Tuesday, April 23, 2024

නාමල් රාජපක්ෂගේ කොවිඩ් බොරුවක් අතේ පත්තු වෙයි!

දකුණු ආසියානු කලාපයේ වසංගතය වඩාත් සාර්ථකව පාලනය කළ රට ශ්‍රී ලංකාවයි යන නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය ව්‍යාජයත් බව FactCheck.lk ආයතනය කරුණූ ඇතිව පෙන්වා දී තිබේ.

බොහෝ දේශපාලනඥයින් ජනතාව ඇන්දවීම පිනිස මෙවැනි බොරුකීම පුරුද්දක් කරගෙන සිටිති. කොවිඩ් වසංගතය වැනි රටෙහි මුලුමහත් ජනතාවටම බලපාන මෙවැනි කරුණක් ගැන මෙතරම් ව්‍යාජ ප්‍රකාශයක් කිරීමෙන් පෙනෙන්නේ නාමල් රාජපක්ෂද පරණ තාලයේම දේශපාලනඥයකු බවයි.

FactCheck.lk වාර්තාව:

නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය තක්සේරු කිරීම සඳහා, FactCheck.lk, දත්ත  අනෙක් රටවල් සමඟ සංසන්දනය කිරීම සඳහා (එම ප්‍රකාශය කරන ලද ජූලි 10 වන විට) COVID-19 පිළිබඳ Our World in Data (OWID) සංඛ්‍යාලේඛන උපයෝගී කර ගන්න ලදී.

ඇමැතිවරයා ඔහුගේ කියන සාර්ථකත්වය මනින ලද ප්‍රමිතීන් සඳහන් නොකරයි.

FactCheck.lk විසින් නිර්ණායක තුනක් භාවිතා කරමින් එම ප්‍රකාශය ඇගයීමට ලක් කරන ලදී. ඒවා නම් (1) මිලියනයකට කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව, (2) දහසකට කරන ලද පරීක්ෂණ ගණන සහ පරීක්ෂනයට ලක් කළ අය පොසිටිව් වීමේ ප්‍රතිශතය (3) එන්නත් කරන ලද ජනගහනයේ ප්‍රතිශතය වේ.

නිර්ණායක 1: ශ්‍රී ලංකාවේ මිලියනයකට  කොවිඩ් 19 නිසා සිදුවූ මරණ සංඛ්‍යාව161.9.   එම සංඛ්‍යාව ඇෆ්ගනිස්ථානයෙහි 142.9ක්ද, බංග්ලාදේශයෙහි 98.3ක්ද, භූතානය 1.3ක්ද, පාකිස්තානයෙහි  102.2කි. එනයින් ශ්‍රී ලංකාවේ මිලියනකට සිදුවූ මරණ සංඛ්‍යාව එම සියලුම රටවලට  වඩා ඉහළ අගයක් ගනී.

නිර්ණායක 2: ශ්‍රී ලංකාවේ දහසකට පවත්වන ලද පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 195.5කි. ඉන්දියාවෙහි එය 310.9ක්ද  මාලදිවයිනට 1,989.9 කි ද වේ. එනයින්  ශ්‍රී ලංකාව ගන්නේ පහළ අගයකි. ඉන්දියාවට 0.023ක්ද මාලදිවයිනෙහි 0.022 ක්ද වූ පොස්ටිව්  අනුපාතයන් වඩා කරන ලද පරීක්ෂන සංඛ්‍යාවවෙහි ප්‍රතාශතයක් වශයෙන් වැඩි 0.119 පොසිටිව් අනුපාතයක් ශ්‍රී ලංකාවෙහි දක්නට ලැබේ.

නිර්ණායකය 3: සිය දෙනෙකුට සම්පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව  ශ්‍රී ලංකාවෙහි 6.4කි.  එයට ඉදිරියෙන් සිටින්නේ එම සංඛ්‍යාව 40.88 ක් වූ මාලදිවයිනයි. කෙසේ වෙතත්, අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලබා ගත් සියයකට පුද්ගලයින් සංඛ්‍යාව සලකා බැලීමේදී, ශ්‍රී ලංකාව සිටියේ,  එම සංඛ්‍යාව 58.86 වූ මාලදිවයිනට සහ 21.97 ඉන්දියාවට පසුපසිනි. ශ්‍රී ලංකාවෙහි එම සංඛ්‍යාව 17.53කි.

පවතින දත්ත වලට අනුව, නාමල් රාජපක්ෂ විසින් එම ප්‍රකාශය කළ අවස්ථාවේ දී, පැවැති තත්වය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk  භාවිතා කළ නිර්ණායක තුනෙන් එකකින්වත් ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ හොඳම ප්‍රතිපල නොතිබූ අතර, එය නිර්ණායක දෙකක් මත ඉන්දියාව සහ මාලදිවයින පිටුපසින් සිටියේය. . එබැවින් FactCheck.lk ඇමතිවරයාගේ ප්‍රකාශය ව්‍යාජයක් ලෙස වර්ග කරයි.

සටහන: මෑතකදී ශ්‍රී ලංකාව එන්නත් කිරීම වේගවත් ලෙස වැඩි කර තිබේ. ජූලි 10 සිට 20 දක්වා ශ්‍රී ලංකාව දිනකට සාමාන්‍ය මාත්‍රාවන් 243,379 බැගින් එන්නත් ලබා දෙන ලදී. FactCheck.lk විසින් එන්නත් කරන ලද ලකුණු පුවරුව පෙන්නුම් කරන්නේ මෙම වේගය පවත්වා ගෙන යන්නේ නම් ශ්‍රී ලංකාවට වයස අවුරුදු 20 ට වැඩි සෑම කෙනෙකුටම 2021 ඔක්තෝබර් 18 වන විට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දිය හැකි බවයි.

(ඉංග්‍රිසි බසින් පළ කරන ලිපියක සිංහල අනුවාදයයි.)

 

 

* FactCheck.lk’sverdict පදනම් වී ඇත්තේ ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි නවතම තොරතුරු මත ය. සෑම සත්‍ය පරීක්‍ෂණයකදීම මෙන්ම, නව තොරතුරු ලබා ගත හැකි නම්, FactCheck.lkwill තක්සේරුව නැවත බලන්න.

Archive

Latest news

Related news