Friday, March 29, 2024

වධහිංසා දෙන පොලිස් නිලධාරීනට වැඩ වරදින නව නීතිය සහ ඒ අනුව ගතයුතු, ගතහැකි පියවර – නීතිඥ ලක්ෂාන් ඩයස්

පොලිසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත.   ඒ ගැන සුවිශේෂී සංශෝධන  පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් පසු ලංකා නීතීයේ කොටසක් බවට පත්විය. වර්ථමාන අධිකරණ ඇමති  අලී සබ්රීට ඒ ගැන විශේෂ ස්තුතියක් කිරීම වටී.

දැන් මේ පනත අපේ රටේ නීතියේ කොටසකි.

නීතිය පාලක පංතීයේ ආයුධයක් බව මාක්ස්වාදී නිර්වචනයයි. ඕනැම ආංඩුවක් නීතිය තම වාසීයට භාවිත කරන බව එහී අදහසය.  මර්ධනයටද නීතීය භාවිත කරන බව කාල් මාක්ස් ගේ න්‍යායයි.

කෙසේ වෙතත් නුතන ලෝකයේ  එය එසේ වීය යුතු නැති බව හා සිවිල් සමාජ  ක්‍රියාකාරීත්වය හා නීතීයේ ආධිපත්‍ය භාවිත කිරීම තුලින්ද පුරවැසි ක්‍රියාකාරීත්වය තුලින්ද වෙනසක් ලඟා කර ගත හැකි බව මගේ මතය වේ .

ඒ සඳහා පුරවැසියන් වන අප වඩා ක්‍රියාකාරි විය යුතුය. කිසිම නීතියක් අපට බන්දේසියක තබා ලබා නොදේ. එය අප අයීතිකර ගත  දෙයකි.

මේ  2021 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත වැදගත් වන්නේ ඒ නිසාය .

මේ පනත බැලු බැල්මට පැහැදළි නැත. මහේස්ත්‍රාත්වරයා පොලිසියට යා යුතුය කියා කියන අලුත් නීතියක් පමනී. එයද  අවම වශයෙන් මාසයකට  වරක්වත් කියා හෝ පැහැදිළිවම කියා  ඇත.

සංශෝධනය කර ඇත්තේ 43  වගන්තීයයි. නව වගන්තිය 43 (ආ) වශයෙන් එකතු කර ඇත.

ඔබේ පවුලේ කෙනෙකු හෝ ඥාතියකු හෝ මිතුරතු හෝ මිතුරියක හෝ පොලීසීයට අල්ලාගෙන ගිය හොත් ඔබට නිතැනින්ම ඇතිවන්නේ බයකි.  ඒ පොලිසිය පහර දෙනු ඇත්දැයි යන සැකයයි. මේ සැකය නිසාම අල්ලාගෙන  ගිය හෝ බාර වුන තැනැත්තාද පවුලේ අයද බියට පත්වේ. මේ බියට අවශ්‍ය වන ඕනැතරම් සාක්ෂී පසුගිය කාලයේ පොලිසියේ ක්‍රියාකාරිත්වය මගින් සමාජයට ලැබි තිබේ.

බදුල්ල, කන්ද කැටිය ප්‍රදේශයේ අවුරුදු 17 ළමයකු මරාදැමීම ගැන පොලීසිය 6 දෙනකු වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරනය  පොලිසිට දඩ ගසමින් මානව හිමීකම් කෙළෙසන ලද්දේයැයි තීන්දුවක් දුන්නේය. (SCFR  157/2014)  ඔවුන් පස් දෙනෙකු මහාධිකරණය විසින් පසුව  පෝරකයට යැව්වේය.

පොලිසියේ වැරදී කරන අයට  කළකම් පලදීම සිදුවන බවත්එ, තමන්ගේ රැකීයා නැතිවන බවත්,   පවුල් පිටින් ඔවුන් අසරණ වන බව මේ නඩු තීන්දු හරහා  අධීකරණය මහ ජනතාවට බලපොරොත්තුවක් ලබාදී ඇත.

වැඩේ කෙරෙන හැටි නොහොත් පටිපාටිය  මෙසේය:

මහේස්ත්‍රාත්වරයා පොලිසියට යා යුතුයි කියා  තිබෙන්නේ   එක නීතියේම පටිපිටිමය වගකීමක් හා කල යුතුම දෙයක් ලෙසය.   එලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට ගියවිට සටහන් තබා තාමගේ  නීරීක්ෂනයන්  සටහන් කරයි.

