Thursday, April 25, 2024

එන්නත් ටික ත්‍රිවිධ හමුදාවට, ප්‍රභේද පරීක්ෂණ අධ්‍යාපන අමාත්‍යාංශයේ, සංචාරක පරීක්ෂණ පෞදගලික රසායනාගාර වලට, නිරෝනධයන හෝටල් අයිතිකාරයන්ට – රවි කුමුදේශ් (විඩියෝ)

අද සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ වගකීම් විවිධ අයට පවරමින් ඉන්නවා. අපිට ලැජ්ජයි. එන්නත් ටික ත්‍රිවිධ හමුදාවට, ප්‍රභේද පරීක්ෂණ අධ්‍යාපන අමාත්‍යාංශයේ, සංචාරක පරීක්ෂණ පෞදගලික රසායනාගාර වලට, නිරෝනධයන හෝටල් අයිතිකාරයන්ට දී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද පැවැති පුවත්පත් සාකච්ජාවකදීය.
“රට විරුවන්ගේ රැපිඩ් PCR පරීක්ෂණ කරන්න ක්‍රමයක් අහනකොට සෞඛ්‍ය ලේකම් ඒකට නම් කරන්නෙත් පෞද්ගලික රසායනාගාර. හැබැයි කරන්න ඕනේ යන්ත්‍රය විතරක් නිර්දේශ කරනවා.
පරිත්‍යාගශීලීන්ට පින්සිදුවෙන්න රජයේ රසායනාගාර 16ක රැපිඩ් PCR කරනවා. ඒකවත් සෞඛ්‍ය ලේකම් දන්නේ නැහැ
රැපිඩ් PCR යන්ත්‍ර මිලදි ගන්න ටෙන්ඩරයට මාස දෙකක්. තාම සෞඛ්‍ය.ලේකම්ගේ උත්තර නැහැ.
රට විරුවන් කියලා බොරුවට කියලා වැඩක් නැහැ. ඔවුන්ගේ PCR ටිකවත් නොමිලේ කරලා දෙන්න බැරිනම්.”

Archive

Latest news

Related news