Tuesday, July 16, 2024

රාජපක්ෂවරු කොවිඩ් මුවාවෙන් උද්ඝෝෂණ හා රැස්වීම් තහනම් කරති!

ඡායාරූපය: මේ නියෝගය  බොරලන්ද ගොවි විරෝධය වැනි උද්ඝෝෂන මැඩලීමටය.

කොවිඩ් වසංගතය දඩමීමා කර ගනිමින් ගෙන යන මර්දනයේ පියවරක් ලෙස රාජපක්ෂ ආන්ඩුව සියලු උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම තහනම් කර තිබේ.

පසුගියදා රාජපක්ෂවාදී භික්ෂුවකගේ අවමඟුල අවස්ථාවෙහි මෙවැනි කිසිඳු නීතියක් ක්‍රියාත්මක නොකරන ලදී.

එනමුත් පසුගියදා බොරලන්ද ගොවි ජනයා පෙහොර ඉල්ල කරන ලද උද්ඝෝෂනයට විරුද්ධව ආන්ඩුව මර්දන බලතල යෙදවා පස් දෙනෙකු අත්අඩංංඟුවට ගන්නා ලදී.

රට පුරා නැගී එන විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් මෙම නියෝග පවනා ඇතැයි සිවිල් සමාජ කන්ඩායම් විරෝධය පළ කරති.

පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති බවය. එනමුත් ආන්ඩුව පීසීආර්  පරීක්ෂන මන්දගාමී කර වසංගතය පාලනය කිරීමට ගතයුතු ඇත්ත පියවර මඟ හරමින් සිටී.

එම නිවේදනය පහත දැක්වේ.

Archive

Latest news

Related news