Thursday, April 25, 2024

කොවිඩ්19 වසංගතය: ලංකාවේ තත්වය ඉන්දියාවේ තිබූ නරකම තත්වයටත් වඩා භයානකයි – මහාචාර්ය සුනෙත් අංගම්පොඩි

මේ වන විට  ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්  ප්‍රමාණය ඉන්දියාවේ  වත්මන් රෝගී සංඛ්‍යාවට මිලියනයකට සාපේක්ෂව වඩා බොහෝ වැඩි බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

 

ඔහු කියන්‍නේ මෙරට මරණ සාපේ්ක්ෂව ඉන්දියාවට වඩා  ගුණයකින් වැඩි බවයි.

ඔහු ඉදිරිපත් කරන පහත සඳහන් කරන ප්‍රස්තාරය මගින් පෙන්වන්නේ  ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණ වලට වඩා වැඩි බවයි.

ශ්‍රී ලංකාවේ වාර්තා වන තහවුරු වූ රෝගීන් සංඛයාවට සාපේක්ෂකව කරනු ලබන පරීක්ෂන සංබයාව ඉතා අඩු බව පහත  ඇති ප්‍රස්ථාරයෙන් පෙනේ.

 

දිනකදී තහවුරු වූ කොවිඩ් අසාදිත මරණ සංඛයාව අතින් මිලියනයකට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාම නරක තැනකය.

මේ සදහා ඔහු උපුටා ගන්නේ කොවිඩ් 19 පිළිබඳ විශ්වසනීය දත්ත සපයන ජොන් හොප්කින්ස් සරසවියේ දත්තයන්ය.

සිංහල යෙදුම් අපෙනි.

ඔහුගේ ට්වීටය පහත දැක්වේ.

Archive

Latest news

Related news