Sunday, May 5, 2024

අල්ලස් කොමිසම පැවරූ (දැන් විසි කර ඇති) නඩු ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා – හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ

කාටූනය: එහෙම නැත්නම්!

පසුගියරජය කාලයේ අල්ලස් සහ දූෂන විමර්ශන කොමිසම විසින් පවරන ලද ඉවත් කර ගැනීම සිදුවන්නේ  නඩු කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම පූර්ණ ලිඛිත අනුමැතිය නොමැතිව නඩු පැවරිය නොහැකි බවට කොමිෂන් සභාවේ නව පාලනාධිකාරිය මෑතදී ප්‍රතිපත්තිමය තීන්දුව නිසා බව එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පවසයි. එමෙන්ම ඇය පවසන්නේ එම නඩු ඔප්පු කිරීමට ප්‍රමාණවත් කරුණූ තිබෙන බවත් කවරදක හෝ එම නඩු යළි පැවරිය හැකි බවත්ය.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ බිබීසී සිංහල සේවයටය.

මෙම කාරණය ඇය විසින් ප්‍රකාශ කරන තුරු යහපාලන ආණ්ඩුවට සම්බන්ධව සිටි හෝ නොසිටි කිසිදු දේශපාලන හෝ නීතිමය අංශයක් විසින් මෙම තීරණය ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.

පසුගිය කාලයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩු සියල්ල යුක්ති සහගත කිරීමට තමාට සාක්ෂි ඇති බව එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය වෙත පවසා තිබේ.

එම කොමිෂන් සභාව විසින් එවක ගොනු කරන ලද නඩු 45 ක් පමණ ඉවත් කර ගැනීමට සිදුව ඇත්තේ සාක්ෂි නොමැතිකම නිසා නොව තාක්ෂණික කාරණයක් හේතුවෙන් යැයි ඇය  BBC සිංහල සේවයට පවසා තිබේ.

“ඒ නඩු සියල්ල දැම්මේ ඉතාමත් හොඳට පැහැදිලිවම සාක්ෂි තිබෙන නිසා.”

“මහජන අධිකරණයක් ඉදිරියේ සාක්ෂි පෙන්නලා මට අද වුණත් මේ නඩු ඔප්පු කරන්න පුළුවන්. සෑම නඩුවක්ම පවරා තිබෙන්නේ සාක්ෂි ඇතුව, ඒක මම වගකීමෙන් කියනවා.” යනුවෙන් හිටපු සොලිසිටර් ජනරාල්වරියක් ද වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ චෝදනා ගොනු කරනු ලැබීමේදී ඒවාට අත්සන් තබා තිබුණේ එක් කොමසාරිස්වරයෙක් පමණි. වසර 21 පුරා අනුගමනය කර තිබුණු එම ක්‍රමවේදයේ නෛතික ගැටලුවක් නොමැති බව කොමිෂන් සභාවේ එවක තීන්දුව වී තිබි ඇත.

එහෙත් අනෝමා පොල්වත්ත එදිරි නඩු තීන්දුව අනුව යමින්, කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම පූර්ණ ලිඛිත අනුමැතිය නොමැතිව නඩු පැවරිය නොහැකි බවට කොමිෂන් සභාවේ නව පාලනාධිකාරිය මෑතදී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත්  ඉහත කී නඩුවලට අදාළ චෝදනා පත්‍ර ඉවත් කර ගැනීමට සිදුව ඇත්තේ එම නිසා බවත් ඇය පවසා තිබේ.

ඇවන්ට්ගාඩ් සහ ගෝඨාභය රාජපක්ෂ

හමුදා අත්අඩංගුවට ගැනීම් ගැන එවක ජනධිපතිගේ නොසතුට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉහත කී අදහස් පළ කර ඇත්තේ ඇය සහ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදු වූ දුරකතන සංවාදය සංස්කරණය කර ඇති බව තහවුරු වීමත් සමගය.

“එතකොට මම ඇවන්ට්ගාඩ් නඩුව ගැන කියන්නම්. ඒ නඩුව සම්බන්ධයෙන් නීතිඥවරු 12 දෙනෙක් කටයුතු කළා. එහිදී අවසාන තීරණය ගත්තේ හිටපු නීතිපතිවරයා.” බවත් ඇය සඳහන් කර තිබේ.

“අලුතෙන් සාක්ෂි හදන්න දෙයක් නැහැ. ඉතාම සරල දෙයක්… අල්ලස් කොමිසමේ නඩු දැම්මේ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩලා කියලා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩලා නැතිනම්, ‘මෙන්න ලිපිගොනු, මෙන්න ටෙන්ඩර් ක්‍රියාවලිය’ කියලා පෙන්නන විතරනේ තියෙන්නේ.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට පවසා ඇත.

“ඒ නඩුවේ චෝදනා පත්‍රය පවා හැදුවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්, අල්ලස් කොමිසමෙන් නෙවෙයි. ඒ නිසා හෙට උනත් ඒ නඩු යළි පවරන්න කිසිම බාධාවක් නැහැ.” යැයි ද ඇය ප්‍රකාශ කරයි.

Archive

Latest news

Related news