Monday, May 6, 2024

කලු ජූලියට වසර 38යි: යාපනයේ කලු ජූලි පොස්ටර් එක් රැයකින් අතුරුදහන්! 

1983 ජූලි මාසයේදී මෙරට දියත් කරන ලද දෙමළ විරෝධී කළු ජුලිය සැමරීමට නිමිත්තෙන් යාපනයේහි අලවන ලද පොස්ටර් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින්  එදිනම රැයෙහි ඉරා දමන ලදැයි ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි.

සංවිධානාත්මක ජාතිවාදී මැර පිරිස් විසින්  දහස් ගණනාවක් දෙමළ ජනයා ඝාතනය කරන ලද කලු ජූලියට ජේ.ආර්.ජයවර්ධන රජයේ  අනුග්‍රහය  ලැබුණි.  මෙම පෝස්ටර් දෙමළ ජාතික සංස්කෘතික කවුන්සිලය විසින් යාපනය අලවන ලද්දේ එළෙස ඝාතනය කරන ලද දෙමළ ජනයා සිහිපත් කිරීම පිනිසය.

කොළඹ ජීවත් වූ දස දහස් ගණනාවක් දෙමළ ජනයා මෙම රාජ්‍ය අනුග්‍රහය ලත් මැර ප්‍රහාරයන්ට ලක් වූ අතර මහමඟ මහ දවාලෙහි දහස් ගණනාවක් දෙමළ ජනයා විවිධ වධහිංසා පමුණවා ඝාතනය කරන ලදී. ඉන් සමහර දෙනා ඝාතනය කරන ලද්දේ පණ පිටින් පිළිස්සීම මගිනි.

ඝාතනය පිටුපස ජේ.ආර්. ජයවර්ධන රජයේ ඇමැතිවරයකු වූ සිරි මැතිව් සිටි අතර ප්‍රහරයන්ට ඉඩ සළසමින් ආණ්ඩුව දින ගණනාවක්ම නිහඩව සිටියේය.

දෙමළ ජාතික මහජන පෙරමුණ අද යාපනයේදී කලු ජූලිය හෙළා දකිමින් උද්ඝෝෂනයක් පවත්වන ලදී.

කෙසේ වෙතත් කළු ජූලිය හෙළා දකින විවිධ දේශපාලන එක්රැස්වීම් අද යාපනයෙහි පැවැති බව ද වාර්තා වේ.

 

Archive

Latest news

Related news