ඒවගේම එතුමා යම් සැක කරුවකු  අධිකරණ වෛද්‍යවරයාට පරීක්ෂා කරන්න කියා කිව්වහොත් ඒක නියෝගයක්, අධීකරනමය නියෝගයක් බවට පත්වේ. එවිට අධීකරණ වෛද්‍යවරයාත් අධීකරණ නියෝගයෙන් බැඳෙනවා. එය නොකර හැරියොත් අධිකරණයට අපහාස කලා වෙනවා. සෙයට පෙර නම් බොහෝ වීට පොලිසියම තමයි අධිකරණ වෛද්‍යවරයා වෙත සැකරුවකු රැගෙන යන්නේ. දැන් අධිකරණයම ඒ සඳහා නියෝගයක් දෙනවා.

පොලිස්පතිට දෙන්නේත් අධිකරණ නියෝගයක්. පොලිස්පති එය කිරීම පරක්කු කරනවා නම් ඒ වැඩේ කරවා ගන්න පොලිස්පතිට විරුද්ධව රීට් නඩුවක් දාන්න පුලුවන්. ඒ කියන්නේ  Writ of mandamus එකක්.

කෙනෙක් අහන්න පුලුවන් මහේස්ත්‍රාත්වරයාට වැඩ නැද්ද පහරදීම් කරන හැම විටම පොලිසි යන්න කියලා. එක තමයි එක් එක් අධීකරනයේ නීතිඥ ශාඛාවන් හරහා පුලුවන්  වැදගත් දේ. එහෙම පහරදීමක් වෙනවා නම් මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දී මහේස්ත්‍රාත්වරයාගේ මැදීහත්වීම ඇති කරන්න  කටයුතු කිරීම.

මෙය නීතියෙන්ම මහේස්ත්‍රාත්වරයාට පටිපිටිමය වශයෙන් බලය දීමක්, කල යුතුම දෙයක් හැටීයට.

ඉංග්‍රීසී පිටපතේ තියන්නවා  Ensure කියන වචනය ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරයාට වගකීමක් දී තිබෙනවා මේ නීතිය හරහා පොලිසිය තුල පහරදීම් නවත්වන්න.

එතැනදී මාසෙකට එක වරක් නෙමේයි  60 වරක් වුනත්  පොලීසීයට යන්න  පුලුවන් නීතිය අනුවම. එතැනදී තමයි ප්‍රාදේශීය නීතීඥ ශාඛා වැදගත් වෙන්නේ. එතැනදී නීතීඥ ශඛාවේ සභාපති වගේ කෙනෙක් හරහා මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දෙන්න ක්‍රමයක් සකස ගන්න පුලුවන්. ඒක වැදගත්.

පොලිස් පහරදීම් නවත්වන එක දැන් මහේස්ත්‍රාත්වරයාගේ වගකීමක් .

එතැනදී මහේස්ත්‍රාත්වරයා පුද්ගලීකව බැලිය යුතුයි , එම තැනැත්තගේ යහපැවැත්ම තියනවද කියලා. සුභ සාධනය හා එතැන තියන වාතාවරනය, සැකකරුගේ ප්‍රකාශ, සහ මහේස්ත්‍රාත්වරයාගේ නීරීක්ෂන, අධීකරන වෛද්‍යවරයකු නැත්නම අවම වශයෙන් රජයේ වෛද්‍යවරයකුටවත් පෙන්නන්න  නියෝග කරනවා . වාර්ථාවක් අධිකරණයටඑවන්න කියලා. එම අත්අඩංගුවේ ඉන්න තැන වෙනස් කරන්න හා  අවශ්‍යය නම් වෛද්‍ය ප්‍රතීකාර දෙන්න කියලා. කන්දේකැටියේ  වෛද්‍යවරයා ඒ  අවුරුදු 17ක ළමයව පරීක්ෂා කලා නම් ඒ ළමයා මැරෙන්නේ නැ.

අවසානයේ  එම පොලිස්පති වාර්ථාව නීතිපති අවධානයට යවනවා. එම පොලීස් නිලධාරීන්ට නඩු දාන්න 1994 අංක 22 දරන කෲර හා අවමන් සහගත  සැලකීම් වලට එරෙහී පනත යටතේ පොලීස් නිලධාරීන්ට නඩු දාන්න එතකොට පොලීස් නිලධාරීන්ට අවුරුදු 7 දක්වා සීර දඬුවම් ලැබෙන්න පුලුවන්. ඒ තරම් භයානකයී. විශාල දඩයකුත් එක්ක .

