Thursday, March 28, 2024

මංත්‍රී නිවසෙහි ළමා මෙහෙකාර සේවය සහ ලිංගික අපයෝජනය හිමිකම් ක්‍රියාකාරිනියෝ හෙළා දකිති

ළමා පාර්ලෙිමේන්තු මංත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසෙහි බාල වසය්කාර මෙහෙකාරියක ලෙස සේවයේ යොදවන ලදුව පිළිස්සුම් තුවාල වලින් මියගිය හිශ්ලිනී එම නිවසෙහිදී ලිංගික අපයෝජනයන්ටද ලක්ව තිබීම මෙරට ස්ත්‍රී හිමිකම් සංවිධාන සහ හිමිකම් ක්‍රියාකාරිනියන් විසින් හෙළා දකිති.

හිෂාලිනිට යුක්තිය සඳහා එක්ව සටන් කරමු – නිමල්කා ප්‍රනාන්දු

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ කාන්තා දේශපාලන පිඨයේ අධ්‍යක්ෂිකා නිමල්කා ප්‍රනාන්දු මෙසේ කියයි:

කොවිඩ් 19 නිසා දරුවෝ සහ දෙමාපියෝ අභියෝගයන්ට මුහුණ දී සිටිති.  වතු ක්ෂේත්‍රයේ  පාසල් අධ්‍යාපනය සහමුලින්ම  පාහේ බිඳ වැටී ඇත. කොවිඩ් වසංගත සමයෙහි වතුකරයේ සිට සංක්‍රමණය වන දරුවන්ගේ වැඩිවීමක් ඇත්දැයි  අපි සොයා බලමින් සිටිමු. මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ දරුවා ගෘහ සේවිකාවක් ලෙස ගෙන එන විට ඇය වයසින් අඩු බවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී යම් කාලයක් තුළ ලිංගික අපයෝජනයන් සිදිව ඇති බව අනාවරණය වී තිබේ. මෙම වරදකරුවන්ට නඩ් පවරා එය ඉක්මනින් විමසා ඉවරයක් කළ යුතුය. විමර්ශනයට අදාළ කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. පොලිසිය විමර්ශනයන් ප්‍රමාද කරනු ඇතැයි යන සැකයක් ද  දැන් යම් යම් අය තුළ ඇතිව තිබේ. මෙය එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් පිලිබඳ ප්‍රඥාප්තිය වෙත ශ්‍රී ලංකාවේ  කැපවීම් වල නිශ්ක්‍රීය බව  සහ ප්‍රමාදය නරක ලෙස පිළිබිඹු වන පරීක්ෂණ අවස්ථාවක් බවට පත්විය හැකිය.

“ඇය සේවයේ යොදවා තිබූ නිවසේ තරාතිරම හෝ හිමිකාරත්වය පරීක්ෂන සඳහා බාධාවක් හෝ ප්‍රමාදයක් විය නොයුතුය. මෙම වැදට අදාළ සියලුම අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. වයසින් අඩු දරුවෙකු බඳවා ගත් පුද්ගලයින් සහ දරුවා විකුණූ මැදි මිනිසා අපගේ නීති උල්ලංඝනය කර ඇත. පවුලේ සාමාජිකයින්ට විශේෂයෙන් හිෂාලිනිගේ මවටද මෙම දැරියගේ තොරතුරු සඳහා අවශ්‍ය සියලු තොරතුරු සැපයීමට නීති ආධාර ලබා දිය යුතුය.
විකුණූ  නියෝජිතයා සොයා ගැනීමෙන් සැඟවුණු තවත් තොරතුරු අනාවරණය කර ගත හැකි වනු ඇත.  ගරු පාර්ලිමේන්තු මංත්‍රී රිෂාඩ්නිගේ නිවැසියන් සතු යුතුකම වන්නේ මෙම සිද්ධියට අදාළ සියලු තොරතුරු, හිෂාලිනී අලෙවි කළ අතරමැදියා පිළිබඳ තොරතුරු සහ විමර්ශන ක්‍රියාවලියට සහාය වීමය.

සවුදි අරාබියේදී යේදී මරණ දඩුවම දෙන ලද බාල වයස්සකාර රිසානාට සාධාරණය ඉටු කිරීම සඳහා අපි සියලු දෙනාම එකට සටන් කළෙමු. ඒ හා සමානව අපි හිෂාලිනිට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමු. මේ අපේ දරුවන්.  අපි  ඔවුන් ආරක්ෂා කළ යුතුයි.

