Sunday, April 28, 2024

රාජ්‍ය නොවන සංවිධාන නියාමනයට නව පනතක් ගෝඨාභය යෝජනා කරයි

මෙරට පවත්නා රාජ්‍ය නොව නසංවිධාන නියාමනය කිරීම සඳහා නව පනතක් කෙටුම්පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කර තිබේ.  මේ සඳහන් වන්නේ 2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශයෙහිය.
මෙම පනත දැනටමත් සකස් කර අවසන් බවත් එම කමිටුවෙහි ප්‍රධානත්වය දරන ලද්දේ  රාජ්‍ය නොව සංවිධාන විරෝධී අදහස ්දරන ආචාර්ය සුසන්ත ගුණතිලක බවත් දැන ගන්නට තිබේ. දැනටමත් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විසින් මානව හිමිකම් වැනි විශයන් සම්බන්ධයෙන් කටයුතු  නොකරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ගණනාවකටම දන්වා තිබේ.
ආණ්ඩුවේ  පියවර දැනට ගැනෙමින් තිබෙන සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන් මර්දනය කිරීමේ සැළසුමෙහිම කොටසක් බව මානව හිමිකම් ක්‍රියාකාරීහු කියති.
රනිල් වික්‍රමසංහ අගමැති වශයෙන්ද මෙවැනි පනතක් කෙටුම්පත් කරන ලද නමුත් එය ක්‍රියාවට නැංවිම අණ හිටියේය. 2005 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ජවිපෙ ප්‍රධානියකු වන විජිත හේරත් විසින්ද මෙවැනි පනතක් අවශය බවට කරුණු ඉදිරිපත් කර තිබුණි.
අමාත්‍ය මණ්ඩල තීරණය පහත සඳහන්ය.
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත සංශෝධනය කිරීම
– ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනතේ සඳහන් විධිවිධාන, වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. ඒ අනුව, ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත වෙනුවට වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් නව පනතක් හඳුන්වා දීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

Archive

Latest news

Related news