආයතන ( ශ්‍රී ලංකා වර්ක් ගෟෆ් සිතියමකි)

දැන් වත්මන් නීතිපති  සංජය රාජරත්නම්ට අනුව මේ සියලු ව්‍යාපාර සමහර විට සේනාධිපති වැනි අයට ලබා දිය යුතුය. මන්ද යත් මැෂින් තුවක්කු වල අංක පවා ඔහු යටතේ මැකී යන බැවිනි.

එසේ නැත්තම් නීතිපති සංජය රාජරත්නම්ගේ නිර්දේශය බලපාන්නේ නාවික හමුදාව සමුද්‍රාරක්ෂණ සේවා සැපයීම තහනම් කර එය සේනාධිපතිට ලබා දීමට පමණක්ද යන්න ඉදිරි කාලයේදී දැක ගන්නට ලැබෙනවා ඇත.

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමයටය!

නීතිපති සංජය රාජරත්නම් තවත් අපූරු නිර්දේශයක් කර තිබේ. එනම් සේනාධිපති නඩු දමා වන්දි ඉල්ලා සිටිය හැකි බැවින් මේ ජාවාරම ඔහුටම දිය යුතු බවයි.

නීතිපතිවරයා තර්ක කරන්නේ එලෙස නම් ලංකාවේ නීතියේ ආධිපත්‍යට අබසරණය!

නීතිපතිවරයාගේ ඉහත නිර්දේශ මත රක්නා ලංකා සහ ඇවන්ගාඩ් සමාගම්වලට යළි එම ජාවාරම කර ගෙන යාමට අවසර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන්  සටහනක් තබන ශිරාල් ලක්තිලක මෙසේ කියයි.

මේ තවත් ඡන්ද ප්‍රතිපලයකි.

අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශය: ( Bharatha Prabhâshana Thennakoon FB)

Archive

Latest news

Related news