Monday, May 20, 2024

පාර්ලිමේන්තු මංත්‍රී නිවසක මෙහෙකාර සේවිකාවගේ මරණයේ සහ අපයෝජනයේ වරදකරුවන්ට දඩුවම් දෙනු! – ලක්බිමේ මව්වරු සහ දියණියෝ

ඡායාරූපය: මියගිය දැරිය වෙනුවෙන් යුක්තිය ඉල්ලා උද්ඝෝෂනය කරන කදුරට ජනයා.

රටෙහි නීති සෑදිම බාරව සිටින පාර්ලිමේන්තු මංත්‍රීවරයකුගේ නිවසක බාල වයස්කාර ගැහැණූ ළමයකු ගෘහස්ත සේවයේ යෙදවා ගැනීමත්, එම දැරිය මාස අටක් පුරා ලිංගික අපයෝජනයන්ට ලක්කර ඇති බවටත් දැක්වෙන වාර්තා මගින් ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය කම්පනයට පත් වෙයි.

එමෙන්ම එම දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර දින ගණනාවකට පසු මියයාමද මෙම ඛේදවාචකය තවත් තීව්ර කරයි.

තවද එම දැරියගේ මරණය පිළිබඳව නිසි පරීක්ෂනයක් පවත්වන ලෙස කඳුරට දෙමළ ජනයා විසින් කරනු ලබන ඉල්ලීමට ලක්බිමේ දියණියෝ සංවිධානය සිය සහයෝගය පළකරයි.

බාලවයස්කාර දැරියන්ට එරෙහිව මෙරට සිදුවන ලිංගික කෙළෙසීම් පිළිබඳ සිදුවීම් එන්න එන්නම වැඩි වැඩියෙන් වාර්තා වෙමින් තිබේ. වාර්තාවන මෙවැනි සිදුවීම් වලට වඩා බෙහෝ ප්‍රමාණයක් දරුවන් ලිංගික අපයෝජනයන්ට මුහුණ දෙන බව පිළිගත් කාරණයකි.

අන්තර්ජාලය යොදා ගනිමින් 15 හැවිරිදි දැරියක ලිංගික ශ්‍රමිකයෙකු ලෙස අලෙවි කර, සමාජයේ විවිධ තරාතිරම් වලට අයත් පුද්ගලයන් රාශියක් ඇයව ලිංගික කෙළෙසීමට ලක්කර ඇති බවට ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් ලැබුණේ පසුගිය ජූනි මස 7 වෙනි දිනය.

ඇය අපයෝජනයට ලක් කළ පිරිස අතර බෞද්ධ භික්ෂූන්, නාවික හමුදාවේ සේවය කළ වෛද්‍යවරයෙක්, ව්‍යාපාරිකයන්, මාලදිවයිනේ හිටපු ඇමති වරයෙක්  ඇතුඏ විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයින් රැසකි. මෙම ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් 75 ක් පමණ දැනට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නාවලපිටියේ 13 හැවිරිදි දැරියකට ලිංගික කෙළෙසීමක් සිදු කර ඇති බවට චෝදනා ලැබ ඇගේ පියා ඇතුලු පස් දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුයේ 2021 ජූලි මස   දිනය.

හිටපු පාර්ලිමේන්තු ඇමති වරයෙකු වන රිෂාඩ් බද්යුද්දීන්ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදුණ 16 හැවිරිදි දැරිය බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබුණේ 2021 ජූනි මස    දිනදීය.    දින ඇය මිය ගිය අතර ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික කෙළෙසීමට ලක් වී ඇති බව තහවුරු වී තිබේ.

සමාජ මාධ්‍ය ඇතුලු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වන මෙම සිදුවීම් හැරුණ විට අප්‍රසිද්ධියේ සිදුවන මෙවැනි සිදුවීම් කොතෙක් දැයි සිතාගත නොහැකි වුවත්, එම ගණන මීට වඩා බොහෝ වැඩි බව අප යළි අවධාරණය කරමු.

මේළෙස කෙළෙසීමට භාජනය වන්නේ අපගේම දියණියන් සහ සහෝදරියන් බව සමාජයක් වශයෙන් අප තේරුම් ගත යුතුව තිබේ.

පුරුෂ මූලික, පුරුෂාධිපත්‍යයික සමාජය විසින් ස්ත්‍රීන් ලිංගික භාන්ඩයක් ලෙස සැළකීම ස්ත්‍රීන් ලිංගිකව කෙළෙසීම්හි පදනම වේ.  දරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වයද අප සමාජයේ බහුලය. දරුවන්ට පරදීම සාධාරණ කරන බොහෝ දේශපාලන නායකයින්ද මෙරට සිටිති.

දරුවන්ට එරෙහි ලිංගික බලහත්කාරය මෙම සාධක දෙකෙහි එකුතැන්වීමක් බව ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය විශ්වාස කරයි.

මෙලෙස ස්ත්‍රීන් සහ දැරියන් භාණ්ඩ යැයි සිතා වෙළදාම් කිරීම, ලිංගික කෙළෙසීමට ලක් කිරීම සහ ඝාතනය කිරීම ලක්බිමේ මව්වරුසහ දියණියෝ සංවිධානය තරයේ හෙළාදකියි. එමෙන්ම මෙම සිද්ධීන් වලට අදාල තැරැව්කරුවන්, ඇතුලු සියලුම පාර්ශවයන් කිසිදු භේදයකින් තොරව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙසත්, වින්දිත පාර්ශවයන්ට යුක්තිය ඉෂ්ඨ කරන ලෙසත්, ස්ත්‍රීන් සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් බලධාරීන්ට බල කර සිටිමු.

පුවත්පත් නිවේදනය/2021 ජූලි 20දා.

 

Archive

Latest news

Related news