Monday, May 20, 2024

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් වෙනසකට අදහස් මාලාවක්

පසුගිය සතියෙහි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතිබහුතරයක් එක පොදු වේදිකාවකට  කිසිදු පූර්ව කොන්දේසියකියකින් තොරව බව එම එකතුවට මූලිකත්වය ගත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික වයාපාරය සඳහන් කරයි.

ඔවුන් එසේ එක වේදිකාවකට යොමු වූණේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී ඇති බරපතල අර්බුදය පිළිබදව අන් කවරදාකටත් වඩා බලවත් ලෙස අවධානයක් යොමුකිරීම ජාතික අවශ්‍යතාවයක් වී ඇති බව ඔවුන් තේරුම් ගෙනඇති නිසාත්  මේ රටේ  සාමාන්‍ය පොදු ජනතාව පෙලෙමින් සිටින දැවැත්ත පීඩනය පිළිබදව ඒ සෑම දේශපාලන කණ්ඩායමක්ම  තේරුම්ගෙන ඇති නිසාත් බව එය වැඩි දුරටත් පවසයි.

මෙම අභියෝගයට මුහුණ දෙන්නට නම් මේ රටත් ජනතාවත් එයින් ගලවාගන්නට නම් එක්සත්වීම හැර වෙනත් විකල්පයක් නැතිබව දැන් ඉතා පැහැදිලි යයිද එය සදහන් කරයි.

මේ රටේ ඕනෑම දේශපාලන පක්ෂයකට, සෑම දේශපාලන බලවේගයකටම ආවේනික වූ ප්‍රතිපත්තියක් හා දර්ශනයක් තිබෙන නමුත්  අද වැනි මොහොතක රට මහුණ දෙන තීරණාත්මක කරුණු ගණනාවකට අදාලව ඔවුන් විසින් පල කරන ලද පොදු එකගත්වය අතිශයින්ම වැදගත් වන බවත් එය පවසයි.

එදින එකු වූ විපක්ෂයේ දේශපාන පක්ෂ සාකච්ඡා කල හා මූලික වශයෙන් එකගත්වයක් පලකල කරුණු  සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය විසින් මෙසේ ගොනු කර තිබේ.

1.      ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස අදූරදර්ශී ආර්ථික කළමනාකරණය සහමුලින් වෙනස් කළ යුතුය. වර්ෂගණනාවක්තිස්සේවිවිධආණ්ඩුයටතේගොඩගැසුණුණය කන්දරාව ආපසු ගෙවීමේ අභියෝගය 2019 වර්ෂයේ සිට උච්ච තත්වයකට එන බව වගකිවයුත්තන් නොදැන සිටියා නොවේ. එබැවින්:

–        සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව තුලනය කරමින් රටේ ආර්ථික ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍යය;
–        නාස්තිය සහ දූෂණය අවම කිරීමට සැබෑ කැපවීම පෙන්විය යුතුය අතර ආයතනික රාමුව ශක්තිමත් කිරීමෙන් එය තහවුරු කළ යුතුය;
–        සැබෑ සුදුස්සන් තනතුරුවලට පත් කිරීම පෙරදැරිව ඵලදායිත්වය වර්ධනය කිරීමට කටයුතු කළ යුතුය;
–        ජනතාවගේ  ජීවන බර සැහැල්ලු කරන අතර රාජ්‍ය ආදායම තහවුරු කරන බදු ක්‍රමයක් අවශ්‍යය.

2.      විනාශකාරී 20 වන සංශෝධනය ආපසු හරවා ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය තහවුරු කළ යුතුය:
–          මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන් සභාවලට දේශපාලන හිතවතුන් වෙනුවට අපක්ෂපාතී ප්‍රාමාණියකයන් පත් කිරීමට වහා කටයුතු කළ යුතුය;
–          පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය විධායකයේ ග්‍රහණයෙන් මුදාලිය යුතුය;
–          ව්‍යාවස්ථා සභාවේ දේශපාලන තුලනය සහ ස්වාධීනත්වය තහවුරු කළ යුතුය;
–          රාජ්‍ය සේවය දේශපාලනීකරණට සහ මිලිටරීකරණයට ඇති ඉඩ අවුරාලිය යුතුය.

