Sunday, May 19, 2024

ගුරු සටන මර්දන ආණ්ඩුවේ තැත පරාදයි; අදත් වර්ජනය සාර්ථකයි!

අද දින ගුරුවරු පාසල්වලට කැඳවීමේ අධ්‍යාපන ලේකම්වරයාගේ උත්සාහය ගුරු-විදුහල්පතිවරු විසින් පරාජය කරයි

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමටත්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්මත කිරීමට එරෙහිවත් මේ වන විට සියලූ ගුරු විදුහල්පතිවරු මාර්ගගත ඉගැන්වීම් ඇතුළු සියලූ රාජකාරි කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතව සිටී.

එම වෘත්තීය කි‍්‍රයාමාර්ගය හමුවේ ගුරු-විදුහල්පති වැටුප් ගැටලූව විසඳීමට අද දින (2021.08.02) අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් යොමු කිරීමට නියමිතව ඇති අතර, අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පිළිබඳව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සමග 2021.08.03 දින සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එසේ තිබියදී රජයේ නිවාඩු දිනයක් වන ඊයේ දින (2021.08.01) අධ්‍යාපන ලේකම්වරයා විසින් ඊඞී/09/12/06/01/02/2021 දිනැති ‘රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම’ මැයෙන් යුතු ලිපිය මගින් පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල රාජකාරියට කැඳවා ඇත. එසේ සිදු කර ඇත්තේ පාසල් පිරිසිදු කිරීම හෝ සූදානම් කිරීම ඇතුළු කිසිදු කටයුත්තක් නොකරමිනි. මෙය ගැටලූවට විසඳුම් දීම වෙනුවට වෘත්තීය අරගලයක් කි‍්‍රයාත්මක වෙද්දී එයට එරෙහිව සිදු කරන ලද කි‍්‍රයාවකි. අධ්‍යාපන ලේකවරයාගේ මෙම කි‍්‍රයාවට පිළිතුරු ලබාදෙමින් දිවයින පුරා සියලූ පාසල්වල ගුරු-විදුහල්පතිවරු අද දින පාසල්වලට යාමෙන් වැලකී වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ අඛණ්ඩව යෙදී සිටී.

අධ්‍යාපන ලේකම්වරයා විසින් පත් කරන ලද සුභෝධනී කමිටුව මගින් ගුරු-විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුමක් යෝජනා කර ඇති අතර, වෘත්තීය සමිති විසින්ද එම යෝජනාව පිළිගෙන ඇත. එවැනි තත්වයක තමා විසින්ම පත් කළ කමිටුවේ යෝජනා කි‍්‍රයාත්මක කර ගුරු විදුහල්පති වැටුප් ගැටලූව විසඳා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථාවත් කිරීම වෙනුවට අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙවැනි කටයුතු සිදු කිරීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමු.

එසේම මේ වන විට මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්වීම, සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය පෙර පුහුණු කටයුතුවලින් ඉවත්වීම, උසස් පෙළ විභාග අයඳුම්පත් ඉදිරිපත් කිරීම, උසස්පෙළ විභාගයේ රාජකාරි ඉල්ලූම් කිරීම, උසස්පෙළ විභාගයේ පිළිතුරු පත් පරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලූම් කිරීම ඇතුළු කටයුතුවලින් ඉවත්ව සිටි ගුරු-විදුහල්පතිවරු පාසල්වලට යාමෙන් ද වැලකී කටයුතු කිරීම තුළ ආණ්ඩුව වහා ගුරු-විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුම් ලබා දිය යුතු බවත්, එතෙක් ගුරු විදුහල්පති වෘත්තීය කි‍්‍රයාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමු.

මෙයට,
පහත සියලූ ගුරු-විදුහල්පති සංගම් වෙනුවෙන්,

ජෝසප් ස්ටාලින්, ලේකම් – ලංකා ගුරු සංගමය ලේකම්

මහින්ද ජයසිංහ- ලංකා ගුරු සේවා සංගමය

ලංකා ගුරු සංගමය
ලංකා ගුරු සේවා සංගමය
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
විදුහල්පති සේවා සංගමය
ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය
ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමය
කඳුරට ගුරු පෙරමුණ
ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව
ගුරු විමුක්ති පෙරමුණ
ලංකා ප‍්‍රගති ගුරු සංගමය
සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය
කතෝලික ගුරු සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය
එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය
ශී‍්‍ර ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය
වතු ගුරු සංගමය
ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුරු සංගමය
ශී‍්‍ර ලංකා ඉස්ලාමීය ගුරු සංගමය
ලංකා ගෘ.විද්‍යා හා කෘ.වි. ඩිප්ලෝමාධාරී සංගමය

Archive

Latest news

Related news