Tuesday, July 16, 2024

සිවිල් අදුමින් බසයට නැගුණු පොලිසිය උත්සාහ කළේ මා පැහැර ගැනීමටයි- කථිකාචාර්ය අමින්ද ලක්මාල්

ඡාායරූපය: සිවිල් පොලීසිය විසින්  පැහැර ගැනීමට තැත්කල කතිකාචාර්ය අමින්ද ලක්මාල් බස් රථය තුල.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කථිකාචාර්ය අමින්ද ලක්මාල් විසින් සිිය සමාජ ජාලයෙහි කරන ලද  පහත සඳහන් සහෙන ශ්‍රී ලංකාවේ පවතින අවනීතියේ පාලනය පෙන්වන කදිම උදාහරණයකි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ(5) ‘අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය’ විසින් කොළඹදී සංවිධානය කළ උද්ඝෝෂණය අවසන් වී නැවත විශ්ව විද්‍යාලය බලා බස් රියෙන් පැමිනෙද්දීය.

සිය මුහුණු පොතේ තබන සටහන මගින් ඔහු  අසන ප්‍රශ්ණය ඉතා වැදගත්ය. එනම් තමන් වැනි යම් සිවිල් බලයක් සහිත පුද්ගලයකු පවා මෙවැනි ආකාරයෙන් රාජ්‍ය මර්දනයට ගොදුරු වේ නම්, සාමාන්‍ය ජනයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පොලිසියට එතරම් දෙයක් නොවන බවයි.

ඔහුගේ සටහන:

කණගාටුවෙන් ලියා තබමි.

අද දින මා ඇතුලු ජපුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු සහ ශිෂ්‍ය පිරිසක් අතිශයින් සාමකාමීව සහ සෞඛ්‍යආරක්ෂිත බව උපරිමයෙන් රකිමින් විශ්ව විද්‍යාල අචාර්‍ය සංගමය (FUTA) ප්‍රමුඛත්වයෙන් ආරම්භ කළ අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සිදුකල උද්ඝෝෂණය අවසන් වී නැවත විශ්ව විද්‍යාලය බලා අප සූදානම් කල බස් රියෙන් එමින් සිටියෙමි. හදිසියේ ගංසභා හන්දිය සහ දෙල්කඳ හන්දිය අතරදී සිවිල් ඇදුමින් සැරසුනු පිරිසක් (තුන් දෙනෙක්) බස් රියට නැගී මා දෙසට පැමිණ කිසිත් නොකියා මා අතින් ඇදන් යන්නට සැරසුනි. මගේ පිටුපස සිටි ශිෂ්‍යයන් එක්වරම ඉදිරියට පැන, “එහෙම කොහොමද අපේ සර් ව ගෙනියන්නේ” කියා එම ක්‍රියාවට විරුද්ධ උණි.

එමෙන්ම ඔවුන් දිගින් දිගටම අර සිවිල් ඇදුමින් පැමිණි පිරිසට එරෙහි වන්නට විය. පසුව බහින් බස් වීම අතරතුර බස් රියේ සිටි මහාචාර්ය ජනක් කුමාරසිංහත් මහාචාර්ය සමන් යාපා මහතාත් එයට මැදිහත් වී රැගෙන යාමට හේතුවත්, පැමිණියේ කවුද යන්නත් කාරුණිකව විමසා සිටියේය.

පැමිණ සිටියේ මිරිහාන පොලිස් ස්ථානයේ ක්‍රයිම් ඕඅයිසී ය. ඔහුට සිය හැදුනුම්පත පෙන්නන්නට සිදුවුණි. ඉන්පසු වූ සිදුවීම ලයිව් වීඩියෝ එකේ ඇත. අවසානයේ බස් රථයට නිරුපද්‍රිතව යාමට ලැබුණි.

මට තියෙන ගැටලු

  1. එහෙම පොලිසියට සිවිල් ඇදුමින් පැමිණ කිසිත් නොකියා ඕනෑම පුද්ගලයෙක් අත් අඩංගුවට ගත හැකිද?
  2. ඔවුන් පසුව පැවසුවේ ඔවුන් පුද්ගලයෙක් සොයා පැමිණි බවයි. ඔවුන් පැවසුවේ ඒ වසන්ත මුදලිගේ බවය. වසන්ත මුදලිගේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපතිය. දෙයියනේ මෙච්චර මාධ්‍යවල ප්‍රසිද්ධ වසන්තව ඔවුන්ට හදුනා ගත නොහැකිද?
  3. එසේ කවුරු අත් අඩංගුවට ගැනීමට පැමිණියත් ඔහුට හෝ ඇයට විරුද්ධව වරෙන්තුවක් තිබිය යුතු නොවේද?? (සිවිල් නීතිය යටතේ)
  4. ෆොටෝ එකක් මාර්ගයෙන් කවුරු හෝ අත් අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවේද?? (ඔවුන් පැවසුවේ ඔවුනට අවශ්‍ය පුද්ගලයෙක් බස් රථයේ සිටින බවට තොරතුරු ලැබුණු බවයි)
  5. මා “කථිකාචාර්යවරයක්” නිසා කථිකාචාර්ය ධුරයට ගොඩනැගී තිබෙන්නා වූ යම් සාමාජීය බලයක් නිසා සහනයක් ලැබුණු බව මා හොඳටම දනිමි. නමුත් අතිශයින්ම සාමාන්‍ය පුරවැසියෙකුට මෙය සිදු වූවා නම් ඔහුට අත්වන්නේ මේ ඉරණමද?? ( මට මම පොරක් යැයි කීමට අවශ්‍ය නැත)
  6. මට මෙය හුදෙක් ආතල් සිදුවීමක් ලෙස වැටහුනද ( මම වීඩියෝ එකෙත් කියනවා ගොනා සේ), මෙය රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරන බරපතල තර්ජනයක් නොවේද?

    කථිකාචාර්යවරයා පැහැරගැනීමට තැත් කළ සිවිල් ඇදුමින් සැරසුණ පොලිස් නිලධාරියෙක් ( ලංකා විව්ස් වෙතිනි)

පුරවැසියනි,
ආණ්ඩුව මර්දනය දියත් කරමින් පවතී. අද මා වෙත පැමිණි විට මා හට උදව් කරන්නන්, දිරිමත් කරන්නන් යම් කිසි ප්‍රමාණයක් සිටියෙමි.හෙට එය ඔබ වෙත පැමිණිය හැක. නමුත් එසේ පැමිණෙන විට ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන්නට කවුරුවත් නැති වෙන්නට පුලුවන. ඔබව අත්අඩංගුවට ගන්නේ කුමන හේතුවකටද කියාවත් ඔබ නොදැන ඔබ හිරගත වන්නට පුලුවන. මිය යාමට පුලුවන. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක්ෂණයක් නොවන බව ලියා තබමි.

මා වෙනුවෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යයන්ටත්, මහාචාර්යවරුන්ටත් සැප දුක සොයා බැලූ ඔබ සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි !!!

මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන්නෙමි.!!!
ස්තුතියි

පැහැර ගැනීමට ගත් තැත පිලිබඳ වීඩියෝව මෙතැන ඇත.

Archive

Latest news

Related news