මේක අපරාධ මැඩලීමට බාධාවක් නෙමෙයී මොකද ගහන්නේ නැතුව අවශ්‍ය තොරතුරු ගන්න පොලීසීය හොඳට පුහුනු වෙලා ඉන්නේ.  පුරවැසිය තමයි තාම හිතන්නේ පොලීසියෙන් ගැහුවෝත් විතරයී තොරතුරු දෙන්නේ කියල. එතන තමයී අනෙක් හැදිය යුතු  තැන, පුරවැසියත් හිතන හැටී වෙනස් කර ගන්න අවශයි.

සතියකට පමන පෙර  පෑලීයගොඩ පොලීසියේ නිලධාරීන් වීසීන් අමානුෂික ලෙස පහරදී මරා දැමු තැනැත්තකුට  ඔහු වෙනුවෙන් ඔහුගේ පවුලේ යට  මිලියනයක් වන්දී ලබා දුන්නා. ( නඩුව SCFR 449/2017) එම පොලීස් නිලධාරීන්ට  මිනීමැරීමේ චෝදනා ගැන දැන් නඩු අහයි, මේව ලංකාවේ නීතීයේ සුභ ලකුණු. පුරවැසීයා මේ ගැන වඩාත් දැනුවත් විය යුතුය.

පොලීසිය ගැහුවෝත් අනිවාර්යයෙන්ම  ශ්‍රේෂ්ඨාධිකරෙණයේ නඩු දාන්න ඔබට උදව්වට ඔන තරම අය  ඉන්නවා.

ඔබට පොලීසියේ දී පහර දුන්නොත් වහාම රෝහල් ගත වන්න හෝ රෝහලට දාන්න කියා කියන්න.  දැන් අලුත් නීතීය  අනුව ඔබව බලන්න එන මහේස්ත්‍රාත්වරයාට කියන්න, කැගහල කියන්න පොලීසිය දෙවනත් වන්න කැ ගහන්න. මොකද එතකොට මහේස්ත්‍රාත්වරයා ඔබව කැගහනව ඇහිලා ඔබ ගැන හොයා බලයි.

අලුත් පනත යටතේ මහේස්ත්‍රාත්වරයා ඔබ ගැන පරීක්ෂනයක් කරන්න කියා අධීකරන වෛද්‍ය වාර්තාවක් ගන්නවා. ඔබව බේරගන්නවා. ඔබව වෙන තැනකට දාන්න කියන්නත් පුලුවන්

මෙහීදී 1994 වද හිංසා පනත යටතේ වන් වැරදී සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂනයක් කල යුතුයි. අධීකරණ වෛද්‍ යවාර්තාවක් කැඳවීය යුතුයි. පරීක්ෂනයක් කරන්න කියා පොලීස්පතිට නොයෝග කලයුතුයි. මේව මහේස්ත්‍රාත්වරයා කල යුතුමයි.

එසේ නොකොලොත් මහේස්ත්‍රාත්වරයාට එරෙහීව අධීකරන සේවා කොමිසමට පැමිනිලී කරන්න පුලුවන්.

මේක බරපතල නීතීයක්. පොලිස් වධහිංසා  බොහෝ දුරට තුරන් කරන්න පුලුවන් නීතීයක් .

පොලීසීයේදීම මහෙස්ත්‍රාත්වරයා ඔබෙන් ප්‍රකශයක් සටහන් කර ගන්න පුලුවන්.

පුරවැසී මානව හිමිකම් සංවීධානයක් ලෙස මේ නීතිය ක්‍රියාත්මක කරවා ගැනිමට සංවීධානය වන්න.

මේක අලුත් නීතිය ඒ හින්දා කලින්  කිසිවක් වුණේ උනේ නැ කියල  දැන් නොකර ඉන්න  එපා.   පොලීසීය  සමහර වීට  කියයි මහේස්ත්‍රාත්වරයාට කිව්වොත් තව ගහනවා කියල. එහෙම වෙන්නේ නැ. මහේස්ත්‍රාත්වරයාට කිව්වෝත් ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්න විතරක් නෙමේයි, ඔබව රෝහල් ගත කරන්නත් පුලුවන්.

පොලීසිය ඔබව  මහෙස්ත්‍රාත්වරයා එනවීට හඟන්න බලයි. එතකොට කුඩුවේ ඉන්න වෙන අයකුට කියන්න ඔබ ගැන මහේස්ත්‍රාත්වරයාට කියන්න කියලා.

දැන් මේ නීතිය අපි හදා ගන්න අවශ්‍ය මේ විදියටයී.

