Saturday, April 20, 2024

යුක්තිය පතා දින 1600ක්: “දෙමළ නිජබිමෙන් පිට වනු!” අතුරුදහන්වූවන්ගේ මාපියෝ චීනයට කියති.

යුද සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද සිය ආදරනීයයන් පිළිබඳ තොරතුරු ඉල්ලමින් “අතුරුදහන් වූවන්ගේ වවුනියා පවුල්” විසින් පවත්වා ගෙන යන අඛන්ඩ සත්‍යග්‍රහය පසුගිය 05දා  1600 වන දිනය පසු කළේය.

බලහත්කාර අතුරුදහන්වීම් වලට ගෙදුරු  සිය දරුවන් වෙනුවෙන් ආරජන්ටීනාවෙහි මායා ඩි ප්ලාසා හි මව්වරුන් ගෙන ගිය දීර්ඝ කාලීන සාමකාමී අරගලයෙන් පසු ලොව වාර්තා වන දීර්ඝතම මව්වරුන්ගේ ව්‍යාපාරය මෙය වේ.

1600වන දිනය වෙනුවෙන් ඔවුන් විසින් ප්‍රදර්ශණය කරන ලද පුවරුවට අලුත් සටන් පාඨයක්ද එක්ව තිබේ.

එනම් “චීනය දෙමළ නිජබිමෙන් ඉත්ව යා යුතුය” යන්නයි. චීනය දෙමළ ජනයාගේ මිතුරකු නොව බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි දී චීනය දෙමළ ජනයාගේ අයිතීන්ට විරුද්ධ වන බවත් එහි දක්වා තිබේ.

චීනය ශ්‍රී ලංතාවේ උතුරු නැගෙනහිර තමන්ගේම ආර්ථික ව්‍යාපෘති පවත්වාගෙන යන අතර එවැනි ස්ථාන විරෝධතා ඉලක්ක බවට දැනටම පත්ව තිබේ.

“ අතුරුදහන් කරන ලද දෙමළ දරුවන්ගේ මව්වරුන් වන අපි දෙමළ නිජබිමෙන් ඉවත්ව යන ලෙස චීනයට කියා සිටිමු” යැයි ඔවුහු ප්‍රකාශ කරන බව ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි.

“අප්‍රමාදව  ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සඳහා ස්ථිර දේශපාලන විසඳුමක් ස්ථාපිත කරන ලෙස” යුරෝපීය සංගමය, එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුලු  ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කරමින් එම පවුල් ඉල්ලා සිටිති.

පසුගිය දිනයන්හිදී දී වවුනියා හි “අතුරුදහන් වූවන්ගේ වවුනියා පවුල්” සංවිධානය,  යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති  ජීඑස්පී + සහනය  අවලංගු කරන ලෙසත්, දෙමළ දුක්ගැනවිලි විසඳීමට සාධාරණ දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය එක්ව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

(ඡායාරූප ටැමිල් ගාර්ඩියන් වෙතිනි)

Archive

Latest news

Related news