වින්දිත ස්ත්‍රීන්ට යුක්තිය සදහා ප්‍රවේශය වගේම මනෝ සමාජීය සහයත් ලබා දමු – පබා මැණිකේ

ලිංගික අයිතිවාසිකම් සහ ස්ත්‍රී සහන පියසෙහි ක්‍රියාකාරිනයක වන පබා මැණිකේද ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වීය

“හිෂිලිනී ගේ මරණය ගැන සිදුවූයේ කොහොමද කියළ අපි තවම දන්නේ නැති වුනත් ඇය මහුණ දුන් අපයෝජන හමුවේ ඇයට සහායක් අවශ්‍ය වෙලා තියෙන්න ඇති. මේ වගේ තවත් හුඟ දෙනෙක් සමාජයේ ඉන්නවත් ඇති.

” හුගාක්ම කණගාටු හිතෙන දෙය තමයි, තමන්ට කිසිම සහයක් නෑ තියලා හිතන්න ලිංගික හිංසන වල වින්දිතයන්ට අප ඉඩ සලසලා තියෙන එක. ලිංගික හිංසන වල වින්දතයන්ව අපි තවත් ලැජ්ජාවට ලක් කරනවා. පොලීසියට ගියත් ඇතැම් වෙලාවට “මොකද්ද ඇදන් හිටියේ”, “ඇයි රෑ වෙලා ගියේ”, “තනියෙන්ද හිටියේ” වගේ ප්‍රශ්න අසනවා. අපි හිතනවා ස්ත්‍රීන් ‘ඉල්ලං කනවා’ කියලා. නමුත් අපි උත්සහ දරන්නේ නෑ ‘කැමැත්ත’ වගේ සංකල්පයක් තේරුම් ගන්න.
ඒ වගේම, වින්දිතයන්ට තියෙන සහය වැඩි කරන්න වගේම ඔවුන්ට ඒවාට ප්‍රවේශ වෙන්න තියෙන අවස්ථාව ඉහල දමන්නත් ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. අපිව පුරුදු කරලා තියෙන්නේ ලිංගික හිංසනයක් සිදු වුණාම ඒ හිංසනයට ලක් වුණු ස්ත්‍රීයගේ හෝ ගැහැණු ළමයාගේ ජීවිතයේ වටිනාකම අඩු වෙනවො කියලයි. ඒ අදහස අපි අභියෝග කරන්න අවශ්‍යයි. වින්දතයන්ට යුක්තිය සදහා ප්‍රවේශය වගේම මනෝ සමාජීය සහයත් තිබෙන බව ප්‍රසිද්ධ කරන්න අවශ්‍යයි.”

සිදුවූ දේ හෙළි කළ යුතුයි – පොටෙක්ට් යුනියන්, හැටන්.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී පසුගිය 15 වෙනිදා ඇය මියගොස් ඇත. නමුත් මෙයට හේතුව තවමත් පරීක්ෂණ වෙමින් පවතින බව පොලිසිය පවසයි. මෙම දැරිය සේවයට ගෙන එද්දී වයස අවුරුදු 15 මාස 11ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබේ. මෙම නිවසේදී සත්‍ය වශයෙන්ම සිදු වූයේ කුමක්ද යන්න රටට හෙළිකරන ලෙස ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාවේ සාමාජිකයන් ඉල්ලා සිටී. එසේම මෙම දැරියට සියදිවි නසාගැනීමට හෝ පිළිස්සීමට අදාළ සිදුවීම පිටුපස තිබෙන කාරණා සඳහා වගකිවයුත්තන් සිටීනම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය. ඒ පිළිබඳව සංගමය විසින් අවධානයෙන් සිටී. එසේම මේ දැරිය සේවයේ යෙදවූ බ්‍රොකර්වරයාගේ සිට නිවෙස් හිමිකරුද සේවායෝජකයන් ලෙස සලකාද ඉදිරි පරීක්ෂණ සිදු වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම සංගමය සඳහන් කරයි.

මේ සිදුවීම හෙළා දකිමින් ස්ත්‍රී සංවිධාන ජාලයක් වන “ලක්බිමේ මව්වරු සහ දියණියෝ” විසින්ද ස්වාධීන පරීක්ෂනයක් ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

 

 

 

Archive

Latest news

Related news