Monday, May 20, 2024

වොයිස් ටියුබ් නාලිකාවේ කතුවරිය රහස් පොලීසියට

වොයිස් ටියුබ් නාලිකාවේ කතුවරිය වන තුෂාරා සෙව්වන්දි විතානගේ, ඊයේ එනම් ජූලි 09දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත කැදවන ලදී.

චීන නිෂ්පාදනයක් වන සිනොවැක්ස් එන්නත මෙරට තුළ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්, අසේල සම්පත් විසින් කරන ලද ප්‍රකාශයක් වාර්තා කිරීම ඊට හේතුව වශයෙන් දැක්වේ.

අසේල සම්පත් විසින් කරන ලද එම ප‍්‍රකාශය වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාව ඔස්සේ විකාශය වී ඇති අතර, ඒ පිළිබදව සිදුකරන විමර්ෂණ කටයුතු සදහා ඇය කැදවන ලදී.

අසේල සම්වත් විසින් කරන ලද ප‍්‍රකාශය පිළිබදව පැමිණිලි කර තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසිනි.

ලීඩර් වෙබ් අඩවිය විසින් මේ පිළිබදව පළ කරන ලද දීර්ඝ වාර්තාව පහත දැක්වේ.

 

 සමාගමේ කොන්දේසි !
මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ මූලික තාක්ෂණික කටයුතු සති කිහිපයකින් අවසන් කිරීමට අපේක්ෂා කලද ඒ සම්බන්ධයෙන් එම චීන සමගම ඉදිරිපත්කර තිබු කොන්දේසි හා ඉහල මිල ගණන් හා එම එන්නතේ ගුණාත්මක බව අවමවීම සැලකිල්ලට ගනිමින් එකී නිෂ්පාදන කටයුතු සඳහා අනුමැතිය නොදීමට බලධාරීන් නියෝගකර ඇතැයි පැවසේ.
එසේ, ශ්‍රී ලංකාවට විකිණීමට නියමිත සිනොවැක් එන්නතක මිල හෙළිදරව් කළ හොත් සාම ගිවිසුම අවලංගු කරන බව එන්නත නිපදවන චීන සමාගම දන්වා තිබිණ.
චීනයේ Sinovac Lifesciences Co.Ltd ආයතනය සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Kelun Lifesciences Pvt Ltd චීන සමගම අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත් කර ඇත. ඒ අනුව එන්නතක මිල පිළිබඳව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රසිද්ධියේ කතා කිරීම ගිවිසුම අවසන් කිරීමට හේතුවනු ඇත.
Jun 11 2021.06.28
කෙසේවුවද මෙම එන්නත් ජාවාරම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණි පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) බලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත්කර කර ඇතැයි ද වාර්තාවේ.
ඒ අනුව, සිනෝවැක් එන්නත ගෙන්වීමේ හා චීනයේ නිපදවන එම එන්නත මහනුවර පල්ලෙකැලේ පිහිටි Kelun Lifesciences කර්මාන්ත ශාලාවේ දී පිරවීම හා ඇසිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
එසේම, තවත් සයිනොෆාම් එන්නත් තොගයක් ගෙන්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක ණයවර ලිපි විවෘත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඔහුගේ නීතිඥයකු මාර්ගයෙන් ‘වොයිස් ටියුබ්’ කතුවරියට ඒවා තිබු එන්තරවාසිය,
1 e2 e3 e

Archive

Latest news

Related news