  1. පහර දී ඇති අයකු බැලීමට පොලිසියට ඔබ සමග යන්න  හොයා බලන්න නීතිඥවරුනට අවසර තියනවා. පොලිසිය නීතිඥවරුන්ට ආචාරශීලීව සලකන්න ඕන  කියල පොලිසියම හා ශ්‍රේෂ්ඨාධිකරණය දැඩිව කියල තියනවා. එතකොට පහර දී ඇති හෝ ර දවා සිටින ගැන තොරතුරු පොලීසීයට ඔබේ නීතීඥවරයාට දෙන්න වෙනවා.
  2. ඒත් එක්කම ඔබේ ගෙදර අයට හා ඔබේ නීතීඥවරයාට පුලුවන් මහේස්ත්‍රාත්වරයා  යමෙකුට පොලීසීය  තුල කරන පහරදීම ගැන තොරතුරු දෙන්න. එවැනී තොරතුරක් නීතීඥවරුන් ලිඛිතවම , දුරකථන මාර්ගයෙන් හා  වෙනත් මාර්ගවලීන් දුන්නම හා පැමිණිළි කළ විට  මහේස්ත්‍රාත්වරයා නීතියෙන්ම බැඳිල ඉන්නවා ඒ තැනත්තා බලන්න එන්න හෝ ඔහු හෝ ඇය ගැන වාර්ථාවක් වහාම කැඳවන්න. ඒතකොට පොලිසිය එම තැනැත්තාට පහර දී ඇත්නම් නම් ඔවුන්ට රස්සව නැතිවෙනව. හිරේ යන්න වෙනවා. වන්දී ගෙවන්න වෙනවා. පොලිසියට ලේසි වෙන්නේ නැ බේරෙන්න.

තවත් පියවරක් ඉදීරීයට ගිහිල්ල මානව හිමිකම් කොමිසමේ  හොට් ලයින් එකට කෝල් කරන්නත් පුලුවන්. ඔවුනුත් පොලිසියට කෝල් කරල විසිතර ගැන අහන්න පුලුවන්, එතැනදීත් නීතිඥවරයගේ සහය ගන්න එක වැදගත්.

දැන් බලන්න ඔබ පොලිස් අත්අඩංඟුවට පත්වෙනවා නම් පවුලෙ අයට සහ දන්නා අනෙක් අයට කියන්න ඔබ ගැන සෝදිසියෙන් ඉන්න කියල. නීතීඥවරයා පොලිසසියට ඇවිත් ගියාම, මානව හිම්කම් කොමිසමට කිව්වම  හා මහේස්ත්‍රාත්වරයාට කිව්වම පොලීසිය කොහොමටවත් ඔබට ගහන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා ප්‍රශ්නේ දුර දීග ගිහින් කියලා. ඔබට ගහන්න එන්න කොටම  ඔබ ගහන්න එන පොලිස් නිලධාරියාට කියන්න “මට ගහන්න එපා. ඔබට විරුද්ධව මානව හිමිකම් නඩුවක් යනවා. කෝටීයක් වන්ඳී ඉල්ලනව.  දැන්නටමත් මගේ නීතීඥවරයා පොලීසියට එන ගමන් හා එයා මහේස්ත්‍රාත්වරයාට දන්වලා තියෙන්නේ කියල”

එතකොට මේ නව නීතීය නිසා පොලිසිය ගහන්න  ගත්ත අත ආපස්සට ගන්නවා.

මේක කිසිම විදියකටවත් සර්ථක වන්නේ නැ, පුරවැසියා ක්‍රියාත්මක වුණේ නැත්නම්. ඔබ පොලීසියට බාර වෙන්න හෝ අත්අඩඟුවට පත්වීමට යනවා නම් වහාම ගෙදර අය යාලුවෝ ලවා ක්‍රියාත්මක වන්න. පොලිසියේ අයට දැනුවත් කරන්න. ගැහුවෝත් වැඩ වරදීන බවට.

මේ වීදීයට පොලිසිය නීතියෙන් බය කරල තමයී පොලිසියේ  කරන වධ හිංසා නවත්වන්න පුලුවන්. ඔබ කොයිතරම් බරපතල වරදක් කරත්, මිනී මැරුවත් ඔබට ගහන්න පොලිසියට අයිතියක් නැහැ.

ගහන්න බෑමයි.

පොලීසීයෙන් ඔබට ගැහුවෝත් බලාගෙනයි, පොලීසීයට වැඩ වරදීනවාමයි. ඒ පුරවැසියා හරියට හිටියොත්.

නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් මහුණූ පොතේ පළ කරන ලද ලිපියක සංස්කරණය කරන ලද අනුවාදයකි.

Archive

Latest news

Related news