Sunday, May 19, 2024

ආණ්ඩුව පොහොර ඉල්ලන ගොවීන් දඩයම අරඹයි;බොරලන්දේදී ගොවීන් 05ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල, බොරලන්දේ පොහොර ඉල්ලා විරෝධතාවක නිරත වූ ගොවීන් 05 දෙනෙකු පොලීසිය විසින් ජූි 03දා  අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.

පොලීසිය අධිකරණයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා තිබේ. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බව අධිකරණය එම අවස්ථාවේදී දැනුම් දී තිබේ.

ඒ අනුව තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අතර ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න , සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණරත්න යන මහත්වරුන් සිටින බව ද පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ සෑම ප්‍රෙද්ශයකම ගොවීන් සිය දහස් ගණනින් පාළුවට යන තම වගාවන් සදහා පොහොර ඉල්ලා උද්ඝෝෂණ වල නිරතවන අතර මෙලෙස ගොවීන් අත්අඩංගුවට ගන්නේනම් රජයට ලක්ෂ ගණනක් ගොවීන් අත්අඩංගුවට ගැනීමට සිදුවනු ඇත.

July 3, 2021/ Colombo Xnews

Archive

Latest news

Related news