ගෝටාගෙන් තවත් කොවිඩ් පචයක්!

563

Image: haulixdaily.com.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවෙහි පයිසර් බයොන්ටෙක් ඒන්නත ලද ප්‍රථම එරට යැයි ජනාධිපති රාජපක්ෂ අද උදෑසන තවත් ටොන් පචයක් අතහැරියේය. ජනයා මුලා කිරීම පිනිස ගොබල්ස් න්‍යාය හැර වෙනත් උපායක් රාජපක්ෂවරුන් වෙත නැති බව පෙනේ. සිය අසමත්බව වසා ගැනීමට බොරුකීම මත රඳා පැවැතීමට රාජ්‍ය නායකයකුට සිදුවීම ඛේද ජනකය.

පහත සඳහන් ටිවිටර් පණිවිඩයෙන් රාජපක්ෂ කියන්නේ පයිසර් බයොන්ටෙක් ලද ප්‍රථම ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වීම ‌ශ්‍රේෂ්ඨ පුවතක් බවය. තමා ඒ් ගැන ආඩම්බර වන බවය.

එනමුත් යුනිසෙප් ආයකනයේ මාලදියින කාර්යාලය විසින් යවන ලද මෙම ට්වීටයෙන් පෙනෙන්නේ එරටට පයිසර් බයොන්ටෙක් ඒන්නත ලැබුණේ මෙම වසරේ  මාර්තු 25 වන දින තරම් ඈතකදී බවය. ඒ වන විට රාජපක්ෂවරු නුවරඑළියේ අව්රුදු උත්සවය සූදානම් වෙමින් සිටියහ.

ඇත්තම තත්වය නම් මාලදිවයින මෙන්ම බංගලි දේශයද ලංකාවට පෙර පයිසර් බයොන්ටෙක්  කොවිඩ් එන්නත ලබා ගත් බවය. මෙම වසරේ මැයි31 දා බංගලි දේශයට කෝවැක්ස් යටතේ පයිසර් බයොන්ටෙක් එන්නත් ලක්ෂයක් ලැබුණි.