3.      අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුමය.
–          ඉහළ අධිකරණයවලට විනිසුරුවන් පත් කිරීමට විධායකය සතු අත්තනෝමතික බලය අධීක්ෂණයට යටත් කළ යුතුය;
–          අධිකරණයට සිදු කරන සියලු අත පෙවීම් වළැක්වීමට යාන්ත්‍රණයක් තැනිය යුතුය.

4. මානව හිමිකම් තහවුරු කරමින් සෑම පුද්ගලයෙකුට ප්‍රජාවකට සහ ජන කොටසකටම තෘප්තිමත් වියහැකි පරිදි අයිතිවාසිකම් ස්ථාපනය කළ යුතුය
– සෞඛ්‍ය බලධාරීන් විසින් සම්පාදිත නිරෝධායන නීති නිසිලෙස නීතිගත කරමින් ඒවා ජනතාවගේ යහපත පිණිස යොදාගත යුතුව ඇති අතර එහෙත් ඒවා ජනතාවගේ හඩ මර්දනය කිරීම උදෙසා අවභාවිතා නොකල යුතුය.
– අධ්‍යාපන පරිසර කෘෂිකර්ම ආදී ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලුවලට වහා විසදුම් ලබාදිය යුතු අතර එම ගැටලු පෙන්වා දෙන සංවිධාන හා ඒවායේ ක්‍රියාකාරිකයින් මර්දනය කිරීම වහා නැවැත්විය යුතුය.
– සමාජ මාධ්‍ය හා ජනතාවගේ කතා කිරීමේ නිදහස මර්දනය කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට අප තරයේ විරුද්ධ වන අතර ස්වාධීන මාධ්‍ය නියාමනයක අවශ්‍යතාවයද අවධාරණය කරන්නෙමු.

උක්ත කරුණු සම්බන්ධයෙන් මූලික එකගතාවයක් ඇතිකරගත් එම දේශපාලන පක්ෂ නායකයන් ජනතා සුභසිද්ධිය තහවුරු කල හැකි ශක්තිමත් හා ආරක්ෂිත දේශයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම තැනීම එදින සිට සක්‍රීයව අරභන බවටද එහිදී ප්‍රතිඥා ලබාදුන් බවද එය සඳහන් කරයි.

එමෙන්ම එදා පැමිණ සිටි දේශපාලන පක්ෂ නායකයන් තවත් එක් සුවිශේෂි කරුණක් පිළිබදව විශේෂ අවධානයක් යොමුකරන ලදී. ඒ ජාතික ඒකාග්‍රතාවය ගොඩනැගීමෙහි ඇති ප්‍රමුඛ අවශ්‍යතාවයයි. නොබෙදිය හැකි රටක සමස්ථ ජනතාවගේම අභිමානය හා ගෞරත්වය සුරැකෙන ඒ සියලු පාර්ශවයන්හි සාමූහිකත්වයෙන් ගොඩනැගිය යුතු ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබදව වන ඔවුන් තුළ පවත්නා කැපවීම එහිදී විශේෂයෙන්ම අවධාරණය විය. එය ඉතාමත්ම වැදගත් කරුණකි. මක් නිසාද යත් අනාගත ශ්‍රී ලංකාව සමෘද්ධිමත්, සාමකාමී හා සංවර්ධිත රටක් ලෙස ගොඩනැලීමට නම් එවන් පුලුල් ජාතික එකඟත්වයකින් යුතුව අප සියල්ලන්ම කටයුතු කල යුතුව ඇති නිසාය.ය

එමෙන්ම 20 වන සංශෝධන මඟින් මොනතරම් දැවැන්ත බලයක් අද රජය අත්පත්කරගෙන තිබුණත් රට මුහුණ දෙමින් සිටින මෙවැනි අර්බුදකාරී තත්වයකදී එක පුද්ගලයෙකු විසින් අත්පත්කරගත් බලයකට පමණක් ඒවායින් ජයගත නොහැකි බව ඕනෑවටත් වඩා පැහැදිලි ලෙස ඔප්පුකර තිබෙන බව ද එය පවසයි.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතා පසුගිය 23දා පළකල අදහස් ඇසුරෙනි.)

Archive

Latest news

Related news