Sunday, May 19, 2024

ක්‍රීඩාංගන පුද්ගලික අංශයට දී රාජපක්ෂවරු ක්‍රීඩාවත් විකුනං කෑමට යයි

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩාංගන සහ  රට පුරා තිබෙන නගර සභා, ප්‍රාදේශීය සභා මගින් නඩත්තු කරන ක්‍රීඩාංගන සියල්ල  අංශයට පැවරීමේ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අද පැවැත්වෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

අතිශය දරුණූ මුදල් අහේනියකට මුහුණ පා සිටින  රාජපක්ෂ ආෟනඩුව මෙමගින් උත්සාහ කරන්නේ මෙම ක්‍රීඩාංගන පුද්ගලික අංශයට විකුණා කීයක් හෝ සොයා ගැනිමටය.

එනමුත් ගසා කෑ හැකි මහා ව්‍යාපෘති සඳහා රාජපක්ෂ ආණ්ඩුව අතදිග හැර මුදල් වැයි කරයි. ඉන් එකක් නම් මලියන දහස් ගණනාවක් වැය කැරෙන නගර අලංකාරකරණ ව්‍යාපෘතියයි.

මෙම යෝජනාව අනුව රටෙහි ඇති ඉහත කී ක්‍රීඩාංගන සියල්ල පුද්ගලික අංශයේ පාලයට පැවරෙන අතර මෙම පුද්ගලික අංශය දේශීය හෝ විදේශිය විය හැකිය.

තවද මෙම යෝජනාව පැහැදිළිවම කියන්නේ එම ක්‍රීඩාංගනයන්හි පවත්වන පාසල් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයතු සඳහා මුදලක් අය කරනු ඇති බව ද එහි සඳහන් වේ. එය සඳහන් කර ඇත්තේ සුදුසු සහනදායි ගාස්තුවක් ලෙසය. ඊට අමතරව පැවත්වෙන ක්‍රියාකාරකම් සඳහා අය කරනු ඇති මුදල් පිළිබඳව එහි කිසිවක් සඳහන් නොවේ.

ශ්‍රී ලංකාවේ දරුදැරියනට වඩා වඩා ක්‍රීඩාංගන අවශ්‍ය තත්වයක් යටතේ ක්‍රීඩංගන  දෙස් විදෙස් ව්‍යාපාරිකයිනට බාර දීම අපරාධයක් බව  බෙහෝ දෙන පවසති.

අද ඉදිරිපත් කැරෙන කැබිනට් පත්‍රිකාවේ පහත සඳහන් ජායාරූපය ලංකා ඊ නිව්ස් වෙතිනි.

 

Archive

Latest